නම
එකකි... කෙරෙන්නේ තව එකකි... කොළඹ එවැනි තැන්වලින් කිසිදු
අඩුවක් නැත. ඒ තැන්වලට රටේ බලපවත්නා නීතිය ද වලංගු නැත.
වැරදීමකින් හෝ එවැනි තැන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කරන
නිලධාරීන්ට අගැයීමක් ලෙස කොළඹින් දුෂ්කර ප්‍රදේශයන්ට මාරුවීම්
ද හිමි වන්නේය. රට ජාතියට වැඩ කරන නීති ගරුක නිලධාරීන්ට අපේ
රටේ ඉඩක් නැත. ඒ මේ රටේ හැටිය. ඒ ගැන කතා කර ඇති ඵලක් ද නැත.
අපේ කතාව නම එකකි... කෙරෙන්නේ තව එකකි... එවැනි තැනක් කොළඹ
කොල්ලුපිටියේ අධි ආරක්‍ෂිත කලාපයේ ද කාලයක සිටම පවත්වාගෙන
යන්නේය. ඒ ගාලු පාර අද්දර රෙස්‌ටුරන්ට් එකක උඩම මහළේ
පවත්වාගෙන යන 'ස්‌පා' බෝඩ් ලෑල්ලට වැසුණු සුපිරි ගණිකා
තිප්පොළකි. මේ තැන ගැන මීට වසරකට පෙර ද ප්‍රථම වරට 'දිවයින'
මගින් අපි හෙළිදරව් කළෙමු. පසුගිය වර්ෂයේ මාර්තු මස 24 වැනිදා
'දිවයින ඉරිදා සංග්‍රහය' කළ ඒ හෙළිදරව්වෙන් පසු මේ තරු පන්තියේ
ගණිකා තිප්පොළ වසා දැමීමට සිදු වූ බව ද පසුව අපට වාර්තා විය.
එහෙත් එය සති කිහිපයකට පමණක් සීමා විය. ප්‍රබල දේශපාලනඥයකුගේ
සහ උසස් පොලිස් නිලධාරියකුගේ ආනුභාවයෙන් කරගෙන යන එම ගණිකා
තිප්පොළ නැවතත් විවෘත වී ඇති බව ද අපට දැනගන්නට ලැබිණි. මෙරට
දේශපාලනඥයන්ට කරන්නට බැරි දෙයක් නැත. ඕනෑම කාලකණ්‌ණි වැඩක්
කර සුදු ලෝගුවෙන් වැසුණු විට ඔවුහු සුද්දවන්තයෝය. කොළඹ
කොල්ලුපිටිය අධි ආරක්‌ෂිතයේ පිහිටි මේ සුපිරි ගණිකා තිප්පොළට
ජීවය ලැබෙන්නේ ද එහෙව් දේශපාලන හස්‌තයකින් සහ රටේ නීතිය
ක්‍රියාත්මක කරවන උසස් පොලිස් නිලධාරියකුගේ අනුහසිනි.
එහෙයින් අපි මේ 'තරු පන්ති ගණිකා මඩම' ගැන පත්තර පිටු කොපමණ
පිරෙව්වත් ඵලක් නැති බව තේරුම් ගෙන නිහඬ වීමු. කෙසේ හෝ පසුගිය
දිනක පොලිස් ඇස මේ සුපිරි සම්බාහන මධ්‍යස්‌ථානය වටා යොමු
විණි. එම සම්බාහන මධ්‍යස්‌ථානයේ සම්බාහිකාවන් මුවාවෙන් ගණිකා
වෘත්තියේ නියෑළුණු විදේශීය කාන්තාවන් කිහිප දෙනෙකු පොලිස්
අත්අඩංගුවට ගෙන එම ස්‌ථානයේ පෙළ ගස්‌වා තිබු අයුරු ද රූපවාහිනි
මාධ්‍යයකින් ප්‍රදර්ශනය කෙරිණි. එම සුපිරි සම්බාහන
මධ්‍යස්‌ථානය පොලිසියෙන් වැටලීමත් සමග නැවත අපි ඒ ගැන
සොයාබැලීමට අදහස් කළෙමු. ඒ අනුව අප එම 'සුපිරි සම්බාහන
මධ්‍යස්‌ථානය ගැන විපරම් කර බැලූ විට දැනගන්න ලැබුණේ පොලිස්
වැටලීමෙන් පසු ද නැවතත්, කිසිදු අතුරු අන්ත්‍රාවකින් තොරව
සම්බාහන මධ්‍යස්‌ථානය තිබුණාටත් වඩා 'සුපිරියට කරගෙන යන බවය.
එහෙත් ඒ 'සුපිරි තැනට' යැමට තරමක් අසීරුය. සේවා පහසුකම් ලබාගත
හැක්‌කේ ඔවුන්ගේ සාමාජිකයන්ට පමණි. කෙසේ හෝ ඒ සුපිරි සම්බාහන
මධ්‍යස්‌ථානයේ සේවා පහසුකම් ලබාගැනීමට අපි සමත් වීමු. අපට
ලැබුණු 'බොකිං' එක දිනක සවස 4 ය. එහෙත් එතැනට යැමට අවස්‌ථාව
ලැබුණේ එක් අයකුට පමණි. ලැබූ අවස්‌ථාවෙන් මම එතැනට යැමට
සූදානමින් පසුගිය දිනක සවස 4 ටත් කලියෙන් කොල්ලුපිටියේ පිහිටි
සුපිරි රෙස්‌ටුරන්ට් එකක් අසලට ගියෙමි. 'සුපිරි සම්බාහන
මධ්‍යස්‌ථානය පිහිටා තිබෙන්නේ එම රෙස්‌ටුරන්ට් එකේ ඉහළම
මහළේය.
රෙස්‌ට්‌ටුරන්ට් එකේ ආරක්‍ෂක නිලධාරියකුගේ මඟ පෙන්වීම මත ඉහළ
මහළේ පිහිටි එම සම්බාහන මධ්‍යස්‌ථානයට යැමට මම විදුලි සෝපානයට
ගොඩ වූවෙමි. එක පිම්මේ විදුලි සෝපානය මොහොතකින් ගොඩනැඟිල්ලේ
ඉහළම මහළට ඇදිණි. පෙර නොදුටු දසුන් මැවෙන ඒ විසල් මන්දිරය
තුළදී මගේ සිත යම් චකිතයකට පත් විණි. එසැණින් සිතට ධෛර්යය ගෙන
නැවත මම පියගැට පෙළ තරණය කළෙමි. පියගැට පෙළ අවසානයත් සමග
දොරක් විවෘත විය. ඒ දොරෙන් ඇතුළු වනවාත් සමග එම සම්බාහන
මධ්‍යස්‌ථානයේ පිළිගැනීමේ නිලධාරිණියක් යෑයි සිතිය හැකි සිංහල
කාන්තාවක් සුහදව පිළිගත්තාය. ඇය අනුගමනය කළ තායි කාන්තාවක්‌ද
අත්ල එකතු කර ප්‍රියමනාප ලෙස මට ආචාර කළාය.
'සර්... උදේ බුකිං එක ගත්තා නේද...' කවුන්ටරයේ සිටින සිංහල
කාන්තාවගේ කොමළ හඬ හිනීයට හැඩ විණි.
'ඔව්...'
'8500 ක් දෙන්න...'
'පොට්' එක වගේම මිලත් සුපිරිය. පැය එකහමාරක 'මසාඡ්' එකක්
සඳහා ගාස්‌තුව රුපියල් අටදහස් පන්සියයකි. එහෙත් මිල දැනුම්
දුන් විට මම පුදුම නොවෙමි. මීට වසරකට පෙරත් මම මෙතැනට පැමිණ මේ
මුදල ගෙව්වෙමි. එක හොඳකි. රටේ ජීවන වියදම විදිළියක් මෙන් ඉහළ
ගියද මේ සම්බාහන මධ්‍යස්‌ථානයේ 'මසාඡ්' එකක් සඳහා අය කරන
ගාස්‌තුව වැඩි කර නැත. සිත තුළ ඇඳෙන සිතුවිලිවලට විරාමයක් දී
මම අදාළ ගාස්‌තුව ගෙව්වෙමි.
'ස්‌තුතියි සර්... පස්‌වැනි කාමරයට යන්න..' නැවතත් ඇයගෙන් කොමළ
හඬකි. හම රැලි වැටුණු තායි කාන්තාවගේ සිනාව තවමත් මුහුණේ
එලෙසමය. මම කවුන්ටරය අසලිsන් ඈත් වෙනවාත් සමග හැඩකාර විදේශීය
කාන්තාවක් මා අසලින් ඉදිරියට ඇදිණි. උඩුකය ස්‌කිනරයකින්
වැසුණු 'යට ටික' කෙටි කලසමකින් සඟවා ගත් ඒ කාන්තාවගේ රූ සපුව
මෙන්ම ගමන් විලාසයත් දුටුවන් මවිත කරවන සුලුය. ඇය කොරිඩෝව දිගේ
නාරි ගමනකය. තවත් සුරූපීය විදේශීය කාන්තාවක් මා දෙසට ගමන්
කරයි.
මේ සුපිරි සම්බාහන මධ්‍යස්‌ථානයේ සිටින සියලුම සම්බාහක
සේවිකාවන් තායිලන්ත කාන්තාවන්ය. සංචාරක වීසාවලට පැමිණෙන ඒ
කාන්තාවන් මේ සම්බාහන මධ්‍යස්‌ථානයේ රැඳෙන්නේ මාසයක් පමණ
කාලයකි. එම කාන්තාවන් ඒ මාසය තුළ නවාතැන් ගෙන සිටින්නේ ද මෙම
සම්බාහන මධ්‍යස්‌ථානය තුළමය. ඔවුන්ට වීසා ඉවර වන විට තවත්
පිරිසකට වීසා ලැබෙන්නාහ. සුපිරි සම්බාහන මධ්‍යස්‌ථානය හැමදාම
සුරූපී තායි කාන්තාවන්ගෙන් හැඩ වී තිබෙන්නේය.
සම්බාහන යනු ශරීරයේ අවයව මිරිකීමෙන් කරන වෙදකමකි. එහෙයින්
සම්බාහන කුටියක් තුළදී සම්භාහන වෙදකම කෙරෙන අතුරතුරදී
'රෝගියාට' යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ක්‍ෂණිකව සම්බාහන
මධ්‍යස්‌ථාන තුළ සිටින ආයුර්වේද වෛද්‍යවරයාට එය දැනුම් දීමට
මෙන්ම සම්බාහනය අතරතුර 'රෝගියාගේ' නිදිගත් ඉඳුරන් අවදි වී
සම්බාහිකාවට හෝ සම්බාහකයාට යම් අතවරයක් කිරීමට සූදානම්
වුවහොත් ග්‍රහණයෙන් මිදී කුටිය තුළින් පැන ගැනීමට සම්බාහන
කුටියක් තුළ තිබිය යුත්තේ කෙටි දොරකි. එසේ නැති නම් දොර
රෙද්දකි. එහෙත් මේ සුපිරි සම්බාහන මධ්‍යස්‌ථානය තුළ ඇති කාමර
හයම දොරගුළු වැටෙන හුළං රැල්ලක්‌වත් එළියට නොයන පරිදි
සම්පූර්ණයෙන් වැසුණු කාමරය. එමෙන්ම ඒ කාමරය තුළ කණ්‌ණාඩි
මේසයක්, හිඳ ගැනීමට පුටු දෙකක්, සුව පහසු ඇඳක්, සුපිරි
බාත්රූම් එකක් සහ ඇඳුම් කබඩ් එකකින්ද සම්පූර්ණ වී තිබිණි. ඊට
නොදෙවැනි අමුතුම පුසුඹකින් කාමරය සුවඳවත් වී තිබිණි. එමෙන්ම මේ
සම්බාහන මධ්‍යස්‌ථානය තුළදී වෙනත් සම්බාහන මධ්‍යස්‌ථානවල නැති
සුවිශේෂී පහසුකම් රැසක්‌ම ගනුදෙනුකාර භවතුන්ට ලබාදී තිබේ. කෑම
බීම සහ ඉස්‌තරම්ව වර්ගයේ ඕනෑම මත්පැන් වර්ගයක් සිතැඟි පරිදි
ඇණවුම් කරගැනීමට ඇති පහසුව. කාමර පහසුකම්, ආගන්තුක සත්කාර හැම
දේම හොඳය. එක දෙයක් නරකය. ඒ වැසුණු කාමරවල සම්බාහනයට එහා ගිය
දෙයක් සිදුවීමය. එනම් ගනුදෙනුකරුවන්ට කරන සම්බාහනය කෙසේ වෙතත්
තායි කාන්තාවෝ මුදලට හොඳ හැටි සම්බාහනය වන්නාහ. එම සම්බාහන
මධ්‍යස්‌ථානයේ සම්බාහිකාවන් මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදී
සිටින කාන්තාවන් පහළොවකට වැඩිය. ඒ සියලුම දෙනා මෙන්ම එම
සම්බාහන මධ්‍යස්‌ථානයේ කොරියන් ජාතික කළමනාකරු ඇතුළු සියලුම
දෙනා විදේශිකයන්ය.
'සැඟවුණු සම්බාහනයේ යථාර්ථය එබඳුය. එහෙත් කතාව ඉවර නැත.
සම්බාහන නාඩගමේ හොඳම හරිය වේදිකාගත වන්නේ දැන්ය. සම්බාහන
මධ්‍යස්‌ථානවලට රටේ නීතියක් ඇත්නම් උස් මිටි බේද නොතකා සෑම
සම්බාහන මධ්‍යස්‌ථානයකටම නීතිය ක්‍රියාත්මක විය යුතුය. එකකට
වැහුණු දොරකුත් තවෙකකට කෙටි දොරකුත් තියෙන්න බැරිය.
නීතිය නම් සැමට එක විය යුතුය. එහෙත් සිදුවන්නේ රටේ හැම තැනකදීම
වෙන දේමය. සම්බාහන මධ්‍යස්‌ථානය පවත්වාගෙන යන පුද්ගලයා අනුව
නීතිය එහා මෙහා වන්නේය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන
සම්බාහන බෝඩ් එකට මුවා වූ මේ ගණිකා මඩම පොලිසියෙන් වැටලීම් කළ
ද නැවතත් ක්‍රියාත්මකව පැවතීම පොලිසියේ නිරුවත සමාජය ඉදිරියේ
නැවත වරක් ප්‍රදර්ශනය කිරීමකි. එමෙන්ම ජනාධිපති මැඳුර පෙනෙන
දුරින් මෙවැනි සුපිරි පන්තියේ ගණිකා මඩමක් පවත්වාගෙන යැමට
ලෙහෙසි පහසු ජගතෙකුට නොහැකිය. සංචාරක වීසා යටතේ ලංකාවට පැමිණෙන
මේ විදේශීය කාන්තාවන්ට මෙරට රැකියා කිරීමට අවසර ලබාදී ඇත්තේ
කෙසේද?
පෙළ ගැසෙන කරුණුවලින් පසක් වන්නේ මේ හිරිකිත මාංශ ජාවාරම යට
අදෘශ්‍යමාන බලවේගයක් ඇති බව නොවේද? සම්බාහන මධ්‍යස්‌ථාන අවට
පොලිසිවල ලොක්‌කන්නව මොනර මිටිවලින් සන්තර්පණය නොකරන්නේනම්
පොලිස් වැයික්‌කියේ සම්බාහනයට බැරියර්ය. වැයික්‌කියේ පොලිස්
ලොක්‌කන්ට පිදේනි නොදී සම්බාහනය නීත්‍යනුකූලව පවත්වාගෙන ගියද
ඵලක් නැති බවද සැබෑය. නිරන්තරයෙන් පොලිස් ඇස ඒ සම්භාහන
මධ්‍යස්‌ථාන වටා දිවෙන්නේය. මේ 'ඩීල්' එක කොළඹට පමණක් පොදු
වූවක් නොවේ සම්බාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන සෑම නගරයකම එක
ලෙසටම ක්‍රියාත්මක වන තියරියකි.
අපේ කතාවට මාතෘකාව වූ කොල්ලුපිටිය තායි මසා පොට් එකෙන්ද
මාසයකට කාකි කෝට් ලොක්‌කන්ට විතරක් රුපියල් ලක්‍ෂ දහයකට වැඩි
මුදලක් බෙදා දෙන බව දැනගන්නට ලැබේ. 'ඩීල්' ගැහෙන්නේ එහෙමය.
මාසයක් ගානෙ පිනට දෙන මුදල සුළු පටු නැත. එහෙත් ඒ 'මසා' පොට්
එකට නම් ඒ මුදල ලොසින්ජරයක් තරම්වත් ලොකු නැත. එම සම්බාහන
මධ්‍යස්‌ථානයේ දිනක ආදායම රුපියල් ලක්‍ෂ තිහකට වැඩිය. පෙනේද
සම්බාහනේ රඟේ. මේ සම්බාහන ආයතනයට ලැබෙන මුදලෙන් වැඩි කොටසක්
ඇදී යන්නේ කොරියාවට සහ තායිලන්තයටය. අපේ රටට ඉතිරි වන්නේ
පුංචිම පුංචි සොච්චම් මුදලක් සහ සමාජයට සුව කළ නොහැකි ලෙඩ
ගොඩකි.
අපේ රටට සම්බාහන මධ්‍යස්‌ථාන, ස්‌පා අගුණයි කියා අපි නොකියමු.
සංචාරක කර්මාන්තය සමග පෙරට යැමට පිඹුරුපත් සකසන රටකට
අනිවාර්යයෙන්ම මේ දේවල් අවැසිය.
මෙරට ආයුර්වේද සම්බාහන වෙදකම බලාපොරොත්තුවෙන්ම මෙරටට එන
සංචාරකයන් සිටිති. එහෙයින් සංචාරක කර්මාන්තයේ දියුණුවට ද මේ
දේවල් රටකට අවැසිය. එමෙන්ම සම්බාහනය දේශීය වෙදකමේ එන ප්‍රතිකාර
ක්‍රමයක් බැවින් විවිධ ශාරීරික අපහසුතා ඇති පුද්ගලයන්ට
සම්බාහන ප්‍රතිකාර ගැනීමට සම්බාහන මධ්‍යස්‌ථාන තිබිය යුතුය.
ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමය, බෙහෙත් ඔරු, පංචකර්ම නිල
ඇල්ලීම් ආදී සම්බාහන වෙදකමට සමාජය තුළ ඉහළ ඉල්ලුමක් ඇති බව
රහසක් නොවේ. විය යුත්කේ රටේ නීතියට යටත්ව විනිවිදභාවයකින්
යුක්‌තව සම්බාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැමය. එසේ නොමැතිව
'වෙදකමක' තිරපටින් වසා ගණිකා මඩම් පවත්වාගෙන යැම නොවේය. අපේ
රටේ රුපියල් සත විදේශීය වෙසඟනන්ට පූජා කිරීම ද නොවේය.
ලොක්‌කන්ට එක නීතියකුත් පොඩ්ඩන්ට තව නීතියකුත් ඇති රටකට මේ
කියන දේවල් වැදි බණ වෙන්නට හැකිය. ගැටලුවක් නැත. අපි නැවත
වරක් කොල්ලුපිටියේ 'සුපිරි ගණිකා මඩම' ගැන රටට හෙළිදරව් කළේය
කියා අපට සතුටු විය හැකිය.
තරංග රත්නවීර
Saturday, November 29, 2014
කොල්ලුපිටියේ සුපිරි සම්බාහන රති කෙළිය...
by Api Nodanna Live |
in Sri Lanka
at 8:51 PM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
November
- වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
- මාලක සිල්වාගේ හිරිහැරයට ලක්වූ සුද්දී මෙන්න.....
- 2014 දෙසැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද?
- Times of India සචින් ටෙන්ඩුල්කාර්ව සමාදානයේ සතපයි
- ඔබට බර අඩු කරගෙන ලස්සන වන්නට බැරි මේ නිසයි
- Winter Collection by Triumph
- මිණි පුරයෙන් රංගන ක්ෂේත්රයට සුරූපිනියක්
- නපුරු වෙන්න ඕනෑ වෙලාවට මං හරිම නපුරුයි
- කොල්ලුපිටියේ සුපිරි සම්බාහන රති කෙළිය...
- ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
- අලූත විවාහ වූ මට සූදුසූ පවූල් සැලසූම් ක්‍රමය කුමක්ද?
- පෙම්වතුන් පෙම්වතියන් කෙතරම් හොඳින් ගැළපේද -විවාහ ජ...
- වත්ස්‍යායන පඬිවරයා දැක්වූ ලිංගික ඉරියව් 100ක් 18+
- ශේෂාද්‍රි වැස්ලින් බෝතල් 10000 ක් ගත්ත කතාව
- නයනා දේශපාලකයෙක් ගැන කතා කරයි
- මුස්ලිම් කොංග්‍රසයට අසුන දී මන්ත්‍රී අස්වර් ඉල්ල...
- විමල්ගේ ප්‍රහාරයෙන් දයා ගමගේට, කබීර් හෂීම්ට බරපතල...
- මේ සුරූපී දියණියව බැන්ඳොත් ඔබට ලැබෙන දෑවැද්ද රුපිය...
- සිරස ‘සටන’ අවහිර වීම සම්බන්ධයෙන් ඩයලොග් ප්‍රධාන වි...
- සමහරු රඟපාන්න ආරාධනා කරන්නේ වෙනත් දේවල් හිතේ තියාගෙන
- යාළුවො - මාළුවො වගේ ඕන තරම් හිටියත් අවංක සැබෑ යාළු...
- නොගැළපෙන දීගයක ගිහින් තම දිවිය කණපිට පෙරළාගත් කාන්ති
- විවාහ වුණාට අපි තාමත් පෙම්වතුන්
- මගේ දුව දෙරණ රූපවාහිනියේදී සිරස ගැන කී නිසා මගේත් ...
- ඉතාලියෙන් මතු වූ මිනිස් වෙස් ගත් දෙවියෙක්
- කොන්දේසිවලින් තොරව ආදරය කරන්න පුළුවන්ද?
- ෆේස් බුක් සැරිසරද්දී අතුරුදන් සිසුවා
- ඒඩ්ස් රෝගීන් 50% ක් බස්නාහිර බව හෙළිවේ
- උතුරු නැගෙනහිර ජනයාගේ රත්තරං බෙදා දෙයි
- ජනපතිවරණයේදී මැද පෙර දිග ශ්‍රමිකයන්ට අන්තර්ජාලයෙන්...
- හොල්මන් ෆිල්ම් බැලුවාම ඇති ප්‍රධානම වාසිය
- සන්ධානයට නැගෙනහිර අහිමිවන ලකුණු
- පාප්වහන්සේ ඡනපතිවරණයට වැඩ
- මනෝලි කමිටුවෙන් ක්‍රිකට් 'ලිංගික අල්ලස්' චෝදනා හෙ...
- ජනාධිපති ගෙන් මෛත්‍රීට චෝදනාවක් !
- මාවන්ගෙන් වාස් ට කැපිල්ලක් !
- අතට අත දෙනවාට වඩා සිපගැනීම සෞඛ්‍යාරක්ෂිතයි
- සල්මන් ඛාන් සහ සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන්ග...
- ඇමති මර්වින්ට උසාවිය ඉදිරිපිට දී විරෝධය.
- චන්ද්‍රිකා මාව හිරේ යැවුවේ සරත් සිල්වාට හෙළුවැල්ල ...
- ඉන්දියාවේ ගෞරව් ගයන අලුත්ම සිංහල ගීතය Video
- රෙජිනෝල්ඩ්ගේ හඬ විපක්ෂයේ Video
- මං බඳින දවස මටත් වඩා හොඳට දන්නේ පත්තරකාරයෝ
- චන්ද්‍රිකා මාව හිරේ යැවුවේ සරත් සිල්වාට හෙළුවැල්ල ...
- "විනාඩියක් ඇතුලත මිනිස්සු 100කට කියලා කිස් කර ගත්ත...
- ‘මෛත්‍රී තෝ අපිව කෑවා’ මහනුවරදී ලක්ෂ්මන් කිරිඇල්ල...
- මෛත්‍රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි මහ ඇමැ...
- තාත්ති ගැනවගේම අම්මි ගැනත් ආඩම්බරයි
- ෂර්මාගේ ලෝක වාර්තාවට සොෆියා දුන් අපූරු තෑග්ග
- ‘මොන බොරුද? මං යන්නේ නෑ‘
- "මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා" ...කොටියා මල...
- මෛත්‍රී, රාජිත පිරිසිදුයි.. අවංකයි.. – හිරුණිකාත්...
- කාන්තිගේ චීස්
- කාන්තාවන්ගේ ලිංගික ආශාව හිතන් හිටියාට වඩා සංකීර්ණලූ
- වැඩකරන ගමන් Facebook ලොග් වෙන්න "Facebook at Work"...
- අකිල හා මේනකා හොරා කාලා
- හෙට අයවැය පරද්දනවා.. එහෙම නොකලොත් මගේ තාත්තා බණ්ඩා...
- මෛත්‍රීපාල කැඳයෙක්.. ආව උන් පෙන්දෝ.. ගේනවා කිවු 4...
- මේ ලැබෙන ප්‍රතිචාර දරාගන්න බැහැ - පියුමි හංසමාලි
- යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව (වීඩියෝ සහිතයි)
- ANGEL of the Water Fall - Nuwangi Bandara
- මගෙ මහත්තයා තමයි ඇ`ග හදාගන්න උදව් කරන්නෙ - උදාරි
- සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී…
- ජනාධිපතිවරණය ජනවාරි 08.. නාමයෝජනා දෙසැම්බර් 08
- Kiss කරන්නේ බලාගෙනයි
- සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
- බොහොමයක් අය නොදන්න 21 වෙනි උපන්දිනයේ විශේෂත්වය
- කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ වැරදිකාරිය...
- කකුල් කැත කෙල්ලන්ට
- නවරත්න මුදුවට රැවටෙන්න එපා
- 2015 වසරේ ලග්න පලාපල
- මහරගම සභාපතිනි මන්ත්‍රීට ගහන්න පනී
- චාමර වීරසිංහ පර්පල් රේන්ජ් අතහරී ?
- අන්තිමේදී අනර්කලීගේ විවාහය ලොස්ඇන්ජලීස් නුවර ඩිෂාන...
- චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ පුතා රුවන් හෙට්ටිආරච්චිද...
- 64 හැවිරිදි zආච්චීz සුරූපිනියක් වී ගුවන් හමුදා ලි...
- අත් පා බැඳ දමා ,සැමියා බලා සිටියදී ගොළු තරුණිය සමු...
- තවත් සුරූපී කාමුක නිළියක් බොලිවුඩයට
- පූනම් පාන්ඩේ තෙළිඟු සිනමාවට පය තබයි. Video
- සනී ලියෝන්ගේ අලුත්ම එක
- හොල්මන් ඇත්තටම තියෙනවාද?
- දරුවා ක්ලාස් එකේද? බිච් එකේද? හෝල් එකේද? දැන ගන්න ...
- මධුමාධව හෙළ උරුමය අතහැර ශ්‍රීලනිපයට (වීඩියෝ)
- ශ්‍රි ලාංකිකයෙක් උඩු ගුවනේදී සුද්දියක් කෙළෙසලා.. ...
- හෙළ උරුමය - ආණ්ඩුව හැප්පෙද්දී පැකර් උනන්දුවෙයි
- ජැකා මහින්දට අලුත් නමක් දාලා !
- ඩයලොග් නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ
- ‘මහින්දට තුන්වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණ එ...
- කොස්ගමදී 25 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ ...
- චම්පික රණවක සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර අත් හරිති...
- ලොරියෙන් පාරට මැණික් වැටිලා
- කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ සුදු නෝනා ...
- ජනාධිපතිවරණයට බොදු බල සේනාවෙන් අපේක්ෂකයෙක්..
- නවක සිසුන් කැලයට ගෙන ගොස් ලිංගික හිංසන කරලා
- ජැකලීන්ගේ අවන්හලේ කෑම සමග පණුවන්!
- ලොව දුප්පත්ම ජනපති සල්ලි කන්දක් එපා කියයි!
- චම්පික හා ගම්මන්පිල ඇමති ධුරවලින් ඉල්ලා අස්වේ..
- පාසලේ අයිටී ලැබ් එකේදී සිසුවියට අතවර කරන කොම්පියුට...
- ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආරක්ෂකයින් සිටි ජීප් රථයක්, ටි...
- ශාරුක් 'Don 3' ට අතගහන්න යයි
-
▼
November
Proudly Powered by Blogger.
0 comments: