Thursday, November 27, 2014

සිරස ‘සටන’ අවහිර වීම සම්බන්ධයෙන් ඩයලොග් ප්‍රධාන විධායක නිලධාරියා පසුතැවෙයි

by Api Nodanna Live  |  in Video at  7:17 AM

සිරස නාලිකාවේ සටන දේශපාල වැඩසටහන ඩයලොග් ටීවී මගින් අවහිර කිරීම සම්බන්ධයෙන් ප්‍රකට නීතිඥයෙකු වන සාලිය පීරිස් මහතා අදාළ ආයතනයෙන් කරුණු විමසීමක් කර තිබේ.
ඊට පිළිතුරු වශයෙන් ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සිදු වූ අවහිරතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ය.
සාලිය පීරිස් මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ විකාශන ගැටලුවකට මුවාවි වික්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන සංවාදය අවහිර කළ ආකාරයක් පෙනෙන්නට තිබෙන බව ය.
මේ පිළිබද විමසීමේදී ආදාළ ආයතනයේ නිලධාරීන් ප්‍රමාණවත් පිළිතුරක් දීමට අසමත් වූ බව ද ඔහු පෙන්වා දී තිබේ.
ඔහුගේ ලිපියෙන් උපුටා ගත් කොටසක් පහතින් දැක්වේ.
පුරවැසියන් වන අපිට අදහස් ප්‍රකාශ කිරීමේ හා සිතිමේ නිදහස ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.මේ වැඩසටහන අවහිර කිරීම පිළිබඳව ඔබ පාරිභෝගිකයන් වන අපට පැහැදිලි පිළිතුරක් දීමට බැදී සිටිනවා. ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔබේ පාරිභෝගිකයාගේ අයිතිය ආරක්ෂා කිරීම ඔබගේ යුතුකමක් ඔබගේ ආයතනය ඊට අසමත් වීම දැඩි කනස්සල්ලට හේතුවක්.
මේ සම්බන්ධයෙන් පිළිතුරු සපයන ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසුරිය මහතා පවසන්නේ විකාශනයේ සිදු වු අවහිරතා පිළිබඳව කනගාටු වන බව ය.
මෙය නිරන්තර අධීක්ෂණයට ලක් වන බැවින් ගැටලු ඇත්නම් සේවාදායකයන්ට ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමට හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ හැකි බව ද ඔහුගේ පිළිතුර ලිපියේ පෙන්වා දෙයි.
මේ අතර සටන වැඩසහන අවහිර කිරිම සම්බන්ධයෙන් පළ වී ඇති අදහස්වලට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.