බොහෝ දෙනා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යන නළුවෙක් හා
අධ්‍යක්ෂවරයෙකු ලෙස හංවඩු ගසා ඇති ජනපතිවරයාගේ කුළුපඟ මිතුරෙකු වන ජැක්සන්
ඇන්තනි මහතා එළැඹෙන ජනාධිපතිවරණය සඳහා "මහින්දවාදය" (Mahindaism) යනුවෙන්
නව වදනක් එළි දක්වා ඇතැයි වාර්තා වේ.
ඔහු පසුගිය මැතිවරණ වල දී ජනාධිපතිවරයාව හඳුන්වා දෙන ලද්දේ "ජන මූල නායකයා" යනුවෙනි.Charismatic Leadership යන්න "අනුහස් සහිත නායකයා" යනුවෙන් සිංහලට පරිවර්තනය කරමින් මීට පෙර සිය පක්ෂ පාතීත්වය ජනාධිපතිවරයාට පෙන් වූ ඔහු අද දින සිය 69 වන උපන් දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන ක්‍රමය වනාහී මහින්දවාදයයැයි හඳුන්වා දී තිබේ.
"මේ වචනය අදට වඩා හෙට දවසේ දී භාවිත වනු ඇති බවද " ජැක්සන් පවසා ඇතැයි වාර්තා වේ.
0 comments: