ග්‍රහ මණ්ඩලයේ ඉතා කුඩාම ග්‍රහ තරුව ලෙස සැලකෙන බුධ ග්‍රහයා සුරතල් දරුවකුගේ ගතිගුණ ගනී. තමාට සංයෝග වූ වෙනත් ග්‍රහයන්ගේ ගතිගුණ බුධ අනුගමනය කරයි. ජෝතීර්වේදයට, විද්‍යා ශාස්ත්‍ර ඉගෙනීම් කටයුතුවලට බුධ දක්ෂය. ලිවීමට කියවීමට ග්‍රන්ථකරණයටද විනෝද සංගීත කලා කටයුතු කෙරෙහිද බුධ වැඩි කැමැත්තක් දක්වයි. එසේම ගණිත මිනිත කටයුතු කෙරෙහිද දක්ෂතා දක්වයි. කන්‍යා රාශියේදී බුධට උච්ච හා ස්වක්ෂේත්ර බල දෙකම පිහිටන නිසා "විදුරවි" යෝගය යෙදෙයි. ඉකුත් සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය ලෙසින් ගෙවුණේ බුධ කන්‍යාවේ සිටීම නිසා විය හැකිය. කේන්ද්‍ර සටහනේ බුධ බලවත්ව සිටීමෙන් බුධ මහ දශා කාලය ද ඒ වන විට ලබා ඇත්නම් යහපත් ඵල ලබාදෙයි. අඳුරු පැත්ත පොළවට හැරී තිබෙන විටෙක බුධ මහදශාව ලැබුවහොත් අදාළ කාලයේ ශුභ ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකිය. බුධ දුබලවීමෙන් කතා කිරීමේදී ගොත ගැසේ. ඇතැම්විට බුධ ඉතාමත් අශුභව පිහිටීමෙන් ගොළුවීමටද පුළුවනි.
2014 නොවැම්බර් 04 දා බුධ ග්‍රහයා සිකුරුට අයත් තුලා රාශිගත වීමෙන් ඔබගේ ලග්නයට බුධගේ ආකර්ෂණය කෙසේදැයි විමසමු. තුලා රාශිය බුධට මිත්‍ර රාශියකි. බුධ සමඟ සිකුරු නොවැම්බර් 12 දක්වා එකට සිටී. බුධ තුලා රාශිගතවීමෙන් තද ස්ථිර ගතියක් ඇති නොවේ. එසේම විනෝදය, සංගීතය. සතුට ගැන එතරම් ආශාවක්ද නැත. එහෙත් ගුණයහපත් කටයුතු කෙරෙහි සිත් යොමු වේ. දියුණුව ගැන සිතයි. බොහෝ දෙනා සමඟ සමගියෙන් සමාදානයෙන් කටයුතු කරයි. කලබල බවින් තොරව සාමකාමීව කටයුතු කරගනී.
මේෂ - මේෂ ලග්න හිමියන්ගේ 07 වැන්න සිකුරු හිමි තුලා රාශිය වෙයි. මෙම ස්ථානය විවාහයට හා හිතමිතුරන්ට සම්බන්ධ වන නිසා අවිවාහකයන්ට විවාහ මංගල කටයුතු සාර්ථක වේ. විවාහය හදිසියේම සිදුකර ගතහොත් පසුව කරදර ඇතිවීමට පුළුවනි. කාමාශා බලවත් වේ. හවුල් ව්‍යාපාරවලින් අධික ලාභ ලබයි. මිත්‍ර සම්බන්ධකම් ඇතිකරගනී. මානසික කරදර පවතී.
වෘෂභ - ලෙඩ රෝග හා සතුරන් පිළිබඳව කියෑවෙන 06 වැන්නට බුධ පැමිණීමෙන් ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට එතරම් ශුභදායක නොවේ. සතුරන් නිසා මුදල් හානි සිදුවේ. ශරීරය දුර්වල වේ. නෑදැ මිත්‍රයන් සමඟ අමනාපකම් ඇතිවිය හැකිය. හමේ රෝග ඇතිවේ. ප්‍රීතියෙන් සිටීමට නොලැබේ.
මිථුන - 05 වැන්නේ බුධ ගමන් කිරීම ඔබට ඉතා යහපත්ය. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. අවංකකමත් නිහතමානීකමත් නිසා සමාජයේ උසස් තැනක් හිමිවේ. සංගීත කලා කටයුතු කෙරෙහි සිත් යොමු වේ. කොයි දෙයක් ගැන වුවත් හොඳින් සිතාමතා කටයුතු කරයි.
කටක - සිව්වැන්නේ බුධ සිටීමෙන් ගෘහ ජීවිතය වාසනාවන්තවේ. ගමනා ගමන කටයුතු වලින් ප්‍රයෝජන සැලසේ. යාන වාහන පහසුව ලබයි. නිවාස ප්‍රශ්න විසඳේ. ගෙයක් පදිංචියට ලැබෙයි. ඇතැම්විට ස්ථාන මාරුවීම් ඇතිවිය හැකිය. සිකුරු සමඟ සිටීමෙන් සැපවත් ජීවිතයක් ගත කළ හැකිවේ.
සිංහ - සමාජ සේවා කටයුතුවල නිරත වේ. සහෝදරාදීන් සමඟ වැඩි හිතවත්කම් ඇතිකරගනී. ගමන් බිමන් අධික කාලයකි. ශාස්ත්‍රීය අංශයෙන් උසස් තත්ත්වයක් හිමි වේ. ශරීරය ලස්සන වෙයි. අන් අයට ප්‍රියවේ. ගෞරවයට හා කීර්තියට ලක් වේ. කිසිවකු විරුද්ධ කර නොගනී.
කන්‍යා - බුධ ධනස්ථානයේ (02) ගමන් කරන නිසා කථාවෙන් බහෙන් අන් අයගේ සිත් දිනා ගනී. සමානාත්මතාවය රැකගෙන කටයුතු කරයි. තමාට හිමි නියම තත්ත්වය ලැබීමට ප්‍රමාද විය හැකිය. මුදල් අතින් කරදර අඩුයි. ධනය ලබයි. සිකුරු සමඟ බුධ සිටීමෙන් විනෝද කටයුතු ප්‍රියකරයි. ජනප්‍රියතාවයට පත් වේ.
තුලා - කල්පනා ශක්තිය ඉතා හොඳයි. කිසිවකු විරුද්ධ කර නොගනී. ස්ථානෝජිතව කටයුතු කරයි. වගකිවයුතු රැකියා නිලතල ලැබීමේ භාග්‍ය ඇත. සමාජයෙන් ගෞරවය කීර්තිය ලබයි. භාෂා ශාස්ත්‍ර ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ශුභ කාලයකි. කවට බස් කියයි. හැම වැඩක්ම හොඳින් යහපත් ලෙස කර ගනී.
වෘශ්චික - බුධ 12 වැන්නේ ගමන් කරන නිසා සිතට ගතට විවේකය අඩුයි. උන් හිටි ගමන් ගමන් බිමන් යෙදෙයි. ආදායමට වඩා වියදම සැරයි. සිකුරු සමඟ බුධ සිටීමෙන් අනවශ්‍ය කරදරවලට පැටලිය හැකිය. විවාහ ජීවිතයේ ගැටලු ඇති කරයි. පිටරට ගමන් යෙදීමට පුළුවනි.
ධනු - අයස්ථානයේ බුධ ගමන් කරන නිසා සාධාරණ ලෙස කටයුතු කරයි. ශාස්ත්‍රිය අංශවලින් ප්‍රයෝජන සැලසේ. පොත්පත් ලිවීම, කියවීම වැනි දේට සිත් දෙයි. පිරිස් බලය ලබයි. ආදායම් තත්ත්වය යහපත්ය. සමාජ ආශ්‍රයන් අවිවාහක අයට විවාහ කටයුතු සාර්ථකවේ. සහකරු/ සහකාරිය වාසනාවන්තයි.
මකර - බුධ 10 වැන්නේ ගමන් කිරීම යහපත්ය. ඉගෙනීම් කටයුතු විශේෂයෙන් "නීතිය" ගැන දැනුම ලබයි. වැඩිහිටියන්ගේ ආධාරය උපකාරය ලබයි. උසස් රැකියාවක් කිරීමට භාග්‍ය තිබේ. පාලන බලතල හෝ රැකියාවෙන් උසස් වීම් ලබයි. රහසිගත කටයුතු වලින්ද ආදායම් ලබයි. ප්‍රසිද්ධියට පත් වේ.
කුම්භ - හොඳ නරක දෙපැත්තම බලා වැඩකටයුතු කර ගනී. වැඩට දක්ෂයි. පියාට ආදරය කරයි. උසස් අධ්‍යාපනයට යොමු වේ. සංගීත කලා කටයුතු ප්‍රිය කරයි. ආගමික අංශයේ උසස් දැනුමක් ලබයි. ප්‍රේම සම්බන්ධතා ඇති කර ගනී. අවිවාහක අයට විවාහ කටයුතු ඇති වේ. වාසනාවන්ත දරුවන් ලබයි. ව්‍යාපාර කටයුතු වලටද ශුභයි.
මීන - 08 වැන්නේ බුධ ගමන් කිරීම යහපත් නැත. ඥතීන් හා අසල්වාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ නොහැකිය. අඩුපාඩු කරදර නිතර ඇති කරයි. විවාහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න ඇති කරයි. තමාට සහයෝගය දැක්වීමට සිටින අය විශ්වාසදායක නොවේ. මුදල් පිළිබඳ ප්‍රශ්න - අඩුපාඩු ඇති කරයි. ඉගෙනීම් කටයුතුවලට අයහපත් කාලයකි. ඉගෙනීමට බාධා ඇති වෙයි.
මීරිගම - විද්‍යාල මාවතේ
ආර්. ඇම්. ටී. බී. රත්නායක
0 comments: