සංගීත කණ්ඩායමක් වසර 25ක් තිස්සේ පවත්වාගෙන යාම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි මේරියන්ස් සංගීත කණ්ඩායමට නම් ඒ අපූරු ගමන එන්න පුළුවන් වුණා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. නලීන් පෙරේරාගෙ මෙහෙයවීම නිසාමයි. ජිප්පීස්ලාට පසුව මෙතරම් දිගු ගමනක් ආ එකම සංගීත කණ්ඩායම බවට මේරියන්ස්ලා පත් වුණේ නලීන්ගෙ නායකත්වය නිසාමයි. ඒ හැරත් කලින් කලට ඔවුන් ප‍්‍රාසාංගික වේදිකාවට හඳුන්වා දුන් වින්දනීය වෙනස්කම් නිසයි. මේ විදියට සංගීතයෙහි රසය ලබා දෙමින් අනෙක් බොහෝ දෙනා වින්දනයට පත් කළත් මේරියන්ස් නියමුවා වූ නලීන් පෙරේරාගේ පුද්ගලික ජීවිතය ගැන නම් පසුගිය කාලයේ බොහෝ දෙනා බොහෝ දේ කතා කළා. නලීන් පවුල හැර ගිහින්. නලීන් වෙන කසාදයක් කර ගන්නයි යන්නෙ. ඔය විදියට බොහෝ දෙනා කතා වුණා. නමුත් ”මේ ජීවිතයෙ මේ මගේ කැදැල්ල තරම් සොඳුරු කැදැල්ලක් තවත් කොහෙද තියෙන්නෙ?” නලීන් වඩාත් ලෙංගතු ස්වරයෙන් අද මුමුණන්නෙ ඒ විදිහටයි. මේ ඡායාරූප ගොන්නත් ඊට හොඳම සාක්‍ෂි වේවි. ඇත්තටම මේ නලීන් කියන්නෙ කවු ද? ඒ ගැන නලීන්ගෙ දියණිය ස්වේතා හට කියන්නට ඉඩ දෙමු.


ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය ගැන උපාධිය හදාරණවා.

මල්ලි නිකිල් තවම පාසල් අධ්‍යාපනය ලබනවා.

සංගීතයට මම ගොඩාක් ආසයි. ඒත් ගායන අංශය ගැන හිතුවෙ නැහැ. මල්ලි නිකිල් නම් හඬ පුහුණුවට යනවා.

ගොඩක් අය සිටිනවා. භාතිය සන්තුෂ්ලා ඇතුළු ගොඩක් ඊට ඇතුළත්. නමුත් ජත්‍යන්තර ගායිකා සෙලීන් ඩියොන්ගෙ ගීතවලට ගොඩාක්ම ආසයි.

තාත්තාගේ ඔක්කෝම ගීතවලට ආසයි. ඒ අතින් සඳළු තලය සහ අංජලිකාට ගොඩාක් කැමැතියි.

තාත්ති කරන මේ දේවල් ගැන මම ගොඩාක් සතුටු වෙනවා. එයාගෙ දක්‍ෂතා වගේම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම තාත්තිව අගය කරනවා.

ඇත්තටම නිදහසේ ඉන්න තියෙන වෙලාව තාත්තාට හරිම අඩුයි. නමුත් පුංචි හරි විවේකයක් ලැබුණොත් තාත්ති අපි එක්ක කොහේ හරි යනවා. හැබැයි ඒ පුංචි විවේකය ගෙදර ඉන්න තමයි කැමැති.

ඇත්තෙන්ම දෙන්නා ආදරයෙන් සිටින වග පෙනෙනවා. කෑම පිළියෙළ කළත්, ෂෝ එකකට යන්න ලැහැස්ති වුණත් ඒ සෑම දෙයකටම අම්මි ඕනෑ. අම්මිගෙ අතින් ”බත්” උයලා දෙනවට ආසයි.

සත්තකින්ම, තාත්ති නැවතත් අපි එක්ක එකතු වීම. ඒක මම හිතන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සතුටක් අපිට ගෙන දුන්නෙ.

ඒ දවස උදා වෙන කල් බලාගෙන හිටියා. දියණියක ලෙස මට කළ හැකි උපරිම දේ කළා. තාත්ති ගැන වගේම අම්මි ගැනත් හරි ආඩම්බරයි.

අම්මි ඇත්තටම මම දකින විදියට හොඳ ගෘහණියක්, හොඳ මවක්, හොඳ බිරියක්. අම්මි නැතුව මටත්, මල්ලිටත්, තාත්තිටත් ඉන්න බැහැ.


ඔව්, තාත්තිගෙ පසුගිය උපන් දිනය දවසෙ මල්ලි අතීත සිදු වීම් අලලා අපේ ලෝකයේ වීරයා තාත්ති කියලා වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබුණා. හරියටම උපන් දිනය ලබන වෙලාවෙ අපි ඒක තාත්තාට නරඹන්න සැලැස්සුවා. තාත්තා පුදුම වුණා. තාත්තා කොච්චර සංවේදී වුණා ද කිව්වොත් සතුටට ඇඬුවා. ”අනේ පුත් ආයෙත් නම් මේ වගේ මාව පුදුමයට පත් කරවන දේවල් කරන්න එපා. මගෙ පපුව පැලිලා යාවී” කියලා තාත්තා කිව්වා. මම, මල්ලි, ආච්චි, තාත්ති අපි එකට බදාගෙන අපේ පවුලේ එකතුව සනිටුහන් කළ ඒ මොහොත ඇත්තටම හරි හැඟුම්බර මොහොතක් වුණා.

තාත්තිගෙ උපන් දිනයක් දවසෙ තමයි අම්මාව හම්බ වෙලා තියෙන්නෙ. අම්මිටත් ආරාධනා කරලා තිබුණලූ. ඒ කතාවෙ ඉතිරි ටික අම්මිගෙන්ම අහන්න.

එදා ඒ උපන් දින පාටි එකෙන් පස්සෙ මගෙන් ඇහුවා. එතකොට මේරියන්ස් බෑන්ඞ් එක පටන්ගෙන මාස පහක් විතර ඇති. නලීන් කෙළින්ම අපේ ගෙදර ඇවිත් අම්මාට මේ ගැන කිව්වා. එතකොට මේරියන්ස්ලා ගැන රටේ කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ.

නැහැ. එයා කවදාවත් ජනප‍්‍රියත්වය ඔළුවට දාගත්තෙ නැහැ. කරන දේ හරියට කළා.

අපොයි ඔව්. බබාලා කුඩා කාලයේ දී නෑව්වේ පවා එයා. ඒ විදිහට ගෙදරදි මට ගොඩාක් සහයෝගය දුන්නා.

ඇත්තටම අපටත් ඒක හිතා ගන්න බැරි දෙයක් වුණා. එයා හොඳ කෙනෙක්. මම එකම අරමුණක හිටියෙ දරු දෙන්නව හදාගෙන ඉන්නවා කියන. මානසිකව වැටුනෙ නැහැ. දරුවන්ට එය දැනෙන්න දුන්නෙත් නැහැ.

ඒක පුදුම සතුටක්. ඇත්තටම දැන් අතීතයේ එහෙම දෙයක් වූ වගවත් අපට දැනෙන්නෙ නැහැ.

ඔව්, මම ලැප්ටොප් එකක් අරන් දුන්නා.

සඳළු තලය, නාරිලතා, අංජලිකා ඒ වගේ ගොඩක් ගීත තියෙනවා.

ගොඩාක් කැපවීම. අදටත් සතියට දින දෙකක් පුහුණු වීම් කරන එකම බෑන්ඞ් එක මේරියන්ස්ලා වෙන්න ඇති. දැන් ඇකඩමි එකක් පටන් ගත්ත නිසා ඉස්සරටත් වඩා නලීන් කැප වෙලා.
පසුතලය - Pledge Hotel, Negombo.
0 comments: