ගෙදර දොර වැඩිපුර වගකීම් භාර ගැනීමට සිදුවන දවසක්. අද දින ව්‍යාපාරිකයන්ට ලාභ ගෙනදෙන අතර ආර්ථිකය යහපත් මට්ටමක තබා ගැනීමට හැකිවන බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකය. සුභ ආරංචියක් අහන්නට පුළුවන් දවසක්. මංගල යෝජනා බලාපොරොත්තුවෙන් සිටින අයගේ අපේක්ෂාවන් සඵල වෙයි.
වෘෂභ ලග්නය
අද දින ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතු දිනක්. රැකියා ස්ථානයේ ගැටලු මතුවිය හැකි අද දින, මිල මුදල් පිළිබඳ බලවත් දුෂ්කරතා ගෙනදිය හැකි බව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර මගින් පාඩු ගෙනදෙන අතර, මිතුරෙකු නිසා අස්ථාන චෝදනාවකට ලක් වීමට ඉඩ ඇති දවසකි. මානසික ප්‍රීතියට බාධා සිදුවේ.
මිථුන ලග්නය
ගමන් බිමන් අධික දිනයක්. අද බලාපොරොත්තු වූ කටයුතුවලින් කිහිපයක් පමණක් සාර්ථක කර ගැනීමට හැකි වන බව පෙනීයයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවල වෙනසක් ඇති නොකරනු ඇත. වැය පස ඉහළ යන අතර, තැන්පත් ධනය ස්ථාවරව තබා ගැනීමට අපොහොසත් වේ.
කටක ලග්නය
රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකි වන අද දින අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ට යහපත් දවසකි. ව්‍යාපාරික කටයුතු උසස් මට්ටමක පවතින අතර ආදායම් තත්ත්වය ශුභදායක බව පෙන්නුම් කරයි. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවිය හැකි දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
සිංහ ලග්නය
වැදගත් කටයුතු රාශියක් සාර්ථක කර ගැනීමට හැකිවේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල උසස් ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින ආර්ථිකයේ ශුභවාදී තත්ත්වයක් උදාවන බව පෙන්නුම් කරන අතර උසස් හිත මිත්‍ර සබඳතා ඇතිවේ. පවුලේ සමගිය වර්ධනය වේ.
කන්‍යා ලග්නය
රැකියාවේ නව නැම්මක් ඇතිවනු ඇත. වෙළහෙලඳාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වෙයි. ආදායම් තත්ත්වය උසස් මට්ටමක තබා ගැනීමට හැකි වන අතර, අධ්‍යාපනයේ යෙදී සිටින සිසු සිසුවියන්ට යහපත්ය. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවිය හැකි දවසකි.
තුලා ලග්නය
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු අයට විශේෂ දියුණුවක් අපේක්ෂා කළ හැකි අද දින රැකියා කටයුතු යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායක වන අතර ආදායම් මාර්ග පාදා ගැනීමටත් තැන්පත් ධනය වර්ධනය කර ගැනීමටත් හැකිවන දවසකි. පවුලේ සමගිය උදාකෙරේ.
වෘශ්චික ලග්නය
රැකියා කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. නව රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාරිකයන්ට වාසි සලසාගත හැකි අතර අද දින ප්‍රමාද වූ වැඩ කටයුතු රාශියක් ඉටුකර ගැනීමට හැකිවන දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.
ධනු ලග්නය
රැකීරක්ෂා, ව්‍යාපාරික දියුණුව හා තනතුරු උසස්වීම් ආදිය ලැබිමේ භාග්‍ය ඔබවෙත ළඟාවිය හැකි අද දින කල් ගතවූ ණය මුදලක් ලබාගත හැකි බව පෙන්නුම් කරයි. ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක්. අධ්‍යාපන කටයුතු අඩපණ වීමට බොහෝ සෙයින් ඉඩ ඇති දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.
මකර ලග්නය
වාසනාවන්ත දිනයක්. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ද, රැකියා උසස්වීම් ද ලබාගත හැකි අද දින ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර, අවුල් සහගත ප්‍රශ්නයක් ඉතා සාර්ථක ලෙස නිරාකරණය කරගැනීමට හැකිවේ. ඔබට අද මුදලක් ඉතිරි කරගත හැකි දවසක්. ඔබේ සහජ දක්ෂතා මතුවන දවසකි.
කුම්භ ලග්නය
උසස් අධ්‍යාපනය හෝ රැකියා සඳහා විදෙස් ගතවීමට අපේක්ෂා කරන්නන්ගේ බලාපොරොත්තු ඉටුවිය හැකි අද දින උසස් අයගේ ආධාර උපකාර ලැබිමෙන් සිතේ සතුට හා උදේයා්ගීභාවය ගෙනදෙන අතර අනපේක්ෂිත සිද්ධීන්වලට මුහුණ පෑමට සිදුවිය හැකි දවසකි.
මීන ලග්නය
ව්‍යාපාරික කටයුතුවලින් ලාභ ලබාගත හැකි අද දින රැකියා කටයුතු සතුටුදායකය. ආර්ථිකයේ සුවිශේෂ වර්ධනයක් ගෙන දිය හැකි අතර, ගමන් බිමන් සඳහා වෙනදාට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව පෙන්නුම් කරයි. පවුලේ සමගිය වර්ධනය වේ. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවන දවසකි.
0 comments: