පසුගියදා ශ‍්‍රිලනිපයෙන් ඉවත් වූ මෛත්‍රීපාල සිරිසේන හා රාජිත සේනාරත්න පිරිසිදු අවංක අය ඔවුන් නැවත පක්ෂයට නොඑනු ඇති බවත් එජනිස බස්නාහිර පලාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
‘රාජිත සේනාරත්න හා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මගේ තාත්තගේ මරණේ වේලාවේ මරණින් පසුවත් තාත්තා වෙනුවෙන් නොබියව කතා කරපු දෙන්නෙක්.
මේ විදිහට එක්කෙනා දෙන්නා යන්න ගියොත් අවසානයේ මේ පක්ෂය ඇතුලෙ ඉතුරු වෙන්නේ කුඩු කාරයෝ ටිකයි, එතනෝල් කාරයෝ ටිකයි, මංකොල්ලකාරයෝ ටිකයි, බිස්නස් කාරයෝ ටිකයි විතරයි.
ඇත්ත නිල් ලේ තියෙන නිදහස් පාක්ෂිකයෝ හොයාගන්න බැරිවෙනවා තව ටිකක් කල් යනකොට. මේක අපිට ලොකු පාඩමක් උගන්වන සමයක්. අපිට ඉස්සර තිබුනේ සඟ, වෙද ,ගුරු, ගොවි,කම්කරු කියලා.
අද මොකක්ද කියන්න වෙලා තියෙන්නේ? කුඩු, එතනෝල්, මිනීමැරුම්, දූෂණ,වංචා, කොමිස් මේ පක්ෂයට ලඟදී ආපු හෙන්චයියො ටික නිසා තමයි අපේ මේ අහින්සක හිටපු හොඳ මිනිස්සු ටික අපිට නැති වෙලා යන්නේ’ යයිද ඇය සඳහන් කරන්නීය.






































































































0 comments: