Tuesday, November 18, 2014

‘මහින්දට තුන්වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණ එපා’ රැළියට විශාල ජනකායක් (VIDEO)

by Api Nodanna Live  |  in Video at  7:53 AM

‘මහින්දට තුන්වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණ එපා’ රැළියට විශාල ජනකායක් (VIDEO)
‘මහින්දට තුන්වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණ එපා’ මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධාන කළ රැළියක් අද පස්වරුවේ කොළඹ ගුණසිංහපුර ප්‍රයිස් පිටියේදී පැවැත් විය.
ඊට ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයින්, ජාතික හෙළ උරුමය පක්ෂයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඇතුළු දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.
මෙම රැළිය ආරම්භ වීමට පෙර පා ගමනක් ද පැවති අතර බොරැල්ල කැම්බල් පිටිය අසලින් ඇරඹි පා ගමන මරදාන, ටෙක්නිකල් හංදිය හරහා ගුණසිංහපුරට පැමිණියේ ය.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.