බුවිනි
චාපා දියලගොඩ
ඉතින් බුවිනි කොහොමද?හොඳින් ඉන්නවා. 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යය නිසා මේ දිනවල ලැබෙන ප්‍රතිචාර වැඩියි.
ඒ නපුරු චරිතෙට ඔය තරම් ප්‍රතිචාර ලැබෙනවාද?
අම්මේ! ඔව්. "ඒ නාට්‍යයේ නම් ඔයා හරිම නපුරුයි", හරිම වසයි නේ කියලා මා එක්ක කතා කරන අය කියනවා.
ඉතින් ඇත්තටම බුවිනි නපුරුද?
හැම වෙලේම නපුරු නැහැ. නපුරු වෙන්න ඕනේ වෙලාවට නම් හරිම නපුරුයි.
බුවිනි මොකද පහු ගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ?
2012 වසරේ මම එක දිගට ටෙලි නාට්‍ය ගොඩකට සම්බන්ධ වුණා. හැබැයි ඒවා තවම විකාශය වුණේ නැහැ. මේ නිසා පහු ගිය කාලේ ප්‍රේක්ෂකයන්ට මාව පොඩ්ඩක් විතර ඈත් වුණා.
බුවිනිගේ රංගනයට බොහොම සීමා වැඩියි කියන්නේ ඇත්තද?
ඔව්. මගේ වයස, මගේ පෙනුම, මට ලැබෙන චරිතය ගැළපේවිද යන්න ගැන මම අනිවාර්යෙන් සැලකිලිමත් වෙනවා.
ඔහොම සීමා පනවා ගැනීම ඉදිරි රංගන කටයුතුවලට බාධාවක් නෙමෙයිද?
එවැනි ලොකු සීමා තියාගෙන රංගනයෙන් ඉදිරියට යෑම බාධාවක් වෙන්න පුළුවන්. නමුත් රංගනය මම වෘත්තියක් විදිහට නොකෙරන නිසා මට එය ගැටලුවක් නෙමෙයි.
බුවිනි දැන් වැඩිපුර ඉන්නේ අක්කාගේ ගෙදරලු නේද?
විවේකයක් ලැබුණු ගමන් අක්කලගේ ගෙදර දුවනවා බබාව බලන්න. එයා මා එක්ක හරිම එකතුයි. මාව දැක්කහම එයාටත් ඉස්පාසුවක් නැහැ. මටත් එහෙමයි. ඉතින් අපි දෙන්නම කෑ ගහගෙන තමයි එකිනෙකාව වැළඳ ගන්නේ .
බුවිනිට චරිත තෝරන්නෙ අක්කා කියලත් ආරංචියි?
අක්කා තමයි මට ගොඩක්ම උදව් කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට චරිත තෝරන්නේ ඇය තමයි.
ඉතින් ඔබේ චරිත ඇය තේරීම කොතරම් සාර්ථකද?
ඇය මගේ අක්කා නේ..ඉතින් ඇය මට වැරැද්දක් වෙන්න දෙයිද?

අක්කා තරම් නම් නංගී ජනප්‍රිය වුණේ නැහැ?
ඔවි. අක්කා මව් පදවිය ලැබුණට පස්සේ මේ වෙද්දි තාවකාලිකව රංගනයෙන් ඈත් වෙලා හිටියත් ඇය තවමත් ජනප්‍රියයි. රසිකයන් ඇයට ආදරෙයි. ඒත් මට නම් තවම ඒ තත්ත්වෙට එන්න බැරි වුණා. මම ඉතින් ක්ෂේත්‍රයට ඇවිත් වැඩි කාලෙකුත් නැහැ නේ. මමත් උත්සාහ කරනවා ඒ වගේ වෙන්න.
'බුවිනි' කියන නම බොහෝ දෙනෙකුට අමතක වෙන්නේ ඇයි?
අමතක වෙනවා නෙමෙයි. හරීයට වරද්දනවා. මගේ නම බුවිනි වුණාට එක එක නම් කියනවා. හැබැයි ඒකේ වාසි වගේම අවාසියකුත් තියෙනවා.
කියමුකෝ බලන්න ඔය වාසිය අවාසිය මොකද්ද කියලා?
ඇයි ඉතින් බුවිනි කියලා ඉන්නේ මම විතරනේ. ඒ නිසා බුවිනි කිව්ව ගමන් ඕන කෙනෙක් දන්නවා. අවාසිය තමයි ඉතින් අනේ ඒ නම හැම වෙලේම වරද්දන එක.
සාමාන්‍යයෙන් නම වැරැදුනහම බොහො දෙනෙක්ට තරහා යනවා. නමුත් බුවිනි එහෙම නැහැලු නේද?
ඇත්තටම තරහා යන්නේ නැහැ. මට හිනායනවා.මොකද මගේ නමත් ටිකක් වෙනස්, කියන්නත් හරි අමාරුයි නේ. එතකොට ඉතින් මම හිනා වෙලා කියනවා "මගේ නම කියන්නේ ඔහොම නෙමෙයි අනේ මෙන්න මේ විදිහටයි" කියලා.
මොකද්ද දැන් ඔය නමේ තේරුම?
භූමියට දෙව් දුව.
ගෙදරදි ඔබට කතා කරන්නේ බුවිනි කියලා නෙමෙයි නේ?
නැහැ. හැබැයි ඉතින් විශේෂ නමකුත් නැහැ.
'ඔහු' නම් ආදරයට කතා කරන විශේෂ නමක් ඇතියි?
ඒ ගැන නොකියා ඉමු නේද....?
ඔබේ පෙම්වතාගේ කලාවට ඇති අකැමැත්ත ඔබේ කලා ජීවිතයට බාධාවක් නෙමෙයිද?
කෙදිනක හෝ රංගනයෙන් ඔහු සමුගන්න කිව්වොත් මම සමු ගන්නවා. පුංචි දුකකුත් ඇති වෙයි. හැබැයි විවාහ වෙනකන් මේ ක්ෂේත්‍රයේ ඉඳියි.
බුවිනි ගේ උසස් අධ්‍යාපන කටයුතු වලට මොකද වුණේ?
උසස් පෙළින් පසු අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙනවයි කියලා හිටියට සම්බන්ධ වෙන්න බැරි වුණා. හැබැයි ඉතින් මෙහෙම ඉඳලත් බැහැනේ. මොනවහරි කරන්න ඕනේ
ඉතින් තවත් කල් දාන්න විශේෂ හේතුවක් තියෙනවාද?
ඇත්තටම වුවමනාවක් නැති කම තමයි.
0 comments: