Tuesday, November 18, 2014

නවක සිසුන් කැලයට ගෙන ගොස් ලිංගික හිංසන කරලා

by Api Nodanna Live  |  in Sri Lanka at  4:02 AM

නවක වදය මුවාවෙන් සබරගමුව සරසවියේ නවක සිසුන් සමනලවැව රක්ෂිත වනාන්තරයට ගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර ඇති බවත් පන්ති තහනමට ලක්කර ඇත්තේ ඊට සහභාගී  වු සිසුන් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී.  දිසානායක මහතා පවසයි.
කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ වළවල් කපා මඩවතුර පුරවා සිසුන් නාවද්දී ඔවුන්ගේ සහ ගලවා තිබූ ඔවුන්ගේ ඇදුම්වල ජායාරුපද ලබාගෙන ඇති බවයි.
විශ්වවිද්‍යාලවලට එන නවක සිසුන්ට පෙරටුගාමී පක්ෂයට අයත් ඇතැම් සිසුන් වද දී ඔවුන් බය  කරගන්නා බව පෙනී යතැයි කී අමාත්‍යවරයා ඔවුන් ජවිපෙ සමග සිටි සමයේ ජන්දයෙන් එන  ශිෂ්‍ය නායකයන්ට අවස්ථා ලබා නොදීමට කටයුතු කළ  අවස්ථා රාශියක් වූ බවද කීය.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.