Sunday, January 4, 2015

අනාරක්ෂිත ලිංගික එක්වීමක්

by Api Nodanna Live  |  in Sex Education at  7:49 AM

ගැටළුව:
මා මාගේ මිතුරියක් (Girlfriend නොවේ) සමග නොසිතු ලෙස කලින් සැලසුම් නොකල අනාරක්ෂිත ලිංගික එක්වීමක් ජූනි 2 දින පෙරවරැ 1ට පමණ සිදුවූවා.මුලදීම මා හට ඇද සිටි කලිසමේම ධාතු පහවුනු අතර පසුව (විනාඩි 15-20කින් පසුව) මා ඇගේ යෝනි මාර්ගයට එය ඇතුලු කලා.ඒ වන විට මාගේ ශිෂ්ණයේ ධාතු නොවු බව මගේ මතකය වේ.මෙසේ වැඩිවේලාවක් (විනාඩි 2-3 පමණ කාලයක් පමණ) මා යෝනි මාර්ගය තුල එය තබා නොසිටි අතර යෝනි මාර්ගය තුලදී ධාතු පහනොවුන බවක් මා හට මෙන්ම ඇයටද බොහෝ දුරට විශ්වාසය.
නමුත් පසුව ඇතිවුණු සැකය හේතුවෙන්  postinor 2 පාවිච්චිකලා. පළමු පෙත්ත ජූනි 2 දින (එදිනම) පෙරවරැ 10.30ට (පැය 9.30 කට පමණ පසු) ගත් අතර දෙවන පෙත්ත එදිනම පස්වරැ 10ට (පැය 11.30 කට පමණ පසු) ගත්තා.
ඇගේ ඔසප් වීම සිදුව ඇතිතේ මැයි මස 29 දිනයි.එනම් මෙම සිදුවීමට දින 3කට පෙරයි.මා ඇය සමග එක්වන දිනයේද ඔසප් වීම සිදුවෙමින් තිබුන බවට (නමුත් එහි ලේ තිබුනේ නැත) ඇය දන්වා සිටියා.
මාගේ වයස අවුරැදු 30ක් වන අතර ඇයට 27ක් වේ.මෙය මාගේ පළමු ලිංගික එකතු වීමද වේ.
01. මෙය ගැබ් ගැනීමක් දක්වා දුර දිග යයිද?
02. ඊට පෙර මා හට කල හැකි යමක් වේද?
03. ඇයගේ මීලග ඔසප් වීම සලකා බලා postinor 2 අසාර්ථක නම්, කල හැකි වෙනත් යමක් වේද?           
කරැණාකර කඩිනම් පිළිතුරැ බලාපොරොත්තු වේ..නිර්නාමිකයි-2013-06-05

පිළිතුර :

හිතවත් පාඨකය,

මා දන්නා තරමින් ඔබට අන්වීක්ෂීය හැකියාවක් ඇති බවක් නැති බව පැහැදිලිය. එබැවින් ඔබ දාතු ශිෂ්ණයේ දාතු නොතිබූ බව සහතික කරන්නේ කෙසේද? දාතු යනු සුදු පැහැ දියරයම නොවේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලිංගික එක්වීම් අවධානම් බව මතක තබා ගන්න. ඔබගේ මිතුරිය හදිසි උපත් පාලන පෙති නියමිත අයුරින් භාවිත කර ඇති බව පෙනේ. එබැවින් බිය වීමක් සිදුවිය යුතු නැත. ඔසප් වීමෙන් දින 12-16ත් අතර සිදුවන ලිංගික එකතු වීම් වලින් ගැබ් ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව සලකන්න.
01. නැත
02. කළ හැකි දේ දැනට ප්‍රමාණවත් වේ.
03. මීළඟ ඔසප් වීම සිදුනොවුනතින් , ඔබ දෙපළට අනේක වාරයක් උණුසුම් සුභ පැතුම්!!


ගැටළුව:

වැඩිදුරටත් පැහැදිලි කර ගැනීමක් සම්බන්ධව..
මා ඉහත සදහන් කල පරිදි අප එක්වන දින වන විට ඇගේ ආරම්භක ඔසප් දිනය වන (29 දින) පසුවී දින 3ක් පමණ ගතවී තිබිණි.ඒ වන විටද එය සිදුවන බව ඇය පැවසුවද අප එක්වන මොහොතේදී මා එවැන්නක් දුටුවේ නැත.පසු දිනද ඇය සනීපාරක්ෂක තුවායක් පැළද සිටිනු මා දුටුවා.
01. ඔබ සදහන් කර ඇති දින දින 12-16ත් අතර කාල සීමාවට මෙම එක්වීම හසුනොවන බව මගේ අවබෝධයයි.මෙය නිවැරදිද?(හැකිනම් කෙටි හෝ පැහැදිලි කිරීමක් කරන්න)
02. ඇගේ මීලග ඔසප් දිනය සිදුවිය යුතුතේ 26 වන දිනද?
03. මෙය කොපමණ කාලයක් ප්‍රමාද වුවහොත් ගැබ් ගැනීමක් සිදුවේ යැයි සිතිය හැකිද?
                                                                                                                          නිර්නාමිකයි-2013-06-05
පිළිතුර :

හිතවත් පාඨකය,

01. ඔබ නිවැරදියි. සාමාන්‍ය වශයෙන් ගර්භාෂ බිත්තිය බිඳ වැටී නැවත සකස් වීමට දින 12-14 අතර කාලයක් ගත වන අතර ඉන් පසුව ඩිම්බයක් පිටවීම සිදුවේ. සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණුවක් දින 3-5 අතර යෝනි මාර්ගය තුළ සක්‍රියව පවතියි.

02. 26ත් 01ත් අතර සිදුවිය යුතුය.

03. ඔසප් වීම නතර වුවහොත් ගැබ් ගැනීම් පරික්ෂණයක් කරගන්න.

0 comments:

Proudly Powered by Blogger.