Saturday, November 15, 2014

පෞද්ගලික බසයකදී තරුනියකගේ පියයුරු මිරිකලා

by Api Nodanna Live  |  in Sri Lanka at  8:26 PM

අමතර පන්තියකට ඇරලූ සිය දරුවා නැවත රැගෙන ඒමට පෞද්ගලික බස්‌ රථයක යමින් සිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක කාර්යාල කාර්ය සහායිකාවකගේ පියයුරු ස්‌පර්ෂ කර ඇයව අපහසුතාවට හා ලිංගික හිංසාවකට පත් කළ බව කියන පුද්ගලයකු පිලිබඳ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මිරිහාන මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, වෛද්‍යා පාරේ පදිංචි අයෙක්
බවයි. එම කාර්යාල කාර්ය සහායිකාවකගේ කුඩා දරුවා මාදිවෙල ප්‍රදේශයේ අමතර පන්තියකට ඇතුළත් කර නැවත රැගෙන යැම සඳහා පසුගිය 10 වැනිදා පස්‌වරුවේ නුගේගොඩ සිට හෝකන්දර දක්‌වා ගමන් ගන්නා බස්‌ රථයකට නැග ඇති බවත් එසේ යන අතරතුර ඇයගේ අසුන අසල සිටගෙන ඇති පුද්ගලයෙකු ඇයගේ පියයුරු ස්‌පර්ෂ කර තිඛෙනවා. එහිදී ඇය ඔහුට පහර කීපයක්‌ ගැසීමෙන් පසුව ඇඹුල්දෙණිය හන්දියේදී එම පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.එම පුද්ගලයා නුගේගොඩ අතිරේක මහෙස්‌ත්‍රාත් අරුනි ආටිගල මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රු. 50,000 ක ශරීර ඇපයක්‌ මත මුදාහැර තිඛෙන අතර මේ පිළිබඳව මිරිහාන මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන් ජයලත් මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරනවා.

0 comments:

Proudly Powered by Blogger.