Wednesday, January 14, 2015

මැතිවරණය දා රාත්‍රියේ සිදුවීම ගැන හිටපු ජනපති මහින්දගෙන් හෙළිදරව්වක්

by Api Nodanna Live  |  in Sri Lanka at  10:04 AM


නිමාවූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කරන අතර හමුදාව යොදාගෙන ප්‍රතිඵල වලට බලපෑමක් කිරීමේ උත්සාහයක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන මාතෘකාවක් වූ නිසාවෙන් ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ පැහැදිලි කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම කටකතාවන් හිතාමතා ගොතන ලද අසත්‍ය ප්‍රකාශයන් බවයි.


එමෙන්ම තමන් අදාල වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවටද ඔහු ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශකොට තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමන් එවැනි ක්‍රියාවක් සිදු නොකල බවත් අවසන් ප්‍රතිඵලය පිළිගත් බවත් එම නිසාවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභපතන බවත්ය.

එමෙන්ම තමන්ට පරාජය හුරුබවත් ජනමතයට ගරුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශකොට තිබේ.

රාජපක්ෂ මහතාගේ පණිවුඩය පහතින්...

Related Posts

0 comments:

Proudly Powered by Blogger.