Monday, November 17, 2014

ඔබාමා, සුකී සිපගනී..

by Api Nodanna Live  |  in World News at  4:05 AM

ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බුරුම විපක්‍ෂ නායිකා අවුන් සාන් සුකීගේ කන සිපගෙන ඇතැයි වාර්තා වේ.
සිය ආසියානු සංචාරය තුළදී මියන්මාරයට පැමිණි ඔබාමා රැන්ගුන් නුවර පිහිටා ඇති සුකීගේ නිවහන වෙත ගොස් තිබේ.
එහිදී මාධ්‍ය ඇමතූ ඇමරිකානු ජනාධිපතිවරයා ටයිටේනියම්  ඕකිඞ් මල ලෙස හැඳින්වෙන සුකීට මියන්මාර් ජනාධිපතිවරණයට සහභාගී වීමේ අයිතිය අහිමි කිරිමට ගෙන ඇති තීරණය විවේචනයට ලක්කර ඇත.
දශක දෙකක පමණ කාලයක් පුරා නිවාස අඩස්සියේ පසුවූ මියන්මාර විපක්‍ෂ නායිකාව මින් වසර 4කට පෙර නිදහස් කරනු ලැබිණි.
කෙසේවෙතත් එරට ව්‍යවස්ථාවේ වගන්තියක් මත සුකීට ජනපතිධුරය සඳහා තරග වැදිය නොහැකි බවට අධිකරණය විසින් තීරණය කර තිබේ.
මියන්මාර ව්‍යවස්ථාවට අනුව විදෙස් පුරවැසියකුට සමීප සම්බන්ධයක් ඇති පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට සහභාගී වීමට අවස්ථාව නොමැති අතර සුකීගේ මියගිය සැමියා සහ පුතුන් බි‍්‍රතාන්‍යයේ පුරවැසියන් වේ.
බරැක් ඔබාමා පවසා ඇත්තේ දරුවන් නිසා යමෙකුට ජනාධිපතිවරණයේ තරග වැදිය නොහැකි වීම තමන්ට තේරුම් ගත නොහැක්කක් බවයි.
ඔහු සිය කථාවෙන් පසුව අවුන් සාන් සුකීගේ වම් කනට හාද්දක් පිරිනැමූ බව පැවසේ.
කෙසේවෙතත් මෙම සිදුවීම මිෂෙල් ඔබාමා කෙසේ භාරගනීද යන්න සැක සහිත වන බව වාර්තාකරුවන් පවසති.
මැන්ඩලාගේ අවමංගල්‍යයට සහභාගීවූ ඔබාමා සහ ඩෙන්මාර්ක් අගමැතිනි හෙලේ තොර්නින් ෂ්මිට්ගේ හැසිරීම ගැන මිෂෙල් නොමනාපයෙන් සිටි බව මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබිණි.

0 comments:

Proudly Powered by Blogger.