Saturday, November 29, 2014

මිණි පුරයෙන් රංගන ක්ෂේත්‍රයට සුරූපිනියක්

by Api Nodanna Live  |  in Sri Lanka at  8:52 PM

ප්‍රීති විජේසිංහ



“දිය මත ලියමි” ටෙලි නාට්‍යයේ ‘සිතුම්’ ගේ චරිතය නිරූපණය කළ යොවුන් රංගන ශිල්පිනිය ඔබට මතක ද? ඇය ප්‍රීති විජේසිංහ. මේ වන විට රංගන ක්ෂේත්‍රයේ බොහෝ දුරක් පැමිණ ඇති ප්‍රීති විජේසිංහ වේදිකාවට, සිනමාවට මෙන්ම ටෙලි නාට්‍ය සඳහා තම රංගන දායකත්වය ලබා දී ඇත. මේ, ප්‍රීති විජේසිංහ තම කලා දිවිය පිළිබඳ ‘රසඳුන’ වෙත පළ කළ අදහස් ය.
“මගේ ගම රත්නපුරය. පාසල් ගියේ බළන්ගොඩ කොටවිලමංකඩ මහා විද්‍යාලයට. පුංචි කාලෙ ඉඳලම මම කලාවට විශේෂ ඇල්මක් ආදරයක් දැක්වූවා. පාසලේදී විවිධ අවස්ථාවල මගේ රංගන හැකියාව පෙන්වා තිබෙනවා. ටෙලි නාට්‍යයක රංගන සඳහා මුලින්ම කැමරාවකට මුහුණ දුන්නේ ‘මල් දෙවැට’ ටෙලි නාට්‍යයටයි.
ඒ අවස්ථාව මට ලබා දුන්නේ චන්දන ධර්මප්‍රිය සහ විරාජ් රත්නායක මහත්වරුන්. ඉන් පසුව මම ටෙලි නාට්‍ය 20 කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් ජයලත් මනෝරත්නයන්ගේ ‘තාත්තෙ අපි ආවා’, ‘නාලක තලගලගේ ‘දිය මත ලියමි’, එරංග සේනාරත්නගේ ‘අපූරු ගම’, දයාරත්න රටගෙදරගේ ‘සංසාරේ පියසටහන්’ වැනි ටෙලි නාට්‍ය විශේෂයි.
ඒ ටෙලි නාට්‍ය අතරිනුත් ‘දිය මත ලියමි’ ටෙලි නාට්‍යයේ මගේ රංගනයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම රංගනයෙන් දායක වුණු සම්පත් ශ්‍රී රෝෂන්ගේ අලුත්ම ටෙලි නාට්‍යය ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. මේ වන විට චිත්‍රපට නිර්මාණ දෙකකටත් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ, අර්ජුන කමලනාත්ගේ ‘ආශාවේ මායා’ චිත්‍රපටයේ සහ සමීර ජයසිංහ අධ්‍යක්ෂණය කළ ‘සූම්’ චිත්‍රපටයේ. ඒ වගේම මම මේ දිනවල වේදිකා නාට්‍යයකත් පුහුණුවීම් වලට සහභාගි වෙනවා. ඒ මානෙල් චන්ද්‍රලතාගේ ‘අල්ලපු ගෙදර සුන්දරී’ වේදිකා නාට්‍යය.
“කලාවට සම්බන්ධ වීම මගේ හීනයක් සැබෑ වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. හොඳ නිර්මාණවලට දායක වෙමින් මගේ රංගන හැකියාව දියුණු කර ගනිමින් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යාමයි මගේ බලාපොරොත්තුව. මේ ක‍්ෂේත්‍රයේ වැඩ කරන විට ප්‍රවීණයන්ගෙන් මට උපරීම සහයෝගය ලැබෙනවා.
ඒ වගේම මගේ පවුලේ අයගෙනුත් උපරීම සහයෝගයක් ලැබෙනවා. රංගනය සරල දෙයක් ලෙස මම හිතන්නේ නෑ. තමන් නිරූපණය කරන චරිතයේ ස්වභාවය ගැන හොඳ අවබෝධයකින් රංගනයේ යෙදිය යුතුයි. ඒ අවබෝධය ලබාගන්න මම ගොඩක් වෙහෙසෙනවා.”

Related Posts

0 comments:

Proudly Powered by Blogger.