Monday, November 24, 2014

‘මෛත්‍රී තෝ අපිව කෑවා’ මහනුවරදී ලක්‍ෂ්මන් කිරිඇල්ල කෑ ගසයි

by Api Nodanna Live  |  in Sri Lanka at  3:33 AM

අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර වූ බහින් බස්වීමක් මල්වතු විහාරය අසලදී සිදුවූ අතර හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්නගේ මැදිහත් වීමෙන් එය ඉතා අසීරුවෙන් සමථයකට පත්විය.
මෙහිදී එජාප මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මෛත්‍රිගේ ජාතකය ඇද ගනිමින් බැණ වැදුණේ “මෛත්‍රී තෝ 32ක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගේනවා’යි කිව්වා. මංගල ප්‍රවෘත්ති  සාකච්ඡාවට 13ක් එනවා කිව්වා. කෝ ඒවා. උඹ මහ බොරුකාරයෙක්” යන වචන සමඟ අසභ්‍ය වචනද එක්කරමිනි. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මම ගනුදෙනු කරන්නේ රනිල් ලොක්කා එක්ක. මට  ඔයත් එක්ක ගනුදෙනු නෑ කියාය.
එවිට තවත් තදවුනු කිරිඇල්ල කියා සිටියේ ශ්‍රිලනිප මූලස්ථානයේ කාල්ක් කට්ටෙක් වුණ තමුසෙට මහලේකම් කම දුන්නට චන්ද්‍රිකාගේ පස්ස ඉඹිය යුතු බවය. “මම ලෝයර් කෙනෙක් මිනිහෝ. තමුසෙ ග්‍රාමසේවකයෙක් දැන ගන්නවා ඒක” යැයිද කියා සිටියේය. මෙවිට හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න ඉතා අසීරුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල ඉවතට ඇදගෙන ගියේය. “උඹත් එක්ක මම දවල් කුවින්ස් හෝටලයේ කෑමට එන්නෙත් නෑ” කියා කිරිඇල්ල බෙරිහන් දුන්නේය.
– මහනුවර විශේෂ

Related Posts

0 comments:

Proudly Powered by Blogger.