
මියගිය දෙදෙනාම ගැහැණු ළමුන් වේ.
පොලීසිය පැවසුවේ අද පස්වරු 5.30ට පමණ අනතුරෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.
අනතුර සිදුවන අවස්ථාවේ උපකාරක පන්ති සඳහා පැමිණි පිරිසක් හා දහම් පාසල් සිසුවියන් පිරිසක් බස් නැවතුම්පොළ තුළ රැඳී සිට තිබේ.
අනතුරට ලක්වූවන් ගල්නෑව හා විලච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
ඊට සම්බන්ධ බවුසරය යුද හමුදාවට පවරාගත් එකක් වන අතර එය පැදවූ තිසාවැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු ලාන්ස් කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඔහු එම අවස්ථාවේ බීමත්ව රිය ධාවනය කර ඇති බව අනාවරණ වූ බවය.
0 comments: