2015 වසර ආරම්භයත් සමඟ කන්‍යා ලග්නයේ පොදු ලක්ෂණ රැසක් පිහිටනු ලබයි. නව ග්‍රහ මණ්ඩලයේ රාහු ග්‍රහයා, ඡායා ග්‍රහයෙක් වුවද ලග්නයට පැමිණ (කන්‍යාවට) ස්වක්ෂේත්‍ර වී (ස්ථාන බලය සහිතව) සිටී. මෙසේ රාහු ලග්නයේ සිටියදී උපදින ළමයින්ද ඉතා උස දරුවන්ය. ලග්නාධිපති බුධ ග්‍රහයාද කේන්ද්‍ර ස්ථානයක් වන සිවු වැන්නට පැමිණ රවි සමඟ සංයෝග වෙමින් යෝග බලයක් උදා කරගනී.
හංසි ආටිගල
ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ සිංහල මාස ක්‍රමයෙන්, දුරුතු මස ලබා 1937ක් වූ ශකරාජ වර්ෂයෙන් පුරපසළොස්වක සතිය ලබා 11 වක තිථිය උදාවී ක්‍රි: වර්ෂ 2015ක් වූ ජනවාරි මස 01 වැනි ගුරු දින උදෑසන 6 පසුවී මිනිත්තු 22 පමණ සූර්ය උදාවී, උතුරු දිශාවට සුබපල සහිතව ධනු ලග්නයේ කැති නැකැතින් පළමු පාදයෙන් රවි මහ දශාවෙන් ආරම්භ වන නව වර්ෂය පුරා ග්‍රහයන් පිහිටි සුබපල අනුව පල විපාක යෙදී තිබේ.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මාසයේ පළමු වැනි දිනට යෙදී ඇති ග්‍රහ ගෝචරය අනුව ලග්නයේ රාහු ග්‍රහයා තුන් වැන්නේ ශනි ග්‍රහයාද සිවු වැන්නේ රවි, බුධ යෝග වෙමින්ද කුජ ශුක්‍ර පස්වැන්නේ ත්‍රිකෝණගත වෙමින්ද, 7 වැන්නේ චන්ද්‍රයාද, 11 වැන්නේ ගුරු උච්ච වෙමින්ද, කන්‍යා ලග්න හිමියන්ට සුබපල දෙමින් වසර උදාවනු ඇත.
පොදු ලක්ෂණ
2015 වසර ආරම්භයත් සමඟ කන්‍යා ලග්නයේ පොදු ලක්ෂණ රැසක් පිහිටනු ලබයි. නව ග්‍රහ මණ්ඩලයේ රාහු ග්‍රහයා, ඡායා ග්‍රහයෙක් වුවද ලග්නයට පැමිණ (කන්‍යාවට) ස්වකේෂ්ත්‍ර වී (ස්ථාන බලය සහිතව) සිටී.
මෙසේ රාහු ලග්නයේ සිටියදී උපදින ළමයින්ද ඉතා උස දරුවන්ය. ලග්නාධිපති බුධ ග්‍රහයාද කේන්ද්‍ර ස්ථානයක් වන සිවු වැන්නට පැමිණ රවි සමඟ සංයෝග වෙමින් යෝග බලයක් උදා කරගනී.
වසර ආරම්භ වන්නේ ධනු රාශියෙනි. එම රාශියේම කන්‍යාධිපති බුධ සිටී. මිනිස් මොළයට හිසට අධිපති බව කියැවෙන බුධ ග්‍රහයා, පුරා වර්ෂ 17ක් සුබ අසුබ පල ගෙන දෙයි.
මීට වර්ෂ භාර ලක්ෂයකට පමණ ඉහතදී සූර්යයා සිංහ රාශියේ නවවන අංශකයේදී විශාල පිපිරීමකින් කොටස් 7කට වෙන් වී, පළමු අංශක 15ට කොටස් 6ක් ද දෙවැනි අංශක 15ට 1 කොටසක්ද බැගින් විසිරී ගොස්, නැවැත චුම්භක ශක්තියක් ඇතිවී මන්දාකිණියක් සේ සූර්යා නිර්මාණය වුවද දෙවැනි අංශක 15ට විසිරී ගිය කොටස එකතු නොවිණි.
එම කොටස වෙනම කක්ෂ පථයක් සාදා ගනිමින් සූර්යයා වටා ගමන් කරනු ලබයි. එම ග්‍රහයා බුධ නම් වෙයි. කන්‍යා අධිපති බුධ, රවි ග්‍රහයා ආසන්නයේම ගමන් කරනු ලබන්නේ ඒ නිසාය.
බුධගේ බලය හීන වුවද රවි මිත්‍රවී හෝ යම් බලයක් තිබේ නම් බුධගේ දුර්වලකම මඟහැරී බලයෙන් යුක්ත වන බැවින් කන්‍යාවෙන් උපන් ඔබට බුධ ග්‍රහයා 2015 වර්ෂය ආරම්භය සමපල ස්ථානයක වුවද රවි බලයෙන් යුත් බැවින් එම දෝෂ භංගවී යහපත් බලයක් උදාවනු ඇත.
ශනි ග්‍රහයාද පුණ්‍ය ස්ථානයට පෙනෙන අතර පුණ්‍ය ස්ථාන අධිපති සිකුරු ග්‍රහයාද පස්වැන්නට පැමිණ නව වැන්න දකිමින් සිටී.කන්‍යාවෙන් උපන් අය බොහෝ ඥානවන්තයි. 2015 වසර එයට විශාල ශක්තියක් සපයමින් වසර ආරම්භයේදීම කුජ, ගුරු සුබපලව දකී. කුජ උච්ච වී පස්වැන්න මකර රාශියේද ගුරු උච්ච වී 11 වැන්න කටක රාශියේද සිටීම කන්‍යාවෙන් උපන් ඔබට යහපත් කාලයක් සහ නුවණින් කටයුතු කිරීමට සුබපල වසරකි.
සාමාන්‍ය ජීවිතය
කන්‍යාවෙන් උපන් ඔබ සාමාන්‍ය ජීවිතයේදී ඉතා බුද්ධිමත් කෙනකු ලෙස සමාජයේ කැපී පෙනේ. ලංකා කුම්භ කේන්දරයේද අට වැන්නට අධිපති කන්‍යා රාශිය හිමි ඔබට කෘෂිකර්මාන්තය හෝ මහ පොළොව සම්බන්ධව කරන කටයුතුවලින් සුබපල ගෙන දෙනු ලබයි.
මිනිස් මොළයට අධිපති බව කියැවෙන බුධ ග්‍රහයා ඥානය, මතකය, ලබාදීමට කටයුතු කරයි. කන්‍යා ලග්නාධිපති සමඟ රවි යුගල ලෙස සිටින බැවින් නිර්භීතකමත්, බුද්ධිමත්කමත්, සමාජය තුළ ඇතිකර ගන්නා අතර ව්‍යාපාර රැකියා තුළද පෙරමුණ ගෙන කටයුතු කරයි.
වසර 7 1/2ක බාධකයන් අවසන් කරමින් පැමිණි ලංකා කේන්ද්‍රාධිපති, ශනි ග්‍රහයා පුණ්‍ය ස්ථානය දැක, වික්‍රමස්ථාන ගතවීම සුබපල ගෙනදෙන ලක්ෂණයකි. තුලා රවි ගමන් කළ පසුගිය කාල වකවානුවට වඩා, ශක්තිමත් බලයක් තුන්වැන්නේදී ශනි ග්‍රහයා උපද්දවන අතර ලග්නාධිපති ග්‍රහයාද සිවුවැන්නේ කේන්ද්‍රස්ථාන ගතවී 2015 ලබනු ඇත.
වතාවත්
මුං කිරිබත් උයා දන් දෙන්නේ නම් හෝ බදාදා දිනක අෂ්ටඵල බෝධියකට හෝ දෙතිස්ඵල බෝධියකට නාමල් පූජා කර ජය පිරිතෙන් පිරිත්කර එම පැන්වලින් බෝධියද, කොහොඹ රුක්ෂයක්ද නාවන්නේ නම් සුබපල වැඩිකර ගැනීමට හැකිවනු ඇත.
ව්‍යාපාර
කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ව්‍යාපාර කරන්නේ නම් වර්ෂය ආරම්භයේදී සුබපල දෙයි. රාහු ග්‍රහයා ලග්නයේ සිට මුල ත්‍රිකෝණ දෘෂ්ටියක් තිබුණද රාහු චතුරස්‍ර වී රැකියා ව්‍යාපාර බලය උදා කරන 10 වැන්නට පෙනීම නිසා දුර අෑත ගොස් කරන ව්‍යාපාරවලින් ඉතා යහපත් බලයක් ලබනු ඇත.
එහෙත් තම ඉඩමක හෝ නිවාස ආසන්නයේ තැනක ව්‍යාපාර කරයි නම්, එතරම් සුබපල නොවෙයි. ඇවිදිමින් ව්‍යාපාර කරන අයටද 2015 වසර සුබපල දෙයි.
කන්‍යා ලග්න හිමියන්ගේ ධනස්ථානාධිපති, සිකුරු ග්‍රහයා රාහුට පෙනීම එතරම් සුබ නොවෙයි. වෙළෙඳදාම් කටයුතුවලට ප්‍රබල බලයක් උදාකරන කුජ ග්‍රහයා සමඟ සංයෝග වී වසර මුල් මාසයේ සිටීම සුබපලදායක වෙයි.
තම සහෝදර සහෝදරියන් සමඟ හෝ ඥාතියකු සමඟ ව්‍යාපාර කරයි නම්, ආදායම් පිළිබඳ ගැටලු මතු වෙයි. සිත් අමනාපකම්ද ඇති විය හැකිය.
වසර මුල් මාස 6 තුළ ගුරු ග්‍රහයාත් ත්‍රිකෝණ ස්ථාන දකිමින් සිටීම ව්‍යාපාරය තුළ අලුතින් ඉදිකිරීම්, අලුත් වෙළෙ¼දාම් කටයුතු පටන් ගැනීම්, සේවකයන් බඳවා ගැනීම් වසර මුල් කාලවල එනම් 2015. 06. 30ට පෙර සුබපල වෙයි.
ව්‍යාපාරවලට යොදවන රථවාහන මිලට ගන්නේ නම් ජනවාරි මාසයෙන් පසු සුබපල කාලයක් උදා වෙයි. කන්‍යාවේ වැය අධිපති රවි, සිවු වැන්නේ චතුරස්‍රයක් ඇතිකර ගනිමින් ගෝචර වීම එයට හේතුවයි.
වසර අවසාන මාස 6 තුළ ගුරු වැය ස්ථාන ගතවීම ගුරු ලග්නයට පැමිණීම, සතුරු වීම ව්‍යාපාර කරන අයට සැප බලයද අඩුවී අධික වැය කිරීමක් අධික මහන්සියත්, ව්‍යාපාරය කරගෙන යෑමට බාධක රැසක් ඇති වෙයි.
එහෙත් පාපගත ව්‍යාපාර කරන අයට වසර සුබ නොවෙයි. සත්ත්ව ඝාතනය, මත් ද්‍රව්‍ය විකිණීම, පාප සේවනය යන කටයුතු ව්‍යපාර ලෙස කරයි නම් ඒ වායෙන් තදබල පාඩු සිදු වෙයි.
නීතියට හසුවීම්, කලකෝලාහල ඇතිවීම, තම ධනය විනාශ වීම සිදුවනු ලබයි. එයට හේතුව ශනි ග්‍රහයා නවවැන්න නොහොත් පුණ්‍ය ස්ථානය දකින බැවින් පාපගත ව්‍යාපාරවලට දඬුවම් ලැබෙන බැවිනි,
කාන්තාවන්ට
කන්‍යා කේන්දරය හිමි, කාන්තාවන්ට 2015 වසර තරමක් සුබපල දෙයි. බුධ ග්‍රහයා නපුංසක ග්‍රහයකු ලෙස හඳුන්වන අතර කන්‍යාධිපති බුධ, ගුරුගේ රාශියක සිටීම නිසා අධ්‍යාපනය ලබන ගැහැනු ළමයින් වැඩි පිරිසක් විභාග ජය ගනී.
විරැකියාවෙන් පෙළෙන කාන්තාවන්ටද සහන සැලසේ. එමෙන්ම රැකියාවන්හි නිරත වන කාන්තාවන්ටත් පසුගිය වසර 7 1/2ක කාලයක්, ශනි ග්‍රහයා පීඩා ගෙන දුන්නද දැන් එම කාලය අවසන් කරමින් තුන්වැන්නේ ශනි ග්‍රහයා සුබපල උදාකරනු ඇත.
බොහෝ උද්ඝෝෂණයන්ට සහභාගි වූ කන්‍යා ලග්නයේ කාන්තා පිරිස් එම පීඩාවෙන් මිදී සහන ලබයි. එහෙත් වසර මුල දීම කුජ ශුක්‍ර එකට පස්වැන්නේ සිටීම එතරම් සුබ පල නොදෙයි. එබැවින් කන බොන දේ ගැන පරෙස්සම් විය යුතුය.
කන්‍යාවෙන් උපන් කාන්තාවන්ට වස විස කැවීම්, පවුල් අවුල් වීම, තද උදරාබාධයන්ද හටගනී. සුබ ආදායමක්, අතමිට සරු වීමක් නිසා කාන්තාවන්ට පොදුවේ යහපත උදා වෙයි.
කලා කටයුතුවලින් කාන්තාවක් ඉතාමත් ප්‍රසිද්ධියට පත්වෙයි. ශුක්‍ර ග්‍රහයා උච්චව ජන්ම කේන්දරයේ සුබව පිහිටීමෙන් එම ප්‍රසිද්ධිය ලැබේ. කුජ, සිකුරු සංයෝගව රාහු දැකීම නිසාද චන්ද්‍රයා වසර ආරම්භයේ අට වැන්නේ සිටීමද කුජ, රාහු, චන්ද්‍ර දුර්වලව පිහිටි කේන්දරයක් හිමි කුඩා දැරියකට අතවරයක් හෝ කැපුම් තුවාලයකට ලක්වී මියයෑමට සිදුවෙයි.
ධනය සහ ලැබීම
කන්‍යාවෙන් උපන් ඔබට ධනස්ථානාධිපති වන සිකුරු ග්‍රහයා පස්වැන්නේ මිත්‍රව සිටීම සුබ පල දෙයි. එමෙන්ම සිවුවැන්නාධිපති සහ 7 වැන්නාධිපති ගුරු 11 වැන්නේ උච්ච වී සිටීම සැප සම්පත් ලැබීමටද, යාන වාහන ලැබීම සහ පවුල් ජීවිතවල සුබ බලය ලැබීමටද පෙන්නුම් කරයි.
එහෙත් වර්ෂය ආරම්භයේදීම, අය අධිපති චන්ද්‍රයා පීඩා විඳිමින් 8 වැන්නේ දුර්වලව සිටී. දින 2 1/2ක පමණ කාලයකදී රාශියෙන් රාශියට යන චන්ද්‍රයා ලැබීමටද ධනයටද බාධාවක් නොවෙයි.
කේන්දරයේ අට අධිපති සහ තුන්වැන්නාධිපති කුජ 5 වැන්නේ උච්ච වී ගුරු උච්චව සුබ පලව දැකීම නිසා මහ පොළොවේ හිමිකම් ලැබේ. තුන්වැන්න වික්‍රම ස්ථානය බැවින්ද කුජ ග්‍රහයා යුදකාමී ග්‍රහයකු බැවින්ද තරග වාද විවාදවලින් විශිෂ්ට ජය ලබයි.
බොහෝ තැන්වලට යෑමටද එම ගමන් පලදායී කිරීමටද, බොහෝ අය ඇසුරු කිරීමටද දුර ගමන් බිමන්වලින් පල ප්‍රයෝජන ලැබීමටද රාහු ග්‍රහයා ලග්නයේ සිට සුබපල උදාකරනු ඇත.
7 වැන්නාධිපති ග්‍රහයා ගුරු ග්‍රහයා වී 11 වැන්නේ උච්ච වී සිටීම, විවාහයටද සුබ පල දෙයි. විවාහ වීමට බලාපොරොත්තු අයට සුබ පල විවාහයක් ලැබේ. ශනි ග්‍රහයා තුන්වැන්න සිට නව වැන්න දැකීම සුබ බැවින් පින් දහම් ආදී ආගමික කටයුතුවල නිරත වේ නම් ඉහළ ප්‍රතිඵල උදාවනු ඇත.
දරුවන්ට
කන්‍යා කේන්දරයේ 5 වැන්න අධිපති ශනි ග්‍රහයා පසුගිය වසර 2 1/2 පාප ස්ථාන ගතවී ඒරාෂ්ටක ලබා සිට 2014.11.02 දිනට ඒරාෂ්ටක කාලය අවසන් කරමින් වික්‍රම ස්ථානය නොහොත් 3 වැන්නට ගෝචර වෙමින් සිටී.
පුණ්‍ය ස්ථානය වන 5 වැන්නට කුජ පැමිණීම වසර මුල් කාලයේ දරුවන්ට සුබපල වුවද කන්‍යාවෙන් උපන් දරුවන්ට ගුරු ග්‍රහයා වැය ස්ථානයට වසර මැදදී පැමිණීමත් සමඟ සුබපල අඩුවනු ඇත.
කුජ විසින් ගුරු දැකීම අධ්‍යාපනය ලබන ළමයින්ට පවා සුබ ලක්‍ෂණයක් වෙයි. එහෙත් කුජට ගුරු නොපෙනේ නම් කුජ පස්වැන්නේ උච්ච වීම පලක් නොවේ. උච්ච ග්‍රහයන් දෙදෙනකු එකට පෙනීම පවතින්නේ ජුනි මස 30 වනතුරු පමණි.
අධ්‍යාපනය ලබන ළමයින්ගේ නුවණ වර්ධනය වීම මුල් මාස කීපයේදී ඇති වෙයි. එමෙන්ම විභාග ආදී දෙයින් ජය ලැබේ. වාද විවාද තරග ජය උදාවනු ඇත. විදෙස් රටවල වැඩිදුර අධ්‍යාපනයට යෑමට සූදානම් ළමයින්ට ජය ලැබීමේ විදෙස් යෝගයක් පිහිටා තිබේ.
තම නිවෙසින් බැහැරව අප රට තුළද, වෙනත් ස්ථානයක සිට අධ්‍යාපනය ලබයි නම් දරුවන්ට ඉතාම සුබපල ඇති කරයි. කුඩා දරුවන්ට කලක් තිස්සේ තිබූ සෙම්, පිත්, අමාරු සුව වන කාලයකි. එහෙත් ජන්ම කේන්දරයේ කුජ ග්‍රහයා පාප ස්ථානගතව (2, 6, 8, 12) සතුරුව හෝ නීචව හෝ ශනි ග්‍රහයාද නීචව සිටී නම් ලේ දෝෂ, අස්ථි දෝෂ, සෙම් දෝෂ ආදිය සෑදේ.
කුජ, බුධ, රාහු, සඳු, බුධ, රවි, සිකුරු, ශනි සහ ගුරු යන ග්‍රහයන්. මොවුන්ගේ වඩා බලවත් ග්‍රහයන් තෝරා ගැනීම සඳහා පාලක ග්‍රහයන් උපයෝගී කරගනිමු.
මෙම වේලාවට මතුවූ පාලක ග්‍රහයන් මෙසේ වෙයි.
1. දිනාධිපති - ශනි ග්‍රහයා,
2. සිංහ රාශිය අධිපති - ශනි ග්‍රහයා,
3. මා නක්‍ෂත්‍රය අධිපති - කුජ ග්‍රහයා
4. උදා ලග්නය මකර රාශිය අධිපති - ගුරු ග්‍රහයා සහ
5. උදා මකර ලග්නයේ උත්‍රසල නක්‍ෂත්‍රය අධිපති - කේතු ග්‍රහයා වෙයි.
පාලක ග්‍රහයන් සමඟ මතුවන පොදු ග්‍රහයන් මෙසේය.
• කුජ, ශනි සහ ගුරු යන ග්‍රහයන්.
මෙම තත්කාල කේන්දරයේ කුජ ග්‍රහයාට අවුරුදු 4, මාස 3ක සහ දින 7ක දශා ශේෂයක් පැවැතියේය. ඒ අනුව කුජ ග්‍රහයාගේ මහ දශාව ක්‍රි.ව. 2019.02.08 වන දින ගෙවෙයි.
කුජ ග්‍රහයාගේ මහ දශාවේ ශනි ග්‍රහයාගේ භුක්තිය ක්‍රි.ව. 2019.02.08 වැනි දින දක්වා පවතියි. මෙම ශනි ග්‍රහයාගේ භුක්තිය තුළ ගුරු ග්‍රහයාගේ අන්තරය තෝරා ගනිමු.
මෙම කාල සීමාව ක්‍රි.ව. 2019.02.08 වැනි දින සිට ක්‍රි.ව. 2019.02.08 වැනි දින දක්වා පවතියි. මහ දශාව අධිපති කුජ ග්‍රහයා දැන් 9 වැනි භාවයේ කේතු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක ගෝචරව ගමනේ යයි.
භුක්තිය අධිපති ශනි ග්‍රහයා තුලා රාශියේ 7 වැනි භාවයේ ගුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක ගෝචර ගමනේ යයි. මෙම නොවැම්බර් මස 2 වැනි දින ශනි ග්‍රහයා තුලා රාශියෙන් ඉවත්ව වෘශ්චික රාශියට ඇතුළු වෙයි. එහෙත් දෙසැම්බර් මස 1 වැනි දින දක්වා ගුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයේම ගෝචර ගමනේ යයි. අන්තරය අධිපති ගුරු ග්‍රහයා කටක රාශියේ 4 වැනි භාවයේ බුධ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක ගෝචර ගමනේ යයි. මෙම බලවත් නිවේදක ග්‍රහයන් හිමි සංවේදී ස්ථානවල ගෝචර ගමන් සිදුවන විට බලාපොරොත්තුව ඉටු වෙයි. මෙම නිවේදක ග්‍රහයන් හිමි රාශි චක්‍රයේ සංවේදී ස්ථාන කිහිපයක් මෙසේ වෙති.
තවද මෙම ගෝචර ග්‍රහයන් ඔවුන්ගේ තත්කාල ස්ථානවලට ඇතිකරන යහපත් දෘෂ්ටි මඟින් තවදුරටත් තහවුරු කළ හැකියි. ශනි ග්‍රහයා වෘශ්චික රාශියේ ගුරු හිමි නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි. 2014 දෙසැම්බර් මස 1 වැනි දින සිට ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයකට යයි. ගුරු ග්‍රහයා සඳු හිමි කටක රාශියේ බුධ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක කුජ ග්‍රහයා ගුරු හිමි ධනු රාශියේ සිකුරු සහ රවි හිමි නක්‍ෂත්‍රවලය.
මෙම කාල සීමාව තුළ ප්‍රශ්නකරු සුවය ලබයි.
මෙසේ තෝරා ගන්නා ලද කාල සීමා තවදුරටත් කෙටි කර ගැනීම සඳහා දීප්ත ග්‍රහ රවිගේ ගෝචරය බලන්න. මේ රවි ග්‍රහයා බලවත් නිවේදක ග්‍රහයන් හිමි සංවේදී ස්ථානවල ගෝචර ගමන් සිදුවන විට කරුණු ක්‍රියාත්මක වෙයි. තවද රවි ග්‍රහයාගේ දෘෂ්ටි මඟින් කාල සීමාවන් තවදුරටත් කෙටි කරගත හැකියි.
රවි ග්‍රහයා සිකුරු, රවි හිමි තුලා රාශියේ සිට 2014 නොවැම්බර් 17 වැනි දින කුජ හිමි වෘශ්චික රාශියට යයි. නොවැම්බර් 17 වැනි දින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයකට යයි. ගෝචර ගුරු ග්‍රහයාට ත්‍රිකෝණගත වෙයි.
මෙම කාල සීමාවන් තවදුරටත් කෙටිකර ගැනීමට අවශ්‍ය වෙයි නම් දෙවැනි දීප්ත ග්‍රහයා වන සඳුගේ ගෝචර ගමන සහ දෘෂ්ටි බලන්න. සඳු ග්‍රහයා නොවැම්බර් 29 වැනි දින පමණ කුම්භ රාශියේ 11 වැනි භාවය සමඟ සංයෝග වෙයි. එය යහපත්ය.
මේ සියල්ල පැහැදිලි ලෙස එකතු කරගෙන නිවැරැදි කාල සීමාව තරණය කර, එම අවස්ථාවේ තත්කාල සටහන සමඟ ප්‍රශ්න කේන්දරයේ ග්‍රහ පිහිටීමද සංසන්දනය කර නිවැරැදි නිගමනය ලබාගන්න.
0 comments: