Thursday, November 13, 2014

අනර්කලීගෙ කොල්ලා දිෂාන්

by Api Nodanna Live  |  in Sri Lanka at  9:27 AM

හිටපු පළාත් සභා මන්ත්‍රීනියක හා නිළියක වන අනර්කලී ආකර්ෂා ගේ අතගන්නා මනාලයා වන්නේ දිෂාන් ජයසිංහ නම් තරුණයෙකු බව වාර්තා වේ.

ඇමෙරිකාවේ ව්‍යාපාරිකයෙකු වන දිෂාන්,  මෙරට ජනප්‍රිය රැප් ගායකයෙකු වන ඩිලෝන් ජයසිංහගේ සහෝදරයෙකි.

ඇය මේ හාදකම ආරම්භ කර ඇත්තේ පසුගිය කාලයේදී රොයි ද සිල්වා හා සුමනා අමරසිංහගේ චිත්‍රපටයක රූගත කිරීමකට ඇමරිකාවට ගොස් සිටියදී බවද පැවසේ.

තමා හා දිෂාන් පෙනී සිටින ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කරමින් අනර්කලී සඳහන් කර ඇත්තේ, '' දිෂාන් සමග විවාහ වෙනතුරු මට ඉවසිල්ලක් නෑ '' ලෙසයි.

දිෂාන්ගේ හා අනර්කලීගේ විවාහය මෙම වසරේ සිදුකිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වෙයි.

0 comments:

Proudly Powered by Blogger.