Thursday, November 13, 2014

ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් චෝදනාවට ක‍්‍රීඩිකාවන්ම වැරදිකරුවන් වෙයි

by Api Nodanna Live  |  in Sri Lanka at  9:21 AM

තේරීම් කමිටු නිලධාරියෙකුට එරෙහිව ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් කීපදෙනෙකු කළ ලිංගික අල්ලස් චෝදනාව ඔවුනටම පාරා වළල්ලක් වෙමින් පවතින ලකුණු පහළ වී ඇතැයි වාර්තා වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක‍්‍රීඩිකාවන් මාධ්‍යයට අදහස් දැක්වීම එහිදී තුරුම්පුවක් ලෙසින් යොදාගෙන ඇති අතර ක‍්‍රීඩිකාවන්ට මාධ්‍යයන් වෙත අදහස් දැක්වීමට තහනම් බැවින් මෙම සිද්ධියේදී දැන් වැරදිකාරියන් වී ඇත්තේ ඔවුන් බවට මේ වන විට මූලස්ථානයේ මතයක් ඉදිරිපත් වී ඇත.
මේ අතර ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් සම්බන්ධ ලිංගික අල්ලස් සිද්ධියේ චූදිතයන්ට මූලස්ථානයෙන්ම රුකවරණය ලැබෙමින් පවතින බවත් ඊට හේතුව එක් චූදිතයෙක් මූලස්ථානයේම ඉහළ පෙළේ නිලධාරියෙකු මුල් පුටුවක් දරන ක‍්‍රීඩා සමාජයක ලේකම් තනතුරක් දරන්නෙකු වීම බවත් කියවෙයි.

0 comments:

Proudly Powered by Blogger.