Monday, November 17, 2014

IS සටන්කාමීන් බිලි ගත් තෙවන අමෙරිකානු සහන සේවකයා

by Api Nodanna Live  |  at  4:20 AM

IS සටන්කාමීන් බිලි ගත් තෙවන අමෙරිකානු සහන සේවකයා
අයි.එස්. ස‍ටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි අමෙරිකානු සහන සේවක අබ්දුල් රහමන් කසිග්(26) හිස ගසා ඝාතනය කිරීම කෘර ක්‍රියාවක් බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
බී.බී.සී. ලෝක සේවය පැවසුවේ ඔහු ඝාතනය කරන ආකාරය ඇතුළත් වීඩියෝ පටයක් අයි.එස්. සටන්කාමීන් විසින් ට්විටර් වෙබ් අඩවියට මුදාහැර ඇති බව ය.
ලෙබනනයේ සහ සිරියාවේ පුන්‍යායතනයක සේවය කළ අබ්දුල් රහමාන් පසුගිය වසරේ අයි.එස්. සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයට පත් විය.
skynews.img.1200.745
රහමන්ගේ දෙමව්පියන් පවසා ඇත්තේ සි‍රියානුවන්  කෙරෙහි ඔහු තුළ තිබූ ඇඩි සෙනෙහස නිසා ඔහුට මෙම ඉරණම අත් වූ බව ය.
අයි.එස්. සටන්කාමින් මේවනවිට අමෙරිකානු ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු හා බ්‍රිතාන්‍ය සහන සේවකයින් දෙදෙනෙකුගේ හිස ගසා මරා දමා තිබේ.
කෙසේ වෙතත් අදාළ වීඩියෝ පටයේ සත්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති අතර අමෙ‍රිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජිතයින් මෙහි සත්‍යතාව තහවුරුකර ගැනීමට පරීක්ෂණ  ආරම්භ කර තිබේ.

0 comments:

Proudly Powered by Blogger.