Wednesday, November 26, 2014

ඒඩ්ස් රෝගීන් 50% ක් බස්නාහිර බව හෙළිවේ

by Api Nodanna Live  |  in Sri Lanka at  2:49 AM


ශ්‍රීලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් 2014ක් බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ  විශේෂඥ වෛද්‍ය ආරියරත්න මනතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය හා  හා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව එච්.අයි.වී. පිළිබඳ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ අවදානම් කණ්ඩායම් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කරන ලදී.
1987 සිට  2014 වසර දක්වා වාර්තා වූ ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය 2014 ක් වන අතර, 2009 දී කාර්තුවකට ඒඩ්ස් රෝගීන් වාර්තා වූයේ 30 කි. මේ වනවිට එක් කාර්තුවකට (මාස තුනකට) 59 – 60 ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බවද එහිදී අනාවරණය  විය.

නමුත් මේ වනවිට වාර්තා නොවූ ආසාදිතයන් 2900 ක් පමණ රටේ විසිරී ඇතැයි ඇස්තමේන්තු ගත කොට ඇති බවද හෙළි විය.මෙයින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේද,  ඉතිරි ප්‍රමාණය ලංකාවේ අනෙකුත් සෑම ප්‍රදේශයකම සිටිනු ඇතැයිද පැවසෙයි.
පෞද්ගලිකත්වය රැකෙන පරිදි ඔවුන්ගේ රහස්‍යභාවය සුරකිමින් ඒඩ්ස් රෝගී බවට පත්වීමේ තත්ත්වය අවම කරගත හැකි නිසි ක්‍රමවේදයක් පවතින බැවින් අවශ්‍ය වන්නේ රෝගීන් තම ජීවිතය අවදානමක නොහෙලා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම බවද මෙහිදී සඳහන් විය.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.