නදීෂානි නිලුක්ෂිකා වන ඇය කලා ක්ෂේත‍්‍රයට යොමුවුණේ නිරූපණ ශිල්පිනියක ලෙසය. ඉන්පසු හිරු ඔඪ ආයතනයේ නිවේදිකාවක ලෙස වසර දෙකහමාරක් පමණ කටයුතු කළාය. ඉන්පසු දෙරණ ඔඪ නිවේදිකාවක වූ ඇය පසුව රූපවාහිනී වෙළඳ දැන්වීම් සමග කාර්යබහුල වූවාය. මේ වන විට දැන්වීම් පනහකට ආසන්න සංඛ්‍යාවකට පෙනී සිට ඇත. ඊටත් අමතරව ගීත ඇල්බම සඳහා රූපරචනා රැසකට රංගනයෙන් දායකව ඇත. නමුත් ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා නදීෂානි ගැන කතා කිරීමට පටන්ගත්තේ ˜වරිග පොජ්ජ˜ චිත‍්‍රපටය සමගය. අද නම් ඇය ගැන බොහෝ දෙනා කතාවන්නේ, දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ˜කොම්බි˜ නාට්‍ය නිසාය.
නදීෂානි කියන්නද? නිලුක්ෂිකා කියන්නද?
ඒ දෙකම කියන්න.
ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ ගම පානදුර. ඉගෙන ගත්තෙ පානදුර ශාන්ත ජෝෂප් බාලිකාවෙන්. පවුලේ අම්මා, තාත්තා සහ අයියලා තුන්දෙනයි. මම බාලයා.
ඉගෙන ගත්තෙ මොනවගේ අරමුණක් ඇතිවද?
පාසල් යන කාලයේදී ඇත්තටම මම දක්ෂ වුණේ ක‍්‍රීඩා අංශයටයි. ඒත් එක්කම සහජ හැකියාවන් තිබුණා. වේදිකාවේ කෙරෙන දේවලට වගේම විවිධ අංශවලට හැකියාවක් තිබුණා. ඒ නිසා කවදාහරි ඒ අංශයකින් ඉදිරියට යන්න ඕනෑ කියලා හිතුවා. කලා අංශය තෝරා ගත්තෙ ඒ නිසයි.
පවුලේ එකම ගැහැනු ළමයා මේ විදියට සමාජගත වීම ගැන ගෙදර අය මොනවද කිව්වෙ?
අයියලා තුන්දෙනා නම් එදා එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. විශේෂයෙන්ම ලොකු අයියා අකමැති වුණා. මේ ක්ෂේත‍්‍රයේ හැදෙන කටකතා ගැන ඒ අය බයවුණා. නමුත් අපි හරිදේ තෝරාගෙන හරි දේ කළා නම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. මම අනුගමනය කළේ ඒ දේවල්. ඒ නිසා මට වැරදුණේ නැහැ. අම්මා අදටත් මගේ හෙවනැල්ල වෙලා මා එක්ක එනවා. අද අයියලා තුන්දෙනා වගේම තාත්තාත් සතුටු වෙනවා. මේ සියලු දේවල් මම ගොඩනගා ගත්තෙ තනියම කිව්වොත් හරි.
ඒ කිව්වෙ?
පංතිවලට ගිහින් රංගනය ගැන, කලාව ගැන ඉගෙන ගන්න අවකාශය තිබුණෙ නැහැ. පංතිවලට ගිහින් රංගනය ගැන හදාරන්න තිබුණා නම් හොඳයි. ඒත් මට සිද්ධ වුණේ හැමදෙයකම ආභාෂය ලබමින් ගමනක් යන්නයි.
එවැනි වාතාවරණයක් රටේ තිබියදී ඇයි ඔබ රංගනයම තෝරා ගත්තෙ?
ඕනෑම කෙනෙකුට තමුන් කැමති දෙයක් ඇෙඟ් තියෙනවනෙ. ඉතින් මගේ කැමැත්ත තිබුණෙ මේ අංශයටයි.
ඇයි ඒ? එයින් ලැඛෙන ජනප‍්‍රියත්වය නිසාද?
ජනප‍්‍රියත්වය කියන්නෙ එක දෙයක්. නමුත් ගොඩාක් අය ආදරය කරන අංශයක්. රංගනය කියන්නෙ තව කෙනෙක් සතුටු කරවන අංශයක්. මිනිස්සු සතුටු කරවලා පෙරලා ඔවුන්ගෙන් ලබන ආදරය ඇත්තටම වටිනවා. රංගනය කියන්නෙ ඇත්තටම වාසනාවක්. ඒකට වාසනාවත් තියෙන්න ඕනෑ.
ඒ කියන්නෙ කේන්දරය එහෙම බලල ද රංගනයට ආවේ?
ජ්‍යොතිෂය ගැන ටිකක් විතර දන්නවා. මොකද හිරු ඔඪ එකේ නිවේදනය කරද්දි, ඒ අංශයේ වැඩසටහන් කළා. හැබැයි කොහොමටත් මාස තුන හතරකට සැරයක්, අම්මා කේන්දරය බලන්න යනවා.
මොකක්ද කේන්දරයට කියලා තිබුණෙ?
දිදුලන තරුවක් වේවි කියලා තිබුණා. දැනට මං බොහොම පුංචි තරුවක් තමයි, ඉදිරියට දිදුලන තරුවක් වේවි.
0 comments: