Tuesday, November 18, 2014

හොල්මන් ඇත්තටම තියෙනවාද?

by Api Nodanna Live  |  in Sri Lanka at  10:27 PM

 අවතාර යනු එදා මෙන්ම අදද ආන්දෝලනයට හා විවාදයට තුඩු දුන් සිදුවීමකි. ඒ විවිධ පිරිස් පියවි ඇසට නොපෙනෙන බව කියන මේ හොල්මන් ගැන දරන පරස්පර විරෝධී මත නිසාය. හොල්මන් යනු මනසින් මවා ගන්නා සිදුවීම් හෝ මනෝභ්‍රාන්තීන් බවට ඇතැම් විද්වතුන් තර්ක කරද්දී අධිමානසික විද්‍යා පර්යේෂකයන් හා ගවේෂකයන් සාක්ෂි ඇතිව තරයේම කියන්නේ මිනිස් සංවේදනයන්ට ගෝචර නොවන එබඳු අදෘශ්‍යමාන බලවේග ලෝකයේ සැරිසරන බවයි. සිය තර්කයන් තහවුරු කිරීමට මෙබඳු ගවේෂක පිරිස් ඕනෑම අන්තයකට යෑමට පෙළඹෙන්නේ ජීවිත අවදානමද නොතකමිනි.
එඩ්වඩ් (එඩ්) වොරන් හා ඔහුගේ බිරිය වන ලොරේන් රීටා වොරන්ද හොල්මන් අවතාර ලුහුබැඳ ගිය එබඳු අධිමානසික විද්‍යා ගවේෂකයන් යුවළකි. අවතාර ලුහුබැඳ යාමෙන් නොනැවතුණු වොරන් යුවළ හොල්මන් සමග ලද සිය අත්දැකීම් අනුසාරයෙන් කෘති ගණනාවක්ද, චිත්‍රපට තිරපිටපත් කීපයක්ද රචනා කළ අතර අවතාර පසුබිම් කරගත් රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපටවලටද සිය නොමසුරු දායකත්වය ලබා දුන්නෝය.
1926 සැප්තැම්බර් 7 දා උපන් එඩ් වොරන් වෘත්තියෙන් ‍පොලිස් නිලධාරියෙකි. දෙවන ලෝක යුද සමයේදී ඇමෙරිකානු නාවික හමුදා නිලධාරියෙකු ලෙසද සේවය කළ එඩ් වොරන් පසු කාලයේදී අධිමානසික විද්‍යා ක්ෂේත්‍රයට නැඹුරු වූයේ ගුප්ත සිදුවීම් කෙරෙහි දැක්වූ දැඩි කැමැත්ත නිසාය. දැනට ජීවතුන් අතර නැති වුවද විද්වත් ගණයේ භූත විද්‍යාඥයෙකු, අධිමානසික විද්‍යා ගවේෂකයෙකු, ‍ලේඛකයෙකු හා දේශකයෙකු ලෙස අදටද එඩ් වොරන්ට හිමි වන්නේ ඉහළ පිළිගැනීමකි. ඔහුගේ බිරිය වන ලොරේන්ද අධිමානසික විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති, මළවුන් සමග කතා කිරීමේත්, නොපෙනෙන බලවේග සමග ගනුදෙනු කිරීමේත් අසාමාන්‍ය හැකියාවක් තිබූ තැනැත්තියක් වන අතර, එඩ් වොරන්ගේ කටයුතු සඳහා ඇගෙන් ලැබුණු සහයෝගය ඉමහත්ය. 2006 දී එඩ් වොරන් මියගිය අතර ඔහු වළලනු ලැබුවේද සුදු ඇඳගත් කතක් හොල්මන් කරන බව කියැවෙන සුසාන භූමියකය. සැමියාගේ මරණයෙන් පසුවත් ඔහු ඇරඹූ අධිමානසික විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධ විමර්ශන අඛණ්ඩව කරගෙන යාමට ලොරේන් පෙළඹී සිටින්නීය. විමර්ශන කටයුතුවලට අමතරව ඇය කනෙක්ටිකට් නුවර පිහිටි සිය නිවස පිටුපස පෞද්ගලික මට්ටමින් ගුප්ත විද්‍යා කෞතුකාගාරයක්ද පවත්වාගෙන යන්නේ සිය බෑණාගේ ආධාරය ඇතිවය.
අධි මානසික විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් පුරෝගාමී මෙහෙයක් ඉටුකළ වොරන් යුවළ 1952 දී පිහිටු වූ ‘භූත විද්‍යා ගවේෂණය උදෙසා වූ නව එංගලන්ත සංගමය’, නව එංගලන්තයේ පිහිටි අවතාර ලුහුබැඳ යන්නන් වෙනුවෙන් පිහිටුවූ පැරණිම සංගමයයි. ඉන් බොහෝ කලකට පසු වොරන් ගුප්ත විද්‍යා කෞතුකාගාරය විවෘත කෙරිණි.
මෙම සංගමය සිදුකරන භූත විද්‍යා ගවේෂණ සඳහා වෛද්‍යවරුන්, ගවේෂකයන්, ‍පොලිස් නිලධාරීන්, සිසුන් මෙන්ම දේවගැතිවරුන්ගේද සහය ලබා ගැනෙන අතර වොරන් යුවළ එබඳු අධිමානසික විද්‍යා ගවේෂණ දසදහසකට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය ලබාදී ඇති බව කියැවේ. ඒ සියල්ල අතරින් පෙරමුණ ගන්නේ ඇමිටිවිල් නිවසට අරක්ගත් ගුප්ත බලවේග සම්බන්ධයෙන් ඔවුන් කළ විමර්ශනයයි.
ඇමිටිවිල් අවතාර අසූව දශකයේදී ඇමෙරිකාව පමණක් නොව සමස්ත ජාත්‍යන්තරයම භීතියෙන් මුසපත් කළ ඇමෙරිකාවේ ඇමිටිවිල්හි අංක 112, ඕෂන් ඇවනියු නිවසට අරක්ගත් හොල්මන් සම්බන්ධ සිද්ධිය විමර්ශනයට මුලින්ම එක්වූවන් අතරට එඩ් හා ලොරේන් යුවළද ඇතුළත්ය. දැවැන්ත මුදලක් ආයෝජනය කොට ජෝර්ජ් හා කැති ලුට්ස් යුවළ මිලදී ගත් මෙම නිවසේ සිය දරු තිදෙනා සමග ඔවුන්ට ගත කිරීමට හැකිවූයේ දින විසිඅටක් පමණි. ඒද පියවි ඇසට නොපෙනෙන බියකරු අමනුෂ්‍ය, යක්ෂ බලවේගයන්ගේ අණසකට යටත්ව අනේකවිධ කරදර විඳිමිනි. තවදුරටත් සිය නිවසේ සිදුවන පැහැදිලි කළ නොහැකි බියකරු සිදුවීම් දරාගත නොහැකිව නිවසින් පලා යාමට ලුට්ස් පවුල පෙළඹවූ ඇමිටිවිල් අවතාර ගැන විමර්ශනය කළ වොරන් යුවළ එය ‘බොරු මවාපෑමක්’ නොවන බව අවධාරණය කළහ. ලුට්ස් යුවළ මුහුණ දුන් මෙම බිහිසුණු සිදුවීම් මාලාව ඇසුරෙන් 1977 දී ‘ජේ ඇන්සන්’ ලියූ ‍පොතටද වොරන් යුවළ ඇමිටිවිල්හි කළ විමර්ශනය ඇතුළත්ව තිබෙන අතර එම කෘතිය ඇසුරෙන් 2012 දී නිර්මාණය වූ වාර්තාමය චිත්‍රපටයකටද ලොරේන් වොරන් සිය දායකත්වය ලබා දුන්නාය. ලුට්ස් යුවළ නිවසින් පලා යාමෙන්  පසු තවත් භූත විද්‍යාඥයන් හා ‍පොලිස් නිලධාරීන් පිරිසක් සහ සමග එහි රාත්‍රීන් කීපයක් ගත කළ ලොරේන් හා එඩ් වොරන් සිය අධිමානසික හැකියාව ඇසුරෙන් තරයේම කියා සිටියේ අංක 112 ඕෂන් ඇවනියු නිවස අමනුෂ්‍ය බලවේගවල බලපෑමට නතුව ඇති බවයි.
කනෙක්ටිකට්හි යක්ෂයා 1981 දී ඇමෙරිකානු අධිකරණය හමුවට ගිය නඩුවක් සුවිශේෂී වන්නේ අමනුෂ්‍ය බලවේගයක බලපෑමට නතුවීම මත අපරාධය සිදුවූ බව කියමින් විත්තිකාර පාර්ශ්වය සිය නිවැරදිභාවය ඔප්පු කිරීමට උත්සාහ දැරීමක් පිළිබඳ වාර්තා වන පළමු නඩුව එය බැවිනි. සිය නිවෙස් හිමිකරුවා වූ ඇලන් බොනෝ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආර්නි ජොන්සන් තමා යක්ෂ බලපෑමකට නතුව සිටියදී මෙම අපරාධය සිදුවූ බව කියමින් සිය නිදොස් බව ඔප්පු කිරීමට උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැත. මෙම මරණය සම්බන්ධයෙන් වොරන් යුවළ විමර්ශනයක් සිදු කළෝය. මේ ඝාතනය සිදුවීමට පෙර ජොන්සන්ගේ පෙම්වතියගේ සහෝදරයාව යක්ෂ බලපෑමකින් මුදාගැනීමට වොරන් යුවළව ජොන්සන් විසින් කැඳවා තිබුණු අතර පසුව ඔවුන් ප්‍රකාශ කළේ සොහොයුරා පමණක් නොව අර්නි ජොන්සන්ටද යක්ෂයෙකු ආවේශ වී තිබුණු බවයි. මෙම ඝාතනය මෙන්ම ඊට අමනුෂ්‍ය බලවේගයන්ගෙන් එල්ලවූ බලපෑම සම්බන්ධයෙන් වොරන් යුවළ කළ ගවේෂණය 1983 ජෙරාල්ඩ් බ්‍රිට්ල් විසින් රචිත ‘ද ඩෙවිල් ඉන් කනෙක්ටිකට්’හි විස්තරකොට තිබේ.
කනෙක්ටිකට් හොල්මන් ‘පීටර් කොන්වෝල්’ විසින් අධ්‍යක්ෂණය කොට 2009 දී තිරගත වූ ‘ද හෝන්ටින් ඉන් කනෙක්ටිකට්’ චිත්‍රපටයට පසුබිම් වූයේ 1986 දී කනෙක්ටිකට් ප්‍රාන්තයේ සවුතින්ටින්හි විසූ ‘ස්නෙඩෙකර්’ පවුලට මුහුණ දීමට සිදුවූ අවතාර සම්බන්ධ සිදුවීම් මාලාවකි. ඔවුන් මිලදී ගත් නිවස කලින් අවමංගල්‍ය ශාලාවක් ලෙස භාවිත කරනු ලැබූවක් බවත්, එහි සේවය කළ අවමංගල්‍ය සංවිධායකයන් මළ සිරුරු යොදා ගනිමින් මන්ත්‍ර කටයුතු සිදුකළ බවත් ස්නෙඩකාර් පවුල විසූ නිවස පරීක්ෂාවට ලක් කළ වොරන් යුවළ කියා සිටියහ. එඩ් හා ලොරේන්, රේ ගාර්මින්, ඇල් හා කාමන් ස්නෙඩකර් විසින් රචිත ච්චපඬ නතචජඥ: ඊඩඥ ඵබධපර ධට  ච බපභඥ ඩචභදබඪදඨ’ හි දිග හැරෙන්නේ ස්නෙඩකර් පවුල විසූ නිවසට අරක්ගත් අවතාර හා ඒ පිළිබඳව  වොරන් යුවළ කළ ගවේෂණයයි.
ස්මර්ල් පවු‍ලේ කතාව ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ විසූ ජැක් හා ජැනට් ස්මර්ල් යුවළ 1974-1989 අතර කාලයේදී සිය නිවස අමනුෂ්‍ය බලවේගවල බලපෑමට ලක්වූ බව කියා සිටියේය. පැහැදිලි කළ නොහැකි දර්ශන දකින්නට හා අස්වාභාවික ශබ්ද අසන්නට ලැබුණු බවට ස්මර්ල් යුවළ කළ ප්‍රකාශ ඔස්සේ ඔවුන්ගේ නිවස පරීක්ෂා කළ වොරන් යුවළගේ තීරණය වූයේ එම නිවසට අවතාර තුනක් හා යක්ෂයෙකු අරක්ගෙන ඇති බවයි. මාධ්‍ය ඔස්සේද ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දුන් මෙම සිද්ධිය ඇසුරෙන් 1986 දී ‘ඊඩඥ ඩ්චභදබඥඤ’ නමින් ‍පොතක්ද, 1991 රූපවාහිනී නාට්‍යයක්ද නිකුත් විය.
මිනිස් වෘකයා මිනිස් වෘක හොල්මනක බලපෑමට හසුවූ බිල් රැම්සේ පුද්ගලයන් කීපදෙනකු සපා කෑමේ සිද්ධියද අනූව දශකයේදී ඇමෙරිකාව තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් විය. 1983 ජුනි 17 දා වොරන් යුවළ බිල් රැම්සේට ආවේශව සිටි වෘක ආත්මය පලවා හැරීමට සමත්වූ අතර පසුව මෙම සිද්ධිය අළලා ඔවුන් ‘එඥපඥඹධතට : ඒ බපභඥ ඵබධපර ධට ඤඥථධදඪජ නධඵඵඥඵඵඪධද’ යනුවෙන් ‍පොතක් රචනා කළෝය.
හැරිස්විල් අවතාර රොජර් හා කැරොලයින් පෙරන් යුවළ දියණියන් පස්දෙනාද සමග ඇමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ්හි, හැරිස්විල් ප්‍රදේශයේ වූ ගොවිපළක පදිංචියට යන්නේ එහි ඇති නිවසට හොල්මන් අරක්ගෙන ඇති බව නොදැනය. ඒ 1971දීය. දින කිහිපයක් තුළදී ඔවුන්ට අත්විඳීමට සිදුවන පැහැදිලි කළ නොහැකි බියකරු සිද්ධීන් හමුවේ රොජර් හා කැරොලයින් වොරන් යුවළගේ සහය පතන අතර නිවස මියගිය මන්ත්‍රකාරියකගේ බලපෑමට යටත්ව ඇති බව ඔවුහු හෙළි කරති. මායාකාරියගේ ශාපය නිසා එම නිවසේ පදිංචියට පැමිණෙන කවරෙකුට වුවද මරණය නියත බව වොරන් යුවළ වැඩිදුරටත් හෙළි කර තිබේ. හැරිස්විල් නිවස සම්බන්ධයෙන් කළ විමර්ශනය අළලා 2013 දී ‘ජේම්ස් වෑන්’ අධ්‍යක්ෂණය කළ ‘ඊඩඥ ඛිධදණභපඪදඨ’ චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූයේ හොල්මන් චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායමක් ලද චිත්‍රපට අතරට එකතු වෙමිනි. චිත්‍රපටය නිෂ්පාදනයට ලොරේන් වොරන්ගේ සහය ලැබුණු අතර ඇය චිත්‍රපටයේ සුළු චරිතයක්ද නිරූපණය කළාය.

ප්‍රියන්ති රුද්‍රිගු

Related Posts

0 comments:

Proudly Powered by Blogger.