මෙයට ප්‍රධාන හේතුව පියයුරේ නිපදවන කිරි හරියාකාරව ඉවත් නොවීමයි. කිරි ඉවත් නොවීම පහත සදහන් තත්ව එකක් හෝ කීපයක් නිසා විය හැකියි.
- මව් කිරි දීමේ ආරම්භය ප්‍රමාද වීම.
 - දරුවා පියයුරට නිවැරදිව ඉරියව් නොවීම හා සම්බන්ධ නොවීම නිසා නිෂ්පාදිත කිරි ළදරුවාට නොලැබීම නිසා පියයුරෙන් කිරි ඉවත් නොවීම.
 - එක් පියයුරක පමණක් කිරි තදවීමට ප්‍රධාන හේතුව වන්නේ මව එම පියයුරට දරුවා නිවැරදිව සම්බන්ධ නොකිරීමයි. මීට හේතුව එම පියයුරේ තනපුඩුව පුමුඛව නොතිබීම නිසා විය හැකියි. එමෙන්ම පියයුරේ වැඩිපුර කිරි නිපදවීම වත් හේතුවකි.
 
- පියයුර තද ගතියකින් යුක්ත වීම.
 - පියයුරේ රුධිර නාල හොදින් විශාල වී පෙනීම.
 - වේදනාකාරී බව.
 - පසුව පියයුරේ කිරි ගැලීම නතර වීම.
 
පහතින් දක්වා ඇත්තේ වෛද්‍ය අනුමැතිය සහිත සරල ප්‍රතිකාර ක්‍රම කිහිපයක්.
- උණු වතුරෙන් පොගවාගත් රෙදි කඩකින් පියයුර තවන්න.
 - කිරි ටිකක් දොවා ඇරියෝලාව (තැන පුඩුව වටේ ඇති අඳුරු පති කොටස) මෘදු කරන්න.
 - දරුවා පියයුරට නිවැරදිව සම්බන්ධ කරන්න
 - දරුවා කිරි උරා බීමෙන් පසු පියයුරේ තවත් කිරි පිරී ඇත්නම් ඉතිරිය දොවා ඉවත් කරන්න.
 - දරුවාට කිරිදුන් පසු පියයුර සිසිල් වතුර පෙගවූ රෙදි කඩකින් ඔතන්න.
 - කිරි දෙන වාර ගණන වැඩි කරන්න.
 
































































                    
                  




































0 comments: