Thursday, November 20, 2014

නවරත්න මුදුවට රැවටෙන්න එපා

by Api Nodanna Live  |  in Astrology at  4:18 AM

සවනි ශේශාධි

බොහෝ දෙනෙක් මැණික් පලඳින්නේ වාසනාව බලාපොරොත්තුවෙන්. ඒත් ඉතින් වාසනාව බලාපොරොත්තුවෙන් පලඳින මැණික පාරාවළල්ලක්ව ව්‍යසනයක් බවට පත් කර ගන්න නම් එපා.
අපේ රටේ සමහර දෙනා නවරත්න මුදු පලඳිනවා. නවරත්න කියන නම හැඳුණේ රතු කැට, මුතු, නිල් කැට, පුෂ්පරාග, සුදු නිල, කනක, වෛරෝඩි, ගෝමේද, කොරල් සහ එමරල්ඩ් කියන මැණික් වර්ග නවය එකට එකතු වීමෙන්. නවරත්න මුදුව සැකසෙනවා. පුරාතනයේ ග්‍රහයෝ නව දෙනාට අදාළ වෙන මැණික් නවයක් වෙන් කර දැක්වුවා. විශේෂයෙන්ම බෙදීම් කළ අය තුළ විශ්වාසයක් පැවතුණා. මිනිස් ජීවිතවලට බලපෑම් කළ හැකි ග්‍රහයන් නව දෙනා නියෝජනය වන පරිදි මැණික් ගල් නවයම පැලැඳීමෙන් ග්‍රහ අපල නිවාරණය වන බවට. නව ග්‍රහය මණ්ඩල යන්ත්‍රය පවා ඉහත කී හේතුව මත බිහිවූවකි.


අපි මනුෂ්‍ය ලෝකයේ උපදින්නේ මහා අහඹුවකින්. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනත්, සැප සම්පත් භුක්ති විඳින මධ්‍යම ලෙස සැප සම්පත් ලැබෙන කිසියම අයුරික්න සැප සම්පත් නොවිඳින ආදී වශයෙන් විවිධ පරාසයේ මනුෂ්‍යයන් ජීවත් වෙනවා. මේ පෘථිවියෙහි උපදින සෑම සත්වයකු අතරින්ම මනුෂ්‍යයා වෙනස් වන්නේ සන්නිවේදනය කිරීමේ හැකියාව, යම් යම් දේවල් උකහා ගැනීමේ හැකියාව, බණ භාවනා කිරීමේ හැකියාව ආදී කුසලයන් කිරීමට හැකි ආත්මයක් බවට පත් වීම නිසාය. එනිසාම මනුෂ්‍ය ආත්මයක ඉපදීම වාසනාවක් සේ සැලකෙනවා.


ග්‍රහයන් නව දෙනාම එකවර දුර්වල වීමෙන් කිසිම විටෙක මිනිසෙක්ව නූපදී. උපතේදී අඩු වැඩි වශයෙන් ග්‍රහයන් දුර්වල වෙයි. උපතේදී ග්‍රහ බලය ප්‍රබල වුවත් සමහර කාල සර්පයෝග ජන්ම පත්‍රය තුළ යෙදුණු විට ජන්මියාට නිරන්තරයෙන්ම උරුම වෙන්නේ දුක පමණයි.
එතරම් මුදලක් වැය නොවන නිසාත් නොදන්නාකම නිසාත් සමහර දෙනකු නවරත්න මුදු පැලැඳීමට යොමු වෙනවා. කලින් සඳහන් කළාක් මෙන් නව ග්‍රහයන් සියලු දෙනාම එකවර දුර්වල වෙන්නේ නැහැ. නවරත්න මුදු පැලැඳුවාම තියෙන අපලය තවත් වැඩි වෙනවා. එයට හේතුව වන්නේ ගල් නවය තුළ ඇති රසායනික ද්‍රව්‍ය එකිනෙකට නොගැළපීම. ඒ නිසා රසායනික ඝට්ටනයක් ඇති වෙනවා. ඒක හරියට තේ, කෝපි, ෆලූඩා, දිවුල් යුෂ එකම භාජනයකට දමා කලතා බීමට ගන්න බැරි වෙනවා වගේ. මේ මැණික් ගල් නවය තුළ තමන්ගේ ශරීරයේ රසායන රටාවට අනුව ක්‍රියාකාරී විය නොහැකි අසුබම බලපෑම ගෙන දෙන මැණික් ගල් දෙකක් හෝ තුනක් ඇතුළත් වෙනවා.


එම මැණික් ගල් ශරීරයේ රසායන උෟනතාව ඉහළ නංවන ප්‍රබල මැණික් ගල් යටපත් කරලා අයහපත් පල උදා කරනවා. ර්ධධද ඉබධදඥ, සමහර (ඛඪපජධද) සර්කන් වර්ග, ඉමිටේෂන් (වීදුරු ගල්), පොළොවේදී මැරුණු ගල්, අහිතකර රසායන කිරණ (ර්ණීඪත ඊපඥචබථඥදබ) ඇතුළු කළ ගල්, පියවි ඇසට නොපෙනෙන ඉතා දුර්වල දෝෂ සහිත ගල් ආදිය මේ මැණික් ගල් තුළ තිබෙනවා. මේ නිසාම නොදන්නා ලෙඩ දුක් අප්‍රකට භාවය කෙතරම් උත්සහ කළත් සැනසීමක් නොලැබීම, දිගින් දිගටම ව්‍යාපාර පාඩු, දරු සම්පත් හීනවීම්, පිළිගැනීම අඩු වීම ආදිය සිදු වෙයි. වෙළෙඳපොළේ ඉතා අඩු මිලකට මේ නවරත්න ගල් මිලදී ගත හැකිය. ප්‍රශ්නකාරී ආර්ථික රටාවෙන් පීඩා විඳින සියලු දෙනාම ගල් නවයම එකවර පැලැඳුවහොත් කිසිඳු ගැටලුවක් ඇති නොවේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මෙයින් වසර ගණනාවකට එහා ගිය ඉතා ප්‍රාථමික මඟ පෙන්වීමක් නිසා සමහර දෙනා අතේ තියෙන මුදල් ප්‍රමාණයට අනුව නවරත්න මුදු පලඳිනවා.

නවරත්න කියන්නේ එකිනෙක වෙනස් ගුණ දෙන ගල් නවයක්. මේ ගල් නවයට නව ග්‍රහයන්ගෙන් එල්ල වන කිරණ එකිනෙක ගැටීමෙන් සිදුවන්නේ අයහපතක්. හරියටම කියනවා නම් නවරත්න මුදුව තරම් නරක දෙයක් තවත් නැහැ. නමුත් නවරත්න මුදුව පලඳින අය බේරිලා ඉන්නේ මේ ගල් දශම ප්‍රමාණයෙන් පලඳින නිසා. මැණිකක ගුණ ලැබෙන්න නම් ගලක් පැලැඳිය යුතු නිශ්චිත බර ප්‍රමාණයක් තිබෙනවා.
මේ නියමිත ප්‍රමාණවලින්ම මැණික් තෝරා ගෙන නවරත්න මුදුවක් හදලා පැලැඳුවොත් ඒ පුද්ගලයාට වැඩි ආයුෂ හිමි වන්නේ නැහැ. මේ ගල් පුංචියට දාන නිසාමයි ඒ පුද්ගලයාට අගුණ පල නොදෙන්නේ. එහෙම කියලා බලාපොරොත්තු වන දියුණුවක් ලැබෙන්නෙත් නැහැ. ප්‍රමාණයෙන් විශාල ගල් නවයක් පැලැඳීමත් විශාල වශයෙන් දුර්වලතා තවත් වැඩිවීමකට හේතු වෙනවා.


සමහර කෙනෙක් නවරත්න මුදුව විලාසිතාවක් ලෙසත් පාවිච්චි කරනවා. හිතුමතේට නැතිව නිවැරැදි ගලක් පැලැඳීමෙන් වාසනාව උදා කරනවා. වෘෂභ සහ තුලා ලග්නයන්ට පාප ග්‍රහයා වන්නේ බ්‍රහස්පති. පුෂ්පරාග කියන්නේ බ්‍රහස්පතිට අධිපති මාණික්‍ය. වැරැදිලාවත් වෘෂභ සහ තුලා ලග්න හිමියන් පුෂ්පරාගයක් පැලැඳුවහොත් නැති කරදරත් ඇති වෙන්න පුළුවන්.
ජේ‍යාතිෂය සහ අංක විද්‍යාව අනුව එක් එක්කෙනාට හිමි වාසනාවන්ත මැණික් වර්ග තිබෙනවා. එහෙම මැණික් ගලක් වුවත් භාවිත කළ යුතු නිශ්චිත බරක් තිබෙනවා. ගල පැලැඳිය යුතු ලෝහයක් තිබෙනවා. හැම ගලකටම රත්තරන් ගැළපෙන්නේ නැහැ. මුදුව පැලැඳිය යුතු ඇඟිල්ලක්ද තිබෙනවා. එය දෝෂ නසන්න මුදුව බහාලන රසායනයක් වෙන් වෙනවා. මේ සේරම තිබියදී මුදුව බල ගැන්වීමට කරන මැතිරිල්ලක් වගේම, නැකැතට මුදුව පැලැඳීමක් සිදු නොකළොත් හොඳ ප්‍රතිඵල ගන්න තරමක් අපහසු වෙනවා. මැණිකකින් යහපත් ප්‍රතිඵල ගන්න නම් මේ පිළිවෙත් සියල්ල එකක් හෝ අත් නොහැර සිදු කළ යුතුයි.


මැණික් ගලක් දැම්මාම ලැබෙන ගුණය තමයි විශ්වයෙන් ඒ පුද්ගලයා වෙත එල්ල කරන අයහපත් කිරණ පරාවර්තනය කිරීම. මැණික් ගලේ බුබුළු තිබෙනවා නම් පලුදු තිබෙනවා නම් පලඳින කෙනාට ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵල. නමුත් සමහර වෙළෙඳුන් දන්නවා මේ පලුදු බුබුළු වහනවා. ඒ නිසා මැණිකක් මිලදී ගන්නවා නම් මේ ගැනත් බලන්න වෙනවා. හොඳ මැණික් ගලක ගුරුත්වාකර්ෂණ බලය ඉහළ අගයක් ගන්නවා. ගලක දැඩි බව තවත් සාධකයක්. පැහැය, ඔපය, දිස්නය (ට්තචඵඵ අඥටතඥජබඪධද) හො¼දා කාරව තිබීමත් අතිශයින්ම වැදගත්.

Related Posts

1 comment:

Proudly Powered by Blogger.