Saturday, January 3, 2015

බි‍්‍රතාන්‍ය කෘත‍්‍රිමව ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවයි

by Api Nodanna Live  |  in Sex Education at  8:31 PM

ලොව පළමු වරට කෘත‍්‍රිම ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවීමට යේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයීය විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.
මේ සඳහා නොමේරූ මිනිස් ප‍්‍රාග් ෙසෙල හා චර්ම ෙසෙල භාවිතා කර තිබේ.  මින් පෙර මීයන්ට අදාළව මෙය සාර්ථකව සිදුකර තිබුණද මිනිස් ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවූ පළමු අවස්ථාව මෙයයි.
විද්‍යාඥයින් විසින් නිපදවා ඇති බීජාණු ෙසෙල විකාශනය වීමෙන් ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවීමේ හැකියාව පවතී.  කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ භෞතවේදය හා ප‍්‍රජනනය පිළිබඳ මහාචාර්ය අසිම් සුරානි පවසා ඇත්තේ සියලූ පරම්පරා අතර සම්බන්ධය ගොඩනගන පුරුක වන්නේ මේ බීජාණු ෙසෙල බවයි.
ජෛව විද්‍යාවට අනුව ඩිම්බයක් ශුක‍්‍රාණුවක් මගින් සංසේචනය වූ විට බ්ලාස්ටොසිස්ට් නම් ෙසෙල කණ්ඩායමක් හටගන්නා අතර ඒවා පසුව කළලය හා වැදෑමහ බවට පත්වේ.  ඇතැම් ෙසෙල ප‍්‍රාග් ෙසෙල බවට පත්වන අතර ඒවා අන්  ඕනෑම ෙසෙලයක් බවට පත්වීමේ හැකියාව අත්පත් කරගනී.
සමහරක් ෙසෙල බීජාණු බවට පත්ව ශුක‍්‍රාණු සහ ඩිම්බ බවට විකාශනය වෙතැයි පැවසේ.  ෙසෙල ශුක‍්‍රාණු හෝ ඩිම්බ බවට පත්වීමට බලපාන SOX17 නම් ජානයක් හඳුනාගැනීමට කේම්බි‍්‍රජ් විද්‍යාඥයින් සමත්ව ඇති අතර එය දින 5ක් පුරා ප‍්‍රාග් ෙසෙල වලට යෙදීමෙන් කෘත‍්‍රිම බීජාණු නිපදවීමට ඔවුන් සමත්ව ඇත.
ඔවුන් පවසන්නේ සිරුරේ  ඕනෑම ෙසෙලයක් මගින් බීජාණු නිපදවීමේ හැකියාව තවම නැති නමුත් ජාන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ නව අවබෝධයක් මේ හරහා හිමිවූ බවයි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.