Wednesday, November 26, 2014

පාප්වහන්සේ ඡනපතිවරණයට වැඩ

by Api Nodanna Live  |  in Sri Lanka at  2:37 AM

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඡායාරූපයක් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක වැඩ සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ විරෝධය එල්ලවී තිබේ.
ඉහලින්ම ජනපතිවරයාගේ ඡායාරූපයක්ද මැද්දෙන් ''ශුධෝත්මයන්ගේ ආශිර්වාදය'' යන ශීර්ෂය ද යොදා ඉන් පහලට වන්නට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහිතව ද පහලටම වන්නට ''ඔබයි අපේ ජනපති'' යන වැකිය සඳහන් කරමින් අලවන ලද පෝස්ටරයකට මෙසේ විරෝධය එල්ලවී ඇත.
අදාල පෝස්ටරය කතෝලික ජනතාව වැඩි වශයෙන් සිටින ප්‍රදේශයන්හි අලවා ඇති බවද පැවසේ.
ලබන වසරේ ජනවාරි මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට සංචාරයේ නිරතවීමට සැලසුම් කර තිබේ.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.