Tuesday, November 18, 2014

හෙළ උරුමය - ආණ්ඩුව හැප්පෙද්දී පැකර් උනන්දුවෙයි

by Api Nodanna Live  |  in Sri Lanka at  8:07 AM

ජාතික හෙළ උරුමය හා ආණ්ඩුව අතර ගැටුම් වර්ධනය වීමත් සමඟ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්  ලංකාවේ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් යළි උනන්දුවක් දක්වමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාල කැසිනෝ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ සිටිමින් දැඩි විරෝධයක් දක්වනු ලැබිනි.
ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ක්‍රවුන් කැසිනෝ ව්‍යාපාරය උපුටා දක්වමින් ඊයේ  (17) ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිනි.
එසේම පැකර් සිය මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතිය අනුමත කර ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවමින් සිටින බවද එම වාර්තාවල දැක්විනි.
ඩොලර් මිලියන 457ක වටිනාකමකින් යුත් සුපිරි පහසුකම්වලින් සමන්විත ක්‍රවුන් හෝටලය ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේවැව ආසන්නයේ ඉදිකිරීමට නියමිතය.
වත්මන් ආණ්ඩුව විසින් මේ ව්‍යාපෘතිය ඇතුළු සංචාරක හෝටල් තුනක් ඉදිකිරීමට මේවන විට අවසදී ඇති අතර  ඒ සඳහා කැසිනෝ බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
කෙසේවවුද පවතින දේශීය බලපත්‍ර උපයෝගී කරගනිමින් එම හෝටල්වල කැසිනෝ ව්‍යාපාරය ක්‍රියාත්මක කළ හැකි බවද පැවසේ.
මේ අතර පසුගිය අය වැයෙන් කැසිනෝ සඳහා ඇතුළත්වීමේදී නව බද්දක් පැනවූ අතර එය අදාල හෝටල්වල කැසිනෝ ව්‍යාපාර ආරම්භයට දමන ලද සැලැස්මක් බව ආර්ථික විශේෂඥ මතය වී තිබේ.
මූලාශ්‍ර  - සිඩ්නි මෝනිං හෙරල්ඩ් හා ඒපී

Related Posts

0 comments:

Proudly Powered by Blogger.