නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
මෙලෙස ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ, අමීර් අලි, ෂිබ්ලි ෆාරුක්, එම්. සුබේර් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය.මේ අතර, විමල් වීරවංස ඇමතිවරයාගේ 'ජාතික නිදහස් පෙරමුණ' පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගෙන්, ඉලන්කෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙකුගෙන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් (07) දෙනෙකුගෙන් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර (04) දෙනෙකුගෙන් හා ජාතික නිදහස් පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විත වෙති.
මන්ත්‍රීවරු ස්වාධීන වීමට පෙර නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ආසන 22ක් (සන්ධානයේ 14, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 7, ජාතික නිදහස් පෙරමුණේ 1) හා විපක්ෂයට ආසන 15ක් (අරුසු කච්චි11, එජාප 4) වේ.
මන්ත්‍රීවරු තුනක් ස්වාධීන විම මත සන්ධානයේ ආසන සංඛ්‍යාව 19 ක් ලෙස වෙයි.
0 comments: