පූජා උමාශංඛර් නමැති මේ සුරූපී රංගන ශිල්පිණිය අද ශ්‍රී ලංකාවේ සිනමාවට මෙන්ම රූපවාහිනියට නැතුවම බැරි චරිතයක් වී හමාරය. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන ජැක්සන් ඇන්තනිගේ දස්කොන් නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයකට දායකව සිටින පූජා, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත‍්‍රපටය වන ”පත්තිනි” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයකට දායකව සිටින්නීය. ඊට අමතරව දෙරණ සිටි ඔෆ් ඩාන්ස් විනිශ්චයට ද එක්වන්නීය. නමුත් මේ සියල්ලට වඩා පූජා ගැන අද වැඩි දෙනෙක් කතා කරන්නේ ”ඇයගේ විවාහයට” තෝරා ගත් දීපාක් නිසාය. පූජාහට මෙලෙසින් දීපාක් හමුවීමට පෙර බොහෝ විවාහ යෝජනා ලැබී තිබිණි. ඒ අතර ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානු ජාතික ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු ද විය. නමුත් ”පූජා” ඒ කිසිවකට මනාප නොවී ඇයි දීපාක් හට කැමති වුණේ? මේ සියල්ල ගැන දන්නේ ඇයගේ මවය. ඇය මවට නොකියන දෙයක් නැති තරම්ය. පූජාගේ කුඩා කාලයේ ජීවන රටාවේ සිට මේ පෙම්වතා තෝරා ගැනීම දක්වා ආ ගමන ගැන මව සන්ධ්‍යා උමාශංඛර් සැඳැල්ලට පැවසූවේ මෙලෙසිනි.

දඟ ළමයෙක් වුණේ නැහැ. හරිම කීකරු - තමුන්ගේ පාඩුවේ වැඩක් කරගෙන හිටපු දරුවෙක් වුණා.


ඒ කාලයේදී විතරක් නොවෙයි, අදටත් එයාගෙ ආසාව තියෙන්නෙ සතුන්ට උපකාර කරන්නයි. පාරේ අතරමං වෙලා සිටින බලූ පැටවකු එහෙම දුටුවාම අම්මෙ ගෙදර ගෙනියමු කියලා ඉල්ලීම් කළා.

ඇත්තටම සත්ත්ව කරුණාව නිසාම වෙන්නත් ඇති. එයාට ඕනෑ වුණේ පශු වෛද්‍යවරියක වීමට තමයි. සතුනට හරි කරුණාවන්තයි.

ඔව්. වොලිබෝල් ටීම් එකේ හිටියා. ඊට අමතරව ”කොකෝ” කියන ක‍්‍රීඩාව කළා. නමුත් එයාගෙ ප‍්‍රියතම විෂයය වුණේ සමාජ අධ්‍යයන විෂයයි. නමුත් එයා උපාධිය ලබා ගත්තේ මානව සම්පත් කළමනාකරණ අංශයෙන්.

නර්තනයට හොඳ හැඩතල තිබුණා. ටීචර්ලා ඒ ගැන අපට කියලා තිබුණා.

පූජා ඉගෙනීමට දක්ෂ වෙච්ච හන්දා එයාගෙ තාත්තා හිතුවේ දුව සමාගමක ඉහළ තනතුරක් දරාවි කියලයි. නමුත් මෙයා රඟපෑමට යන්න තාත්තාගෙන් ඇහුවාම ”ගියොත් හමගහනවා” කියලා තිබුණා. තාත්තා එච්චරටම විරුද්ධ වුණා. මෙච්චර මහන්සිවෙලා ඉගැන්නුවේ ඕව කරන්න ද කියලා ඇහුවා.

ඒක ඇත්තටම මම ලංකාවට ඇවිත් හිටපු නිසා වෙච්ච දෙයක්. මම අපේ අම්මට අසනීප වෙලා ලංකාවට ඇවිත් හිටියේ. ඒ අතර වාරයේදී පූජාට චරිතයක් ලැබිලා. පසුව එහි රූගත කිරීම් වලටත් ගිහින් ඇවිත්. පසුව මට මේ ගැන කිව්වා. එයා දැන ගෙන හිටියා මම තාත්තාගෙන් එයාව බේරා ගනීවි කියලා. ඉතින් මම ඉන්දියාවට ගියාට පස්සෙ සැමියට කියලා පිංසෙන්ඩු වුණා. දරුවා කැමති දේ කරන්න, අනෙක එයා ඒකට දක්ෂයිනෙ කිව්වා. කොහොම හරි පූජා තමා කැමති අංශයෙන් ජයග‍්‍රහණය කළා.

අදටත් පූජගේ නාට්‍යයක්, චිත‍්‍රපටියක් විකාශය වෙනවා නම් ටී.වී. එක වහල දානවා. අදටත් එයා විරුද්ධයි.

පූජා එයාගෙ කලාකටයුතු නිසා විවාහය ගැන හිතුවේ නැහැ. දැන් ඒ තීරණය ගත්ත නිසා එයාට සතුටුයි.


යාළුවෝ හිටියා. ඒත් එයා එයාට හරියට ගැලපෙන කෙනා ලැබෙන කල් කාටවත් පොරොන්දු දීලා තිබුණේ නැහැ. මම දන්න තරමින් සමීප පේ‍්‍රමයක් තිබිලා නැහැ. තිබුණා නම් එයා මට ඒ ගැන කියනවා.

අපොයි ඔව්, ගොඩක් ඇවිත් තිබුණා. ගනින්න බැරි තරමට ගොඩක් තිබුණා.

දීපාක්ගෙ හමුවත් අහම්බයක්. පූජාගෙ මිතුරියක් තමයි 2011 මිස් ශ්‍රී ලංකා වූ ස්ටෙෆානි. දීපාක් ස්ටෙෆානිගෙ මිතුරෙක්. කොහොම හරි ස්ටෙෆානි සහ පූජා කතාකර කර සිටි අවස්ථාවක ”ඔයාට ගැලෙපන හොඳ කෙනෙක් ඉන්නවා” කියලා ස්ටෙෆානි පූජාට කියලා. පූජා ඒ ගැන එච්චර හිතලා නැහැ. ඒත් දවසක් මේ යාළුවෝ ටික ? කෑමකට පූජාව එක්කගෙන ගියා. එදා පූජා සහ දීපාක් දෙන්නාට දෙන්නා කතා කරන්න ඇති. කොහොම හරි එදා ගෙදර ආව පූජා වෙනදට වඩා සතුටකින් සිටින වග මට තේරුණා.

දෙන්නා ඒ විදියට හමුවෙලා සතියකින් විවාහ වෙන්නත් තීරණය කරලා. ස්ටෙෆානිලා එහෙම පුදුම වෙලා. කොහොම හරි දීපාක් අපේ පූජාට ගැලපෙන බව එයා දැකපූ මුල්ම දවසේ මම හිතුවා. පුදුමෙ කියන්නෙ පූජාත් මෙච්චර ඉක්මනට කැමති වෙච්ච එකයි.

පූජා වගේම සතුනට ආදරය කරන, බොරු නොකියන, පොඩි දරුවන්ට ආදරය කරන, දෙවියන් අදහන හොඳ දරුවෙක්. පූජාට බොරු කරන්න බැහැ. දීපාක්ගෙ ඒ දේවල් එයාට තේරෙන්න ඇති.

ඔව්, එයා විලාසිතා නිරූපණ ශිල්පියකුට අමතරව සංචාරක ක්ෂේත‍්‍රයේ කළමනාකරුවෙක්. ඉතින් නිතර එයාට විදේශ සංචාරක යන්න වෙනවා. හැබැයි අද දෙන්නට-දෙන්නා නොදැක ඉන්න නැතුවම බැරි තරමට සමීපයි. ඇත්තටම දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි. ජීවිතයට අවශ්‍යත් ඒකනේ.
0 comments: