Sunday, November 23, 2014

මෛත‍්‍රීපාල කැඳයෙක්.. ආව උන් පෙන්දෝ.. ගේනවා කිවු 40 කෝ.. උඹ මාව කෑවා – රනිල් චන්ද්‍රිකාට බැණ වදී

by Api Nodanna Live  |  in Sri Lanka at  8:36 AM

ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.