Tuesday, November 18, 2014

ලොව දුප්පත්ම ජනපති සල්ලි කන්දක් එපා කියයි!

by Api Nodanna Live  |  in World News at  3:57 AM

ලොව දිළිඳුම ජනපති ලෙස හඳුන්වනු ලබන උරුගුවේ ජනපති ජොසේ  මුජිකාගේ පැරණි වොක්ස් වැගන් බීට්ල් මෝටර් රථය මිලදී ගැනීමට අරාබි ෂීක් ජාතිකයකු ඉදිරිපත් වී ඇතැයි වාර්තාවේ. එම මෝටර් රථය අමෙරිකානු ඩොලර් මිලියනයකට මිලදීගැනීමට ෂීක් වරයා විසින් ලන්සුවක් ඉදිරිපත්කොට තිබේ. 
 
සුව පහසුකම් වලින් තොර ඉතා සරල ජීවිතයක් ගත කරන ජනාධිපති ජොසේ  මුජිකාගේ සරල බවේ සංකේතයක් ලෙස මෙම වෝක්ස් වැගන් රථය සැලකේ. කෙසේනමුත් ජනපතිවරයා විසින් සිය මෝටර් රථය විකිණීම ප්‍රතික්ෂේප කොට තිබේ. එය යම් කිසි දිනකේ විකිනුවත් එම මුදල රටේ සුබ සිද්ධියට යොදන බව ජනපතිවරයා විසින් පවසා තිබේ. 
 
2010 දී සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික වත්කම අමෙරිකානු ඩොලර් 1800 පමණක් බවයි. ඔහු සතු එකම වත්කමද වන්නේ මෙම මෝටර් රථය පමණි.
uruguay (1) Jose Mujica uruguay (3) uruguay (4)

Related Posts

0 comments:

Proudly Powered by Blogger.