අපි
බොහෝ දෙනෙක් ආදරේට ආදරෙයි.... ආදරේ ලබන්න... වගේම ආදරේ කරන්න... බොහෝ
දෙනෙක් තමන් ගේ පෙම්වතිය පෙම්වතා තෝරගත්තට පස්සේ ඔහු හෝ ඇය එක්ක අනාගතය
සැලසුම් කරනවා... විවාහය... ජිවිතේ ඉදිරිය කොහොමද ගතකරන්නේ.... අනාගතය
සැලසුම් කරන්නේ කොහොමද... ඔන්න ඔය වගේ දේවල්...
මේ
බොහෝ දේ කරලා.... අවුරුදු ගානක් ආශ්‍රය කරලා විවාහ උනාට පස්සේ ටික කාලෙකදි
පවුලේ විවිධ ප්‍රශ්ණ ඇතිවෙනවා... දෙන්නට දෙන්නගේ තියන නොගැලපීම්, අනවබෝධය
දේවල ටික් ටික එළියට එන්න පටන් ගන්නවා... ආදරය කරන කාලේ කුරැළු ජෝඩුවක් වගේ
හිටපු අය නයා සහ මුගටියා චරිතය රඟපාන්න පටන් ගන්නවා.... ස්වාමියාට භාර්යාව
රුස්සන්නේ නැහැ... භාර්යාවට ස්වාමියාව රුස්සන්නේ නැහැ... ආදරය කරන කාලේ
පුංචි පුංචි දේ ඉවසලා.. සමාව දෙන..... ඒවා අමතක කරලා දාලා හිටපු දෙන්නා
විවාහ උනාට පස්සේ දෙන්නට දෙන්නගේ වැරදි අඩුපාඩු මතුකරනවා. ඒවා විවේඡනය
කරනවා.. සමහර වෙලාවට ප්‍රසිද්ධියේ.... ඒක්කෝ දෙමව්පියෝ එක්ක... යාලුවෝ
එක්ක... බිරිඳ ගේ සැමියගේ වැරදි කියනවා.... ඔවුන්ගෙන් උත්තර හොයනවා...
මේ
වගේ අවස්ථාවක දී ඊලඟ අදියර වෙන්නේ දෙදෙනා අතර ඇතිවෙන සැකය... බිරිඳ මේකට
බොහෝ විට මුල් වෙනවා... "තමුසේ මට ආදරේ නැත්තේ තමුසෙට ආදරේ කරන්න වෙන
එකියක් ඉන්නවා ඇති"...... මේ වගේ අදහසක් නිතරම හිතේ තියාගෙන කටයුතු
කරනවා... බිරිඳ කෙලින්ම මො චෝදනාව කරනවා... බොහෝ විට යම් බහින්බස් වීමක
අවසාන තුරැම්පුව විදියට බිරිඳ පාවිච්චි කරන්නේ මේ ආයුධය...
සැමියත්
එහෙමයි.... බිරිඳගේ නොරිස්සුමට හේතුව "මම වැඩට ගියාම මේකි වෙන එකෙක් එක්ක
මගුනල් නටන" හින්දා වෙන්න ඇති කියන සැකය ඇති කරගන්නවා...මේ වැඩේ දිගින්
දිගටම පවත්වාගෙන යාම තුලින් පවුල් ජීවිතය නීරස වෙනවා පමනක් නෙමෙයි, දැඩි
මානසික පීඩනයත් ආතතියත් හේතුවෙන් ඔහු හෝ ඇයි අවට පරිසරයට ඒ පිඩනය මුදා
හරිනවා... සමීපතමයින් පීඩාවට පත්වෙනවා....
ප්‍රේමවන්තයින්
විදියට ඉන්න ලද හැම අවස්ථාවක සිපගන්න.... තුරුල් කරගන්න වගේම එතනින් එහාට
යන්නත් බලාගෙන ඉන්න අය විවාහ උනාට පස්සෙ නිදියහනට යන්නෙත් සාලාක
ක්‍රමයට.... "ඔයා නිදාගන්න මම එන්නම්"... ලිංගික ජීවිතය උදාසීන වෙලා.... මේ
ගැන මීට පෙරත් නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් කියන්නේ නැති කථාවක්...තුලිනුත් මම පෙන්නලා දුන්නා...
බොහෝ
විවාහ උන පිරිමින්ට තමන්ගේ බිරිඳ හැර තමන්ගේ වටේ ඉන්න කාන්තාවන් ලස්සනට,
හැඩට පේනවා.. වාහනයක... එහෙමත් නැත්නම් පොදු ප්‍රවාහන සේවයක වැඩට
පිරිමියෙක් තමන් දකින කාන්තාවන් කීදෙනක් එක්ක හිතින් සංසර්ගයේ යෙදෙනවද ?
ෂික්... මේක මට ලැබුනේ නැහැනේ කියලා කනගාටු වෙනවද.....අපරාදේ නොබැඳ හිටියා
නම් කියලා කීපාරක් හිතනවද ? නමුත් පිරිමියා මේ සිතුවිළි හිතේ හිර කරගෙන
ඉන්නවා... ප්‍රකාශ කරන්නේ නැහැ....
ඒ
වගේම තමයි බොහෝ කාන්තාවන්... තමන්ගෙ පිරිමියා ඇරෙන්න ලොකේ ඉන්න හැම
පිරිමියාම ඇයට හොඳයි... තමන්ගේ පවුලට ආදරෙයි... භාර්යාවට ආදරෙයි.... බොහෝ
විට කාන්තාවන් මේ බව ප්‍රකාශ කරනවා.... "බලනවා අර අහවලාගේ හස්බන්ඩ් එයාට
කොයිතරම් ආදරේද ?" ..... "බලන්න අනේ අපේ මිනිහා....... ඊයේ රෑ 12 ත් පහු
වෙලා ගෙදර එනකොට"...... මේ වගේ බොහෝ චෝදනා කාන්තාව එළියට ප්‍රකාශ
කරනවා.....
මේ වගේ බොහෝ නොගැලපීම්.... චෝදනා.....හිත්තැවුල්... නොරිස්සුම්.. ආදී මෙකී නොකී දේ තුල විවාහ ජීවිතය අඩාල වෙනවා.....
ඒත්
ආයි මෙහෙම වෙන්නේ ..... පෙම්වතුන් විදියට දවසක් දෙකක් එකිනෙකා නොදැක ඉන්න
බැරිව.... කට හඬ අහන්න බැරිව හිටපු පම්වතුන්.... මෙහෙම වෙනස් වෙන්නේ
ඇයි..... මේ ගැන හිතන්න ඔබට බාර කරනවා..
මේ
ප්‍රශ්ණ කියල අහන්න හිතුනා.... ඔබ විවාහක ස්වාමියෙක් හෝ භාර්යාවක්
නම්..... ඔබ පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් ඔබට අවංකව මේ ප්‍රශ්ණ වලට උත්තර
දෙන්න....
1. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම පාට කුමක්ද ?
2. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම පාට කුමක්ද ?
3. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම මල කුමක්ද ?
4. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම මල කුමක්ද ?
5. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම ගීතය කුමක්ද ?
6. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම ගීතය කුමක්ද ?
7. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම කෑම කුමක්ද ?
8. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම කෑම කුමක්ද ?
9. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම බීම කුමක්ද ?
10. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම බීම කුමක්ද ?
11. ඔබේ සහකාරයා හෝ සහකාරිය අහනන් කැමතිම චවනය කුමක්ද ?
12.ඔබේ සහකාරයා හෝ සහකාරිය අහන්න අකැමතිම වචනය කුමක්ද ?
13. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම චිත්‍රපටය කුමක්ද ?
14. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම චිත්‍රපටය කුමක්ද ?
15. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම පලාත කුමක්ද ?
16. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම පලාත කුමක්ද ?
17. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම ඇඳුම කුමක්ද ?
18.ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම ඇඳුම කුමක්ද ?
19.ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම සංසර්ග ඉරියව්ව කුමක්ද ?
20.ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම සංසර්ග ඉරියව්ව කුමක්ද ?
ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමති දේ පිළිබඳව කොයි තරම් දැනුවත්ද ?..... 100 % නම් ඔබ හොඳ සහකාරයෙක් හෝ සහකාරියක්....
ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමති දේ පිළිබඳව කොයි තරම් දැනුවත්ද ?..... 100 % නම් ඔබ ඉතා හොඳ සහකාරයෙක් හෝ සහකාරියක්....
"කැමතිම දේ දැනගැනීමට වඩා අකමැතිම දේ ඈත් කිරීම තුලින් ආදරයට බොහෝ බලපෑම් කල හැකි බව තරයේ මතක තබා ගන්න......"
-මතු සම්බන්ධයි-
(ඇනෝ ඇතුලු සියලු අදහස් සංවාදයට හේතුකාරණා වේ)
0 comments: