Monday, November 17, 2014

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය අදට (18) යෙදී තිබෙන අතර ඔහුගේ දෙවන ධුර කාලයේ හතරවන සැමරුම හෙටට (19) යෙදී තිබේ.

by Api Nodanna Live  |  in Sri Lanka at  9:04 PM

මේ නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේදී අද (18) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ පැවැත්වේ.
මෙයට අමතරව නාරාහේන්පිට අභයාරාමයේදී කිරිමවුවරුන් උදෙසා දානමය පිංකමක්‌ද, කොළඹ සම්බෝධි විහාරස්‌ථානය ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්‌ථාන සහ අනෙකුත් ආගමික ස්‌ථානවල අද සහ හෙට (18, 19) දිනවල ආගමික වතාවත් සිදුකෙරේ.
1945 නොවැම්බර් මස 18 වන දින වීරකැටියේ දී උපත ලද රාජපක්ෂ මහතා, සිය පියාණන් වන ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පියසටහන් අනුව යමින් 1970 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දේශපාලන දිවිය ආරම්භ කර  ඇමැතිවරයකු, විපක්ෂ නායකවරයකු, අගමැතිවරයකු ලෙස කටයුතු කර 2005 වසරේ දී මෙරට ජනාධිපති ධූරයට පත් විය.
2005 වසරේ නොවැම්බර් මස 17 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ද එම වසරේ සිය ඡන්ම දිනය දා වීමත් සුවිශේෂී කරුණකි.
වැඩිදුරටත් තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න.

0 comments:

Proudly Powered by Blogger.