Sunday, November 23, 2014

කාන්තාවන්ගේ ලිංගික ආශාව හිතන් හිටියාට වඩා සංකීර්ණලූ

by Api Nodanna Live  |  in Sex Education at  8:50 AM

කාන්තාවන්ට ලිංගික ආශාව ජනනය වීම පෙර සිතා සිටි ආකාරයට වඩා සංකීර්ණ ක‍්‍රියාවලියක් බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත්තේ කාන්තාවන්ගේ ලිංගික ආශාව ඇති කිරීම සඳහා හෝමෝන විසින් සිදුකරන්නේ කුඩා කාර්යභාරයක් බවයි.
මේ සඳහා ආර්තවහරණය අතරමැද සිටින කාන්තාවන් 3302ක් සහභාගී කරගෙන ඇති අතර ඔවුන්ගේ හෝමෝන මට්ටම් සහ ලිංගික චර්යාව අතර සාම්‍යයක් තිබේදැයි පරීක්‍ෂා කර බලා තිබේ.
පිරිමින්ගේ ලිංගික හැසිරීම් පාලනය කරන හෝමෝනය වූ ටෙස්ටොස්ටෙරෝන් සුළු වශයෙන් කාන්තා ඩිම්බ කෝෂ මගින්ද නිපදවේ.
පර්යේෂකයින් පවසා ඇත්තේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි ප‍්‍රමාණයක් සහිත කාන්තාවන්ට එම ප‍්‍රමාණය අඩු කාන්තාවන්ට වඩා වැඩියෙන් ලිංගික ආශාවන් ජනිත වන බවයි.
කෙසේවෙතත් ශෝකය දනවන අවස්ථා අවමවී සිය සහකරු සමග ඇසුර ඉතාමත් ප‍්‍රීතිමත්වූ විටදීද කාන්තාවගේ ලිංගික ආශාව ඉහළ යන බව නිරීක්‍ෂනය කර තිබේ.
මේ අනුව සබඳතාවගේ තෘප්තිමත් භාවය ඇතුළුව වෙනත් මනෝ සාමාජයීය කරුණු විසින් ගෙන එනු ලබන බලපෑම හෝමෝන අඩංගුවෙන් සිදුකරන වෙනසට වඩා තීව‍්‍ර බව මිචිගන් විශ්වවිද්‍යාල වෛද්‍ය පාසලේ ජෝන් රැන්ඩොල්ෆ් පවසා තිබේ.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.