ජීවිතය වෙලාවකට හරි පුදුමයක් කියලා වගේම පුදුමයක්ම නොවේ කියලත් හිතෙන්න පුළුවනි. ඒ කොයි හැටි හෝ වේවා ජීවිතයේ අහම්බයකින් සිදුවන දේත් තියෙනවා. ‘‘දුලීකා - සුජීවගෙ’’ හමුවත් ඒ වගේද? නැතිනම් පතාගෙන ආ විදියට වෙච්ච දෙයක්ද? ඒත් නැත්නම් කලාන්තරයක් තිස්සේ පැවත එන පේ‍්‍රමයක්ද? ලෝකයට පෙනෙන්න ලොකුවට උත්සවයක් ගත්තෙ නැති වුණත්. මේ දෙන්නා අතර විවාහය පසුගියදා ලියා පදිංචි කෙරුණා. දුලීකා විවාහ වන්නෙ කා එක්කද කියන වගවත්, සුජීව විවාහ වෙන්න කා එක්කද කියන වගවත් මේ ලියාපදිංචිය සිදුවන තෙක්, මාධ්‍යයට ප‍්‍රකාශ කෙරුණේ නැහැ. කොහොම වුණත් දැන් දුලීකා මාරපන සහ සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ අතර විවාහය ලියාපදිංචි වී හමාරයි. ඒ වුණත් ඇයි මේ දෙන්නා උත්සවයක් නොගත්තෙ? මේ සියල්ල ගැන සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ හෙවත් දුලීකාගෙ ආදරණීය සැමියා සඳැල්ලට කීවේ මේ විදියටයි.

සුජීව අය්යා කියලා.

මම වේදිකාවට ආවේ 94දී විතර, ධර්මසිරි බණ්ඩාරනායක ශූරීන්ගේ යක්‍ෂාගමනය නාට්‍යයෙන්. පසුව 2001දී විතර දුලීකා ගැන දැන ගත්තා. ඒ බන්ධුල ජයවර්ධනයන්ගෙ ස්වර්ණමාලී නාට්‍යයෙන්. එදා ඇය ගයමින්, රඟමින්, නර්තනයෙන් වේදිකාවට අපූරු ආලෝකයක් ගෙනා ශිල්පිනියක වග දැන සිටියා. ඉතින් ඒ දක්ෂතාවලට මම ගොඩාක් ගරු කළා. ඊට පස්සේ අපි දෙන්නට එකට රඟපාන්න ලැබුණෙ මීට අවුරුදු දෙකකට විතර පෙරදීයි.


ඒ හැඟීම මට ආවේ ඇයගෙ දඩබ්බරකම නිසයි. ඒ කියන්නෙ සමහර දේවල් නාහෙට - නාහන තැන් තිබුණා. අසාධාරණකම්වලදී අයුක්තියේදී ඇය කට පියාගෙන හිටියෙ නැහැ. වහාම පෙනී සිටියා. ඇයගෙ දඩබ්බරකම කියලා මම කිව්වෙ ඒකටයි. මාත් එහෙමයි. අසාධාරණය. අයුක්තිය හමුවේ මාත් දඩබ්බරයෙක්. මේ පවතින සමහර දේ ගැන අපිට තියෙන්නෙ විරෝධයක්. ඒ කියන්නෙ කලාවේ වෘත්තීය මට්ටම ආදී සියල්ල සහ ඒවාට ලැබෙන වටිනාකම් ආදී සියල්ල ගැන. දුලීකා ඒ වගේ දේ වෙනුවෙන් පෙනී සිටින චරිතයක්. කලාව ගැන, සමාජය ගැන දුලීකා සහ මම හිතන දේ බොහෝ දුරට සමානයි. ඒ වගේම අපේ පුද්ගලිකත්වයට බැරවෙන දේ කරගන්නවාට වඩා, අපි දෙන්නගෙම අරමුණ වුණේ, හොඳ නාට්‍යයක් කිරීම. හොඳ නිර්මාණයක් කිරීම වගේ දේවල්, මේ සියල්ල නිසා මේ ගැලපීම වෙන්න ඇති.

කවද්ද, කොහොමද, මොන විදියටද කියලා කියන්න බැහැ. සමහර විට ගැහැණු - පිරිමි කැමැත්ත ලිංගික විරුද්ධකම් මත වෙන්න පුළුවන්. නැතිනම් හැඟීම් නිසා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය අර මම මුලින් කිව්ව සමාජයට හිතකර දඩබ්බරකම් නිසා වෙන්න පුළුවනි.

දුලීකා වගේම සමාජයේ බහුතරයකගේ සම්මතය වන්නෙ වයස අවුරුදු 20දී හෝ 25දී විවාහ වීමටයි. කොහොම වුණත් ඒ වයස නොවුවත්, මේ සිවිල් සමාජය ඇතුලෙ අපට කළ යුතු දේ තියෙනවා. ඉතින් ඒ සිවිල් සමාජයේ තිබිය යුතු දේ නිසා ලිඛිතව සහතිකයක් ගත්තා. හැබැයි දැනටත් අපි සම්ප‍්‍රදායානුකූලව හිතන්නෙ නැහැ. ඒ නිසා විවාහය ප‍්‍රකට කරන්න ඕනෑ. කියන දේවල් අපට තිබුණෙ නැහැ. අපි තවමත් පෙර සේම හොඳ මිත‍්‍රයින්, එකිනෙකාට ගරු කරන කලාකරුවන්, පෙම්වතුන්. මෙය පුද්ගලික දෙයක් කියායි හිතන්නෙ.

දෙපාර්ශවයේ දෙමාපියන්.

ඔව්, ඒක ස්වභාවයනෙ. ඒකත් අපි අපට හිතෙන විදියට කරන්න සැලසුම් කළා. ඒ කියන්නෙ ‘‘ලෝරන්ස්ගෙ මනමාලී’’ නාට්‍යයේ දර්ශනවාර 50 සම්පූර්ණ වන දිනට අපි එය කරනවා. ඇත්තටම මඟුලක් අරගෙන ලොකු වියදමක් කරනවාට වඩා, මේ වගේ නාට්‍යයක් කරලා සමාජයේ මිනිස්සු පිනවීම ඵලදායී දෙයක් බව අපි දෙන්නගෙම හැඟීමයි.
අද මේ ලෝරන්ස්ගෙ මනමාලී හරහා හොඳ පේ‍්‍රක්‍ෂකාගාරයක් හැදිලා තියෙන්නෙ. මංගල උත්සවයක් නොගෙන ඒ පේ‍්‍රක්‍ෂකා ගාරය පිනවීම ඇත්තටම අපට සතුටක්. මේ නාට්‍යයේ ඉදිරි දර්ශන 27- කඩවත සහ 30- මාතර යන නරගවලදී පැවැත්වෙනවා. ලබන අවුරුද්දෙත් මාර්තු දක්වා දර්ශන පෙළ ගැසිලා. ඉතින් අපට ඒ ගැන හරි සතුටුයි.

දුලීකා සම්ප‍්‍රදායික බිරිඳක් නෙවෙයි. එහෙම බිරිදක් මට ඕනෑ වුණෙත් නැහැ. ඇය රංගනයෙන් බොහෝ දේ කළ හැකි අපූරු ප‍්‍රතිභාවක් ඇති අපූරු ශිල්පිනියක්. ඉතින් ඒ වගේ කෙනෙකුගෙන්, සාමාන්‍ය ස්වාමි පුරුෂයකු අපේක්‍ෂා කරන දේ බලාපොරොත්තුවීම ඇයට කරන බලවත් අසාධාරණයක්. හැබැයි, ඇය බොහොම පේ‍්‍රමනීය, ආදරණීය, ආදරය ඉදිරියේ හැඟුම්බර වන, බොළඳ වන ආදරවන්තියක්. මට ඒ ඇති. රංගන ශිල්පිනියක් සේම ඇය ඉතා හොඳ ගැහැණියක්. ඒ ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා.
0 comments: