Wednesday, November 19, 2014

64 හැවිරිදි zආච්චීz සුරූපිනියක්‌ වී ගුවන් හමුදා ලිපිකරුට සුද්දයක්‌ දෙයි....

by Api Nodanna Live  |  in Sri Lanka at  12:03 AM

64 හැවිරිදි zආච්චීz සුරූපිනියක්‌ වී ගුවන් හමුදා ලිපිකරුට සුද්දයක්‌ දෙයි....

තමා හිරිමල් විය විසිරෙන 19 හැවිරිදි සුරූපී අවිවාහක යුවතියක්‌ බවත් මිස්‌ කෝල් එකකින් (වැරදුනු දුරකථන පණිවුඩයකින්) තම දෛවෝපගත පෙම්වතා හමුවූ බවත් පවසා තරුණ ගුවන් හමුදා ලිපිකරුවකු පෙම් දැලෙහි පටලාගෙන ඔහුගෙන් රුපියල් එක්‌ලක්‍ෂ දහහත්දහසක්‌ වංචාවෙන් ලබාගත් බව කියන 64 හැවිරිදි
ආච්චි කෙනකු එම චෝදනාවට මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ (17දා) වරද පිළිගන්නා ලදී.


මෙලෙස ඇප නියම වූ සැකකාරිය වූයේ දිවුලපිටිය කෙහෙල්වල දකුණු බතලහේන පදිංචි කේ. ඒ. තිලකාවතී (64) නැමැත්තියයි. විමර්ශනවලදී අනාවරණයවූ කරුණු
අනුව ඇය ආච්චි කෙනෙකි.
දුරකථනයෙන් රගපා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් වයෝවෘද්ධ කත ඇය විසින් වංචා කළ මුදල නඩුවේ පැමිණිලිකරුවන 27 හැවිරිදි ගුවන් ලිපිකරුට ගෙවීමට එකගවීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය සැකකාරිය දැඩි ඇප කොන්දේසිමත රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපකරුවන් තිදෙනකුගේ ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට 17දා නියෝග කළාය.

මීගමුව පොලිසියේ සැරයන් (30722) සුදත් මහතා පැමිණිල්ල මෙහෙයවීය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රිකුරේ මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් චාමින්ද ලාන්සා මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 15 වැනි දින පැවැත්වේ.

මීගමුව සමූහ - විමල් කීර්ති

Related Posts

0 comments:

Proudly Powered by Blogger.