Tuesday, November 25, 2014

ජනාධිපති ගෙන් මෛත්‍රීට චෝදනාවක් !

by Api Nodanna Live  |  in Sri Lanka at  11:25 AM

පොළොන්නරුව කුරුප්පු හන්දියේ තිබුණු රජයේ මෝල විකුණා දැමීම තනි පුද්ගලයකුගේ වුවමනාව මත සිදු වූවක් බවත් තමා නොදැන වූ එම සිදුවීම පිළිබඳ ජනතාවගෙන් සමාව ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය විශාල වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා කියා සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පෙන්වා දුන්නේ ඓතිහාසික සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා මාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සෝමාවති පුද බිමේ ඉදිකෙරුණු අභිනව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (23) එක්වෙමිනි.
ආණ්ඩුවෙන් ඉවත් වී ගිය පිරිස් සම්බන්ධ රහසිගත ලිපි ගොනු තමා සතුමුත් ඒවා කිසි දිනක හෙළි නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
අද දේශපාලනඥයන්ගේ කෙළෙහි ගුණයේ අඩුවක් දකින්නට ඇති අතර දේශපාලනඥයන් වශයෙන් කෙළෙහි ගුණ මතක තබා ගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.