Tuesday, January 6, 2015

ඔබේ මහපට ඇඟිල්ල ඔබ ගැන කියන කතා

by Api Nodanna Live  |  in Life at  10:20 PM

අත්ලේ සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වන ප්‍රබල ඇඟිල්ලකි. (පසුව එන ලිපියකින් අත්ලේ ඇති විවිධ මණ්ඩල ගැන විමර්ශනය කෙරේ.) මෙම මහපට ඇඟිල්ල විමසා බැලීමෙන් යම් යම් පුද්ගලයන්ගේ ගති ස්වරූපයන් බොහෝ දුරටත් අධ්‍යයනය කළ හැකියි.
යමකුගේ මහපට ඇඟිල්ල පිටුපසට නැමීමේදී (මෙහිදී වෙනත් ආධාරකයක් නොමැතිව)එතරම් නොනැමෙන ඇඟිල්ලක් ඔබට පවතී නම් ඔබ කිසිම විටෙක නොසැලෙන ආත්ම විශ්වාසයක් ඇති, ඍජු ගතිගුණ ඇති අවංක මහා පෞරුෂයකින් යුත් අයෙකි.
ජීවිතය ගැන මනා අවබෝධයක් ඔබට ඇත. ඔබ ජීවිතය ගැන ගැටලු බාධක හමුවේ පසු නොබසින දැඩි මතධාරියෙකි. සමාජයේ පිළිගත් ගෞරවනීය පුද්ගලයෙකි. සමාජය ඔබට-ඔබගේ පෞරුෂයට ඔබගේ තේජසට ගරු කරනු ඇත. මහා ප්‍රතාපයෙකි.
ඔබගේ මහපට ඇඟිල්ල පිටුපසට පහසුවෙන් නැමෙනසුලු නම් ඔබ මහා සංවේදී පුද්ගලයෙකි. අලංකාර දෙයට කැමැති ශෘංගාරය ප්‍රිය කරන ජීවිතයේ උඩින් අතපත ගාන්න උත්සාහ ගන්නා බොළඳ හදවතක් ඇත්තෙකි. ආදරය කරන්නට හැකියාව ඇතත් පරාජය පිළිගන්නට නොහැකියි.
ගැඹුරක් නොදකින හදවතක් ඇති නිසා සංවේදීය. දුක, වේදනාව දරාගන්න අපහසුයි.
ඇතැම් විට මේ දෙකම මිශ්‍ර ඇඟිලි පවතී.
සාමාන්‍ය ප්‍රමාණයකට නැමෙනසුලු ගති ඇති ඇඟිලි ඇත්නම් ඔබ මේ චරිත දෙකම මිශ්‍ර පුද්ගලයෙකි. ඔබ නිර්භීතය. භාර ගන්නා කටයුතු ඉටු කළත් ඒ ගැන අවබෝධයක්, අධ්‍යයනයක් ලබන්න ඔබ අවස්ථාවක් ලබා නොගනී. ජීවිතය සරලව සලකන අතර කියන දේ කරනවා විනා සිතා මතා යමක් නිර්මාණශීලීව කරන්න හැකියාවක් නොමැත.
ඇතැම් පුද්ගලයන්ගේ මහපට ඇඟිල්ල අත්ලේ ප්‍රමාණයට වඩා කුඩාය. ඔවුන් වාචාල කටමැත ‍ෙදාඩවන සරාගී පුද්ගලයන්ය. ඔවුන්ගෙන් ආරක්ෂා වීම මැනවි.
බොහෝ දුරට රාගික චරිත ඇත්තේය. තමාගේ තෘප්තිය සඳහා ඕනෑම දෙයක් කරන්නට පෙලඹිය හැකියි. කතා කිරීමේදී තැන නොතැන නොබලා හාස්‍යය සහ ශෘංගාරයට බර වදන් භාවිත කෙරේ. මේ නිසාම සමාජයේ පිළිගැනීම අඩු පුද්ගලයෝ වෙති.
ජීවිතයේ අර්ථයක් නොදකින ජීවත්වීමට සිදුවන නිසා ජීවත්වන පුද්ගලයන් මේ ගණයට අයත්ය. සමාජයට එතරම් සේවයක් සිදු නොවෙයි.
එසේම ඇතැමුන්ගේ ප්‍රමාණයට වඩා විශාල මහපට ඇඟිලි කලාතුරකින් දැකිය හැකිය. ඔවුහු බොහෝ උගත් ඇසූ පිරූ තැන් ඇති වියත් පුද්ගලයන්ය. බොහෝ දූරදර්ශී බුද්ධියක් ඔවුන් සතුය. පූර්ව පුණ්‍ය බලයෙන් යුක්ත ශේ්‍රෂ්ඨ චරිත මේ ගණයට අයත් වෙයි.
අත්ලේ බොහෝ පහළින් (දබරඟිල්ලට බොහෝ අෑතින් ) මහපට ඇඟිලි ඇති පුද්ගලයන්ද සිටී. ඔවුන් බොහෝ කරුණාවන්තය. සමාජශීලීය.
ඕනෑම කටයුත්තක් ඉතාම විමසීමෙන් යුතුව කටයුතු කරන අතර අනුන්ගේ දුක සැප දෙකේදීම එක සේ පිහිටට පැමිණෙන පරිත්‍යාගශීලී ගතිගුණ ඇති අවංක පුද්ගලයන් පිරිසකි. බුද්ධිමත්ය. පරිසරයට බොහෝ ආදරය කරන පරිසර වේදීන්ය. පරිත්‍යාගශීලීය.
ඔවුන් සමාජයට සම්පතක් වන අතර සමාජය ඔවුන්ගේ උදවු උපකාර උපදෙස් බලාපොරාත්තු වෙයි.
මහපට ඇ¼ගිල්ලේ නියපොත්ත සහිත පුරුක සහ අනෙක් පුරුක සංසන්දනය කිරීමේදී වැදගත්ය.
මේ නියපොත්ත සහිත පුරුක අනෙක් පුරුකට වඩා දිගු නම් ඔහු අධිෂ්ඨානශීලීය. ධෛර්ය සම්පන්නය. තර්ක කිරීමේ හැකියාව බොහෝ දුරට ඇත.
එසේම දෙවැනි පුරුක වඩා දිගුනම් අලස ගති ඇති අයෙකි. ජීවිතය අසාර්ථකය. වැඩකටයුතු කල් දැමීම පුරුද්දක් ලෙස කරගෙන යයි.
මහපට ඇඟිල්ල සහ දබරඇඟිල්ල එක ළඟ තබාගෙන බැලීමේදී මහපට ඇඟිල්ල දබර ඇඟිල්ලේ මුල් පුරුකට වඩා දිගු නම් ඔහු අධිෂ්ඨානශීලී ගති ඇති තර්ක කිරීමට හැකියාව ඇති දාර්ශනිකයෙකි. මුල් පුරුකට වඩා කෙටිනම් බුද්ධිය අඩුය. අලසය.
මහපට ඇඟිල්ලේ නියපොත්ත සහිත පුරුක සහ මැද පුරුක (දෙවැනි පුරුක) දෙකම එක සමානනම් අධිෂ්ඨානශීලී, බුද්ධිමත් සමාජය ගරු කරන මැදිහත් සිතුම් පැතුම් ඇති සාමකාමී පුද්ගලයෙකි. බුද්ධිමතෙකි.
අත්ලට නොගැළපෙන තරම් කුඩා වූ මහපට ඇඟිල්ලක් ඇත්නම් එයට අසුබය. විචාරශීලී බවින් තොරය.
අත්ලේ මහපට ඇඟිල්ලේ ඇති ඇතැම් දෝෂ වෙනත් හේතු නිසා භංග වෙයි. ඔබගේ කුජ මණ්ඩලය බලවත් නම් මේ දෝෂ භංග වීමක් වෙනවා ඇත.
මහපට ඇඟිල්ලේ ආරම්භය වන සිකුරු මණ්ඩලය උස්ව මනාව වැඩී ඇත්නම් මේ මහපට ඇඟිල්ලේ ඇති බොහෝ දෝෂ අඩුව යනු ඇත. ඒ නිසා ඇඟිල්ල දුටු පමණින්ම තීරණයකට බැසීම අසාධාරණයි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.