Tuesday, November 18, 2014

කාන්තා ක‍්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ සුදු නෝනා ඉවතට

by Api Nodanna Live  |  in Sri Lanka at  4:03 AM

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රශ්නවලට මුල් වී ඇති සුදු නිලධාරිනියක ඉවත් කිරීමට තමන් උපදෙස් දුන් බව ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.
‘කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ අල්ලස් සිද්ධියක් ගැන ලොකුවට වාර්තා පළවුණා.  නමුත් තවමත් එකම ක‍්‍රීඩිකාවක හෝ එවැනි සිද්ධියක් ගැන පැමිණිලි කර නැහැ.  මා දන්නා තරමට කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ වෙන ප‍්‍රශ්න තියෙනවා. ඒ ප‍්‍රශ්න වලට එක් සුදු නෝනා කෙනෙක් සම්බන්ධයි.  මා ඇයව ඉවත් කිරීමට ලේකම්වරයාට දැනටමත් උපදෙස් දී තිබෙනවා’ යයිද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කීය.

0 comments:

Proudly Powered by Blogger.