Tuesday, November 25, 2014

ඇමති මර්වින්ට උසාවිය ඉදිරිපිට දී විරෝධය.

by Api Nodanna Live  |  in Sri Lanka at  4:17 AM

මාලක සිල්වාගේ නඩුව සඳහා පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා වෙත එක්තරා පුද්ගලයෙකු විරෝධය පළ කිරීම නිසා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (25) පෙරවරුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් අතිරේක මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් නඩුව පස්වරු 1 දක්වා කල් දැමුවේ සාක්ෂිකරුවන් පැමිණ නොසිටීම නිසයි.

පසුව අධිකරණයෙන් එළියට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළේ ඔහු ආණ්ඩුවෙන් ඉවත් වන බවට පැතිර යන ආරංචි පිළිබදවයි. තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගන්නා තීරණ සමඟ තමන් සිටින බවත් ඔහු එහිදී කියා සිටියා. එම අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දෙස සිට වාහනයකින් බැස පැමිණි පුද්ගලයෙකු අමාත්‍ය මර්වින් සිල්වාගේ පිළිතුරට විරෝධය පළ කළා. එම පුද්ගලයා කියා සිටියේ තමන්ටත් අසාධාරණයන් සිදුව ඇති බැවින් අමාත්‍යවරයා එලෙස ප‍්‍රකාශ නොකළ යුතු බවයි. පසුව අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් එම පුද්ගලයාව අල්ලා ගැනීම සදහා යම් උත්සාහයක් දැරූ අවස්ථාවේ තරමක උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව එම පුද්ගලයා ආරක්ෂකයන්ගේ මිදී සිය වාහනයේ නැගී පිටත්ව යනු දක්නට ලැබුණා.

0 comments:

Proudly Powered by Blogger.