Wednesday, November 19, 2014

අන්තිමේදී අනර්කලීගේ විවාහය ලොස්ඇන්ජලීස් නුවර ඩිෂාන් ජයසිංහ සමගයි කවුද මේ ඩිෂාන්?

by Api Nodanna Live  |  in Sri Lanka at  12:30 AM

ප්‍රකට නිළි අනර්කලී ආකර්ෂා විවාහ වන්නට යන බවට අනාවැකිය පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවතක් වූ අතර එය සැබෑ කරමින් පසුගිය නොවැම්බර් 13 වැනි බ්‍රහස්පතින්දා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අනාර්කලී ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ ගිවිසගෙන ඇත.
විවාහ උත්සවය දෙසැම්බර් 6 වනදා කැලිෆෝනියාවේ සැන් මැරීනෝහිදී පැවැත්වෙයි.
පාඨක කුතුහලය වන්නේ කවුද මේ ඩිෂාන් යන්නයි.
ඩිෂාන් කුඩා කල සිටම
ඇමරිකාවේ වාසය කරන්නෙකි. ඔහුගේ පියා සුප්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහයි. කැලිෆෝනියාවේ ලෝස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානය නමින් රෝහලක් පවත්වා යන ඔහු කෝටිපතියෙකි.



ගම්පහ ප්‍රදේශයේ උපතලද ඩිෂාන් පියා සමග සංක්‍රමණයවී කුඩා කල සිටම ඇමරිකාවේ හැදී වැඩී ඇති අතර ඔහු ඩොල්ෆින් ඇකඩමි හා ටේලර් කොලේජ් විද්‍යාල වලින් අධ්‍යාපනය හදාරා පසුව ව්‍යාපාර වලට අතගසා ඇත. දැන් ඔහු ප්‍රයිමරි ප්‍රොවයිඩර් මැනේජ්මන්ට් නමැති සමාගමක් පවත්වාගෙන යයි.

ඩිෂාන්ගේ සොයුරා ඔහුගේ නමටම සමාන නමක් ඇති ඩිලාන් ජයසිංහයි. zඩි-ලොන්Z නමින් ප්‍රකට බටහිර ගායකයෙකු වන ඔහු ලංකාවේ නම පළමු වරට ඇමරිකානු බිල්බොර්ඩ් ගීත දර්ශකයටද ගෙන ගිය ගායකයාය. ඔහු සිංහාවලෝකනය චිත්‍රපටයටද රංගනයෙන් දායකවී ඇත.

කලාවට හිතැති ජයසිංහ පවුල ඇමරිකාවේදී අනාර්කලීට මුණ ගැසෙන්නේ මින් ටික කලකට පෙර රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ සමග ඇමරිකාවේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ගිය ගමනකදීය. එහිදී ඩිෂාන් හා අනාර්කලී අතර මිතුදමක් ගොඩනැගී ඇත. ලංකාවට ආ පසුවත් දිගින් දිගටම දුරකථන මගින් අනර්කලී සමග සබඳතා පැවැත්වූ ඩිෂාන් පසුගිය අගොස්තු 24 වන දින සිය ෆේස් බුක් ටයිම් ලයින් එකේ zඉන් අ රිලේෂන්ෂිප්Z නමින් සටහනක් තබමින් අනර්කලී සමග පෙමින් වෙළුණ බව මිතුරන්ට දැනගන්නට සනිටුහන් කර ඇත.

ඉන් පසු මාස 3 ක් ගතවන්නට පෙර පසුගිය නොවැම්බර් 14 වනදා ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම සිදුවිය. ඔවුන් උත්සවාකාරයෙන් පවත්වන්නට යන විවාහ මාංගල්‍යය ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් මැරීනෝහීදී ලබන දෙසැම්බර් 06 වනදා පවත්වන්නට නියමිතය.

ලංකාවේ විලාසිතාවන්ගෙන් හැඩවන්නට කැමැත්තක් ඇති නිසා මේ සඳහා ලංකාවේ නමගිය මංගල ඇඳුම් නිර්මාණය කරන්නන් හා හැඩගන්වන්නන්ගේත් ඡායාරූප ශිල්පීන්ගේත් සහාය ලබාගැනීමට අනර්කලී තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් පිරිසක්ද ඇමරිකාව බලා පිටත්ව යනු ඇත.

විවාහයෙන් අනතුරුව ලංකාවට අනාර්කලී පැමිණෙන්නකට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මාසයේය. අනතුරුව දේශපාලකයින් නළු නිළියන් හා ක්‍රිකට් තරු සහභාගීවන සාදයක් ලංකාවේ පවත්වන්නටත් ඇය සැලසුම් කර ඇත.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.