Tuesday, November 25, 2014

මාවන්ගෙන් වාස් ට කැපිල්ලක් !

by Api Nodanna Live  |  in Sri Lanka at  11:24 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් ජාතික පිලේ වේගපන්දු යවන්නන්ගේ තත්ත්වය උසස් කිරීමට වැඩි බරක් නොයොදවන බවට ජාතික පුහුණුකරු මාවන් අතපත්තුගෙන් චෝදනා එල්ලවී ඇති බව වාර්තා වේ.
මාවන් මෙසේ චෝදනා එල්ල කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලිද සිල්වා මහතා විසින් ඊයේ (24) පැවැති හදිස්සි විධායක කමිටු රැස්වීමේදී එහි සාමාජිකයන්ට දන්වා තිබේ.
එසේම පසුගිය ඉන්දීය එක්දින තරගාවලියේදි වාස්ගෙන් සහයක් ලැබුණේද යන්න ගැන ගැටලු මතුව ඇතැයි ද මාවන් පවසා ඇතැයි වාර්තා වේ.
මේ අනාවරණයෙන් පසුව විධායක කමිටු සාමාජිකයකු වාස් ට පෙර අදාල ධූරය දැරූ දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චම්පක රාමනායක නැවත අදාල ධූරයට පත්කරන ලෙස යෝජනාවක්ද කර ඇතැයි පැවසේ.
වාස් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන වේගපන්දු යවන්නන් සමඟ එතරම් කුලුපඟ නැතැයිද එහිදී හෙළිව තිබේ.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.