Friday, November 21, 2014

මගෙ මහත්තයා තමයි ඇ`ග හදාගන්න උදව් කරන්නෙ - උදාරි

by Api Nodanna Live  |  in Sri Lanka at  10:11 AM

උදාරි ර`ගපාන්න ආවෙ ඉලක්කයක් තියාගෙන නෙමෙය,ි ජනප‍්‍රියත්වයට තියෙන ආසාව නිසා නේද ?
මම ර`ගපාන්න ආවේ ජනප‍්‍රියත්වයට තියෙන ආසාවෙන් කියලා කියනවනම්, ඒක සම්පූර්ණ වැරදි අදහසක්. හැබැයි මම ර`ගපාන්න ආවේ මගේ කැමැත්තකින් නම් නෙමෙයි. ඒක තමයි ඇත්ත. මගේ තාත්තාගේ තියෙන ආසාවටයි මම ර`ගපාන්න ආවේ. තාත්තටයි ඕනෙ වුණේ මාව නිළියක් කරන්න.

තාත්තගෙ ඒ උනන්දුව මොනතරම්ද කියනවනම් පුංචි කාලේ මගේ පෙකනිය උඩට ඇවිල්ල තිබිලා තාත්තා
ඒකට කාසියක් තියලා බඳිනවලූ. පෙකනිය උඩට තිබුණොත් ලොකු වුණහම මාව නිළියක් කරන්න බැරිවෙයි කියලා. ඒ නිසා මට කියන්න තියෙන්නේ මම නිළියක් වුණේ තාත්තාගේ හීනයක් සැබෑ කරන්නයි කියලයි” නිළිකම නිසා උදාරිට හිමිවුණ දේවල් වගේම අහිිමිවුණ මොනවහරි දේවලූත් තියෙනවද ?


නෑ අහිමිවුණ කිසිම දෙයක් නෑ.. මගේ ජීවිතයට හැම දෙයක්ම ඉහටත් උඩින් ලැබිලා තියෙන්නේ මේ නිළිකම නිසයි..”

ඔයා ර`ගපෑමට සම්බන්ධ වුණේ සිනමා නිළියක් විදිහටයි. ඒත් ඔයාව සිනමාවෙන් ප‍්‍රතික්‍ෂේප වුණ නිසා නේද ටෙලි නාට්‍ය පැත්තට ආවේ ?
මම සිනමාවෙන් ප‍්‍රතික්‍ෂේප වුණානම් අදටත් මට ර`ගපාන්න චිත‍්‍රපට ලැඛෙන්නේ කොහොමද ? පායා එන්න හිරුසේ චිත‍්‍රපටයෙන් පස්සේ සිහිනය දිගේ එන්න චිත‍්‍රපටයෙ මම ර`ගපෑවා. ල`ගඳීම තිරගත වෙන්න තියෙන ආදරය කතාවක් චිත‍්‍රපටයෙත් මම ර`ගපානවා. තව චිත‍්‍රපට කිහිපයකටම මට ආරාධනා ලැබිලත් තියෙනවා. ර`ගපාලත් තියෙනවා”

උදාරි කලා ලෝකයට සම්බන්ධ වුණේ උදයකාන්ත වර්ණසූරියගෙ පායා එන්න හිරුසේ චිත‍්‍රපටයෙන්. ඒත් ඊට පස්සේ උදයකාන්තගෙ චිත‍්‍රපටවලට ඔයාව සම්බන්ධ කර ගත්තේ නෑ නේද ? ඒක හොඳ සහතිකයක් නෙමෙයිනෙ ?
උදයකාන්ත අයියගේ පායා එන්න හිරුසේ චිත‍්‍රපටයෙ ර`ගපෑවට පස්සෙ තමයි මට බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ර`ගපාන්න අවස්ථාව ලැබුණේ. ඒක දීර්ඝ ටෙලි නාට්‍යයක් වුණා. ඒ අතරෙම නිල්වලා ආයතනයෙ සිහින පියාපත් ටෙලි නාට්‍යයෙත් ර`ගපාන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා ආරාධනා ලැබුණත් චිත‍්‍රපටයකට සම්බන්ධ වෙන්න මට කාලය හොයාගන්න බැරිවුණා. ඊට පස්සේ මට දුව ලැඛෙන්න හිටපු නිසා ර`ගපෑමෙන් තාවකාලිකව ඈත්වෙන්න වුණා. උදයකාන්ත අයියා අලූතින්ම අධ්‍යක්‍ෂණය කරන බහු භූතයෝ 2 ගින්දරී චිත‍්‍රපටයේ මම ර`ගපානවා.”

බොඳ මීදුම් ටෙලි නාට්‍යයෙ සංසලාගේ චරිතයෙන් ඔයාට ලැබුණ ජනප‍්‍රියත්වය දැන් අඩු වෙලා නේද ?

මට නම් එහෙම දැනෙන්නේ. තාමත් සංසලා ගැන කතා කරන අය ඉන්නවා. මේ දවස්වල මම ආදර දෑසක් ටෙලි නාට්‍යයේ ර`ගපාන නිසා භූමිකා කියලා කතා කරන අයත් ඉන්නවා. ඔයාගේ මහත්තයා විදේශ රටක වෛද්‍යවරයෙක්. ඔයාට පුංචි දරුවකුත් ඉන්නවා. ඒත් ඔයා මෙහාට වෙලා ර`ගපපා ඉන්නවා. මේ ර`ගපාන්නේ ර`ගපාන්න තියෙන කැමැත්තටද. එහෙමත් නැත්තම් මුදල් හම්බ කිරීමේ දැඩි වුවමනාවටද ?
මුදල් හම්බ කිරීමේ චේතනාවක්නම් කිසිසේත්ම නෑ. එහෙමනම් මට ර`ගපාන්න ඕනේ නෑ. මට මනෝවිද්‍යාව සම්බන්ධ ඩිග්රියක් තියෙනවා. ඒකෙන් හොඳ රැකියාවක් කරන්න පුළුවන්. මම ර`ගපාන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙනුයි. මම මොන දේ කළත් මගේ ජීවිතයෙ අංක එකදීලා තියෙන්නේ මගේ සැමියාට මගේ දුව හා මගේ පවුල් ජීවිතය වෙනුවෙනුයි.

මහත්තයා කියන්නේ නැද්ද දැන් ර`ගපෑම නතර කරල ගෙදර ඉන්න කියලා ?
නෑ.. එයාගෙන් ඒ විදිහෙ කිසිම බලපෑමක් නෑ. එයා කියන්නේ මගේ මේ වයසෙදී මගේ තියෙන හැකියාවන් අපතේ යවන්න එපා කියලයි. බබා ලැබුණට පස්සේ මම අසාමාන්‍ය විදිහට මහත් වුණා. ඒ වෙලාවේ එයාම තමයි මගේ ඇ`ග පත මේ තත්ත්වයට හදාගන්න මාව උනන්දු කෙරුවෙත්”

ඒත් ඔයා ර`ගපාන්න ආපුවහම ඔයා මෙහෙ එයා එහෙනෙ. දෙන්නා දෙපැත්තෙනෙ ?
මම මාසයක් ගානෙ සිංගප්පූර් යනවා. නැත්තම් එයා මාවයි දුවයි බලන්න මෙහෙ එනවා. ෂූටින් නැතිවුණහම.. අපි තුන්දෙනාම එහෙ ගිහින් එකට ඉන්නවා”

ඔයා පසුගිය කාලේ ගීතයක් ගායනා කෙරුවා කියලත් ලොකු සද්දයක් දැම්මනෙ. ඒ සද්දේ විතරනෙ ඊට පස්සේ මොකද වුණේ ගීත ගායනයට ?

මම ගීතයක් ගායනා කෙරුවා කියලා ලොකු සද්දයක් දැම්මෙ නම් නෑ. ඒත් ඒක ගැන සමහර මාධ්‍යවලින් කතාකරල තිබුණා. මම ඒ ගීතය ගායනා කෙරුවෙ ගායනයට සම්බන්ධවෙන අදහසකින් නෙමෙයි. මගෙ හස්බන්ඞ්ගෙ බර්ත් ඬේ එකට දෙන තෑග්ගක් විදිහටයි. ඒක මමම කියලා ලියවගෙන මමම මුදල් වියදම් කරලා නිර්මාණය කරපු ගීතයක්.”

ඒත් ඒ ගීතයම නව පරපුරේ වෙනත් ගායිකාවක් ගායනා කරනවා නේද..? ඔයා සැමියා වෙනුවෙන්ම ගායනා කරපු ගීතය ඇයි වෙනත් කෙනෙක් ගායනා කරන්නේ..?
ඇත්තටම ඒක මටත් ප‍්‍රශ්නයක්. ඒ ගීතය ලිව්වේ මගේ හස්බන්ඞ්ගේ මිතුරෙක්. සංගීතවත් කෙරුවේ භාතියලා. ඒත් දැන් ඒ ගීතය වෙන කෙනෙක් ගායනා කරනවා”

ඒ ගැන නීතිමය පියවරක් ගන්න පුළුවන්නේ ?
නීතිමය පියවරක් ගන්නවානම් ගන්න පුළුවන්. ඒත් මම කැමති නෑ කලාකරුවෝ කලාකරුවෝ අතර ප්‍රශ්න ඇති කරගන්න. ඒ නිසයි නිහඬව ඉන්නෙ.

උදාරිගෙ දියුණුවට සාර්ථකත්වයට ඉරිසියා කරන අයත් ඉන්නවද ?
එහෙම අයත් ඉන්නවා. ඒ්ත් මම ආසයි මට ඉරිසියා කරනව නම්. ඒ මොකද ඒ ඉරිසියා කරන්නේ නිළියක් විදිහට බිරිඳක් විදිහට වගේම මවක් විදිහටත් මම සාර්ථක නිසානෙ”

දැන් දුවගේ වයස කීයද?
දැන් දුවට අවුරුදු දෙකයි මාස හතරයි”

එතකොට දුවගෙ අම්මට..?
දුවගෙ අම්මටත් තාම අවුරුදු විසි හයයි”

Related Posts

0 comments:

Proudly Powered by Blogger.