Monday, November 17, 2014

ඓතිහාසික පරාජයෙන් පසු මැතිව්ස් මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශය (VIDEO)

by Api Nodanna Live  |  in Video at  4:19 AM

ඓතිහාසික පරාජයෙන් පසු මැතිව්ස් මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශය (VIDEO)
පීඩනයක් පවතින අවස්ථාවක සිය පිතිකරුවන් ක්‍රීඩාකරන ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය ඉවහල් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ, දෙරට අතර පස්වැනි එක්දින ක්‍රිකට් තරගය අවසන් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5ට 0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ය.
ඒ ඊයේ පැවති අවසන් එක්දින තරගය කඩුලු 3කින් ජය ගැනීමත් සමගිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5 ට 0ක් ලෙස තරගාවලියක් පරාජය වුණේ පළමු වතාවට ය.
ඇන්ජලෝ මැතිව්ස්, මෙම වසරේ  එක්දින ලකුණු 1000 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වූ අතර සිය මංගල ශතකය ද වාර්තා කළේ ය.
මේ අතර ඉන්දීය කණ්ඩායම එම තරගාවලි ජයග්‍රහණයත් සමග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ තුන්වැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර ශ්‍රී ලංකාව තවදුරටත් රැඳී සිටින්නේ එහි සිව්වැනි ස්ථානයේ ය.
පිළිවෙළින් දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව එහි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල රැඳී සිටී.

0 comments:

Proudly Powered by Blogger.