යුද්ධය පැවති කාල සීමාව තුළ සොයා ගන්නා ලද එම උතුරු නැගෙනහිර ජනතාවගේ රත්‍රං මෙලෙස බෙදා දීමට සැළසුම් කර ඇති බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයාරත්නායක මහතා සඳහන් කළේ.
ඒ අනුව මන්නාරම , වව්නියාව , යාපනය, කිළිනොච්චිය, මුලතිව් යන ප්‍රදේශවලට අයත් පිරිසකගේ රත්‍රං මෙලෙස බෙදා දෙන බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.
අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 2379 ක පිරිසකගේ රත්‍රං තොගයක් මෙලෙස බෙදා දීම සිදු කරන බවයිඒ මහතා සඳහන් කළේ.
දෙසැම්බර් 4 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්නයෙන් අදාළ ජනතාවට ඔවුන්ට අයත් රත්‍රං ලබා දෙන බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයාරත්නායක මහතා වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ
0 comments: